කේරල ගංජා කිලෝ 7 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල නගරයේදී ලොරි රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අද (26) රාත්‍රී අත්අඩංගුවට ගත් බව බුත්තල පොලිසිය පවසයි. 26 November 2019
සතොසේ වංචාවක් ගැන පැමිණිල්ලක් වී අලෙවි මණ්ලයෙන් මිලදී ගන්නා ලද වී මෙට්‍රක් ටොන් පනස් දහසක් සහල් බවට සකස් කර විකිණීමේදී සතොස විසින් වංචා සහගත ලෙස ව්‍යාපාරිකයින්ට එම වී ලබාදී නැවත වාසි මිලකට මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත අද (26) කරුණු වාර්තා කළේය. 26 November 2019
මාධ්‍ය උපමාන නීතිගත කරන්නයි මැකෝ ඉල්ලයි ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධීන හා සාධාරණ ලෙස පැවැත්වීම තහවුරු කිරීම සඳහා මාධ්‍ය උපමාන නීතියක් ලෙස සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහාය ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය. 26 November 2019
‘නව රජයේ සෑම නිවැරදි තීන්දුවකටම ටීඑන්ඒ සහයදෙනවා’ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ නව රජය විසින් ගෙන යනු ලබන සෑම නිවැරදි ක්‍රියාමාර්ගයකටම දෙමළ ජාතික සන්ධානය වශයෙන් සහාය දක්වන බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය. 26 November 2019
‘‘එඩින්බරෝ සරසවියෙන් දුන් ආදී මානවයින්ගේ අස්ථි තැන්පත් කරන්න ආරක්ෂිත තැනක් ඕන‘‘ එඩින්බරෝ විශ්ව විද්‍යාලය විසින් සිදුකරන ලද පරීක්ෂණ වලින් පසු වසර 300 ක් පමණ පැරණි ආදිවාසි මානවයන්ගේ හිස්කබල් හතක් සහ ශරීර දෙකකට අයත් අස්ථි කොටස් ආරක්ෂාකාරීව තැන්පත් කිරීම සඳහා දඹාන ආදිවාසී කෞතුකාගාරය නවීකරණය කළයුතු බව ආදි වාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පැවසීය. 26 November 2019
දේශපාලනිකව අනාවරණය වන පුද්ගලයින් ගැන වෙබ් අඩවියක් දේශපාලනිකව අනාවරණය වී ඇති පුද්ගලයින් පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සකස්කළ අන්තර් ජාලීය තොරතුරු ලේඛනය අද (26) දියත් කරනු ලැබීය. 26 November 2019
ඔක්ස්ෆෝඩ් ශබ්දකෝෂය වසරේ වචනය ලෙස ‘‘climate emergency‘‘ නම් කරයි ඔක්ස්ෆෝඩ් ශබ්දකෝෂය climate emergency හෙවත් ’’දේශගුණ විපර්යාස පිළිබඳ හදිසි තත්ත්වය’’ මෙවර වසරේ වචනය ලෙස නම් කරයි. 26 November 2019
කොළඹ වායු දූෂණය යළිත් ඉහළට කොළඹ නගරයේ වායුගෝලීය දුවිලි අංශු ප්‍රමාණය ඉදිරි දිනවල යළිත් ඉහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 26 November 2019
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ධූරය මොහාන් සමරනායකට ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා නව ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ධූරයට පත් කරනු ලැබ ඇත. 26 November 2019
මස් පළුව ඇතුළේ දුරකතන-මත්කුඩු පැකට් කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකු බැලීමට පැමිණි පුද්ගලයකු ගෙනා කෑම පාර්සලයක, කුකුළු මස් පලුවක තිබී ජංගම දුරකථන 2ක් සහ මත්කුඩු පැකට් 2ක් අද(26) සොයාගත් බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 26 November 2019
රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීම හෙට නව රජයේ රාජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දීමේ නිල උත්සවය හෙට( 27) උදෑසන 9ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරියේදී සිදු කිරීමට නියමිතය. 26 November 2019
වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහි නඩුව කල් යයි මාළබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපාහාසයක් සිදු කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම් විභාගය ලබන මාර්තු 24 වැනිදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද (26) තීන්දු කළේය. 26 November 2019
‘එජාප අරමුදල් ප්‍රශ්නයට හේතුව මැතිවරණ ප්‍රචාරණ නීති නැතිකමයි’ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පක්ෂ නායකයන් අතර මතුව ඇති විවාදයෙන් ඔප්පුවන්නේ දේශපාලන ප්රචාරක වැය සම්බන්ධයෙන් කඩිනමින් නීති සම්පාදනය කළ යුතු බව යැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 26 November 2019
පූජිත්-හේමසිරිට ඇප ඉල්ලා මහාධිකරණයට ඇප අයැදුම් දෙකක් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රික්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුට ඇප නියම කරන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණයට වෙන වෙනම ඇප ඇයැදුම් දෙකක් ඉදිරිපත් කර ඇත. 26 November 2019
ලබන පාසල් වාරයේදී සියලු සිසුන්ට නිල ඇඳුම් ලබන පාසල්වාරය අවසානයේදී සියලු පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 26 November 2019
ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ධර්මරත්නට වරෙන්තු ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීව සිටි ඩී.ඩබ්.ධර්මරත්න මහතා අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ඔහුට එරෙහිව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ආර්.වී.එන්.කේ. රන්කොත්ගේ මහත්මිය අද (26) වරෙන්තු නිකුත් කළාය. 26 November 2019
කල් ඉකුත් වෙන්න ළඟ ඖෂධ තුනක් ලංකාවේ ජීව කාලය අඩු ඖෂධ වර්ග තුනක් ඉකුත් වසරේ මෙරටට ගෙන්වා ඇතැයි ආනයන අපනයන පාලක ජනරාල් දෙපාර්තමේන්තුවේ සිදුකරන ලද 2018 වසරේ විගණන වාර්තාවේ සඳහන් වේ. 26 November 2019
මධ්‍යම පළාත් සිසු නිපුණතා ප්‍රශ්න පත්‍රයේ දොස් ඇතැයි ගුරුවරු කියති මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පළාතේ සිසු නිපුණතා සාධන බැලීමේ පරීක්ෂණ විභාගය සඳහා 5 ශ්‍රේණිය සිසුන් සඳහා එවා තිබූ ප්‍රශ්න පත්‍රය දැඩි දෝෂ සහිත ගුරුවරු චෝදනා නගති. 26 November 2019
මුසම්මිල්-ජයන්තගේ රට ගමන් තහනම ඉවතට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර යන මහත්වරුන් වෙත අධිකරණයෙන් පනවා තිබූ විදෙස් ගමන් තහනම් කිරිමේ නියෝගය ඉවත් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය. 26 November 2019
රේගුවේ හිටපු ලොක්කන් දෙදෙනාගේ රට ගමන් තහනම අවලංගු කරයි ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ජගත් පී.විජේවීර මහතා සහ එහි හිටපු සහකාර අතිරේක රේගු අධ්‍යක්ෂක තාරක සෙනවිරත්න යන මහත්වරුන් වෙත අධිකරණයෙන් පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන මාර්තු 31 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි අවලංගු කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය. 26 November 2019
මහමෝදරින් ඒඩ්ස් රෝගීන් 8 ක් ගාල්ල මහමෝදර ලිංග්‍රාශ්‍රිත රෝග සායනයෙන් මේ වසර තුළ ඒඩ්ස් රෝගය වැළඳී ඇති රෝගීන් 8 දෙනෙකු සොයාගත් බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ මහමෝදර ශික්ෂණ රෝහල් සායනයේ විශේෂඥ වෛද්‍ය දර්ශණී විජේවික්‍රම මහත්මිය ප්‍රකාශ කළාය. 26 November 2019
කරූ දිගටම කතානායක තනතුරේ කරූ ජයසූරිය මහතා ඉදිරියටත් කතානායක ධුරයේම තබා ගැනීමට රජය තීරණය කර ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. 26 November 2019
’දිගටම නායකත්වයේ ඉන්න අදහසක් රනිල්ට නැතිලු’ දිගින් දිගටම පක්ෂ නායකත්වයේ කටයුතු කරන්නට තමන්ගේ බලාපොරොත්තුවක් නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ට දැනුම් දී තිබේ. 26 November 2019
පාර්ලිමේන්තු වාරය අවසන් කිරීමේ සූදානමක් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය ලබන 29 වැනිදාට යෙදී තිබෙන හෙයින් ඊට කලින් පාර්ලිමේන්තු වාරය අවසන් කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වේ. එබැවින් ජනාධිපතිවරයා විසින් ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවාරය අවසන් කරනු ඇතැයි දැනගන්නට ඇත. 26 November 2019
පස්සර නායයාමක් : 28 ක් ඉවතට පස්සර නිකේබැද්ද ආගරතැන්න ඉහළ කොටසේ පිහිටි කෑරගල කන්ද ආශ්‍රිතව පස් කන්දක් සමඟ ගලක් පෙරලී නිවසකට බරපතල හානි සිදුව ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 26 November 2019
බෙරගල - වැල්ලවාය මාර්ගයේ ගමනාගමනයට බාධා බෙරගල - වැල්ලවාය මාර්ගයේ ලේමස්තොට 193 කණුව අසළ දී, අද (26) මාර්ගයට දැවැන්ත ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව ආපදා කළමනාකරන කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 26 November 2019
හම්බන්තොට වරාය චීනයට බදු දීම ගැන ජනපති අප්‍රසාදය හම්බන්තොට වරාය 99 අවුරුද්දකට චීනයට බදු දීම පසුගිය ආණ්ඩුව කළ වරදක් යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත 25 November 2019
ජර්මනියේ කෞතුකාගාරයකින් දියමන්ති කට්ටල 3 ක් සොරාගෙන ජර්මනියේ නැගෙනහිර ඩ්‍රෙස්ඩන් ග්‍රීන් වෝල්ට් කෞතුකාගාරයෙන් ඉහළ වටිනාකමකින් යුත් දියමන්ති ස්වර්ණාභරණ කට්ටල තුනක් සොරකම් කර ඇතැයි වාර්තා වේ. 25 November 2019
ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරඟයේ පළමු තැන ලංකාවට ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ යූ. ජී. දිදුල ආදිත්‍ය ශිෂ්‍යයා සමත්වී ඇත. 25 November 2019
‘මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව නැවත විමසා බලනවා’ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ සම දායකත්වය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ යෝජනාව නැවත විමසා බලන බව විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) පැවැසීය. 25 November 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026