සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්රකාශනය මහනුවරදී එළිදක්වයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය මෙම මස 31 වැනිදින මහනුවරදී එළිදක්වන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 28 October 2019
‘සාධාරණ - ප්‍රායෝගික ආර්ථික ක්‍රමවේදයක් මත කටයුතු කරනවා’ සාධාරණ, ප්‍රායෝගික, ජනතාවට සෙත සැලසෙන රට ඉදිරියට ගෙන යෑමට හැකි ආර්ථික ක්‍රමවේදයක් මත කටයුතු කරන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. 28 October 2019
ඡන්ද පත්‍රිකා ගබඩා කර ඇති තැපැල් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව ඉල්ලයි ජනාධිපතිවරණයට අදාල ඡන්ද පත්‍රිකා ගබඩා කර ඇති තැපැල් කාර්යාලවලට මැතිවරණය අවසන් වන තෙක් පොලිස් ආරක්ෂාව සපයන ලෙසට මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 28 October 2019
ජනාධිපති වී මාස තුනක් ඇතුළත තරුණ ප්‍රතිපත්තිය නීතිගත කරනවා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් ඉදිරිපත් කළ තරුණ ප්‍රතිපත්තිය තමන් ජනාධිපති පදවියට පත්වී පළමු මාස තුන ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කරන බව එම පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප්‍රකාශ කළේය. 28 October 2019
පැෆරල් සංවිධානය සමෘද්ධි අධ්‍යක්ෂකට එරෙහිව නඩු පවරන්න යයි මැතිවරණ නීති උල්ලංඝණය කිරීම, රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම සහ අලුතින් සමෘද්ධි සහනාධාර කාඩ්පත් බෙදාදීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් සමෘද්ධි අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් (පැෆරල්)සංවිධානය කියයි. 28 October 2019
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටුවක් අරී මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (28) පැවති වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ එක් වාන් දොරටුවක් වනවිටත් විවෘත කර ඇත. 28 October 2019
‘කුඩු දිලීප’ රිමාන්ඩ් රිවෝල්වරයක් සන්තකයේ තබාගෙන සිටියදී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් පාතාල කි‍්‍රයාකාරිකයකු වූ ‘‘කුඩු දිලීප’’ නැමැත්තා ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය. 28 October 2019
පුත්තලමේ පීඩාවට පත් පිරිස 31,318 දක්වා ඉහළට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 15ක ගංවතුරින් හා මහ වැසි හේතුවෙන් පීඩාවට පත්වු පිරිස අද(28) වනවිට 31,318 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි. 28 October 2019
ඇමැති ෆවුසිගේ ප්‍රකාශයක් ගැන විමර්ශනයක් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා සිදුකළැයි කියන ප්‍රකාශයක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ. 28 October 2019
අකිල ගැන බන්දුලගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දිවයිනේ ජනප්‍රිය පාසල් 54 ක් ක් ඇතුළු පාසල් 364 ක් සඳහා ළමුන් 48,000 ක් ඇතුළත් කිරීමට අධ්‍යාපන ඇතැම් අකිල විරාජ් කාරියවසම් මහතා විදුහල්පතිවරුන්ට කළ නියෝගයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද ( 28) පැවසීය. 28 October 2019
ඇල්ල-වැල්ලවාය මාර්ගය තවදුරටත් වසා දැමීමේ තීරණයක් ඇල්ල- වැල්ලවාය මාර්ගය තව දුරටත් තාවකාලිකව වසා දැමීමට බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (28) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්චාවකදි තීරණය කෙරිණි. 28 October 2019
ඉම්තියාස් කාදර්ට ඇප ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල ආසන සංවිධායක ඉම්තියාස් කාදර් මහතා ඇප මත නිදහස් කරන ලෙස අද(28) කෑගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා නියෝග කළේය. 28 October 2019
මුහුද රළු වෙයි:දකුණු වෙරළබඩ ප්‍රදේශයේ රළ ගොඩබිමට ඒමේ අවදානමක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය අද දිනයේදී දකුණු මුහුදු ප්‍රදේශය හරහා බටහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇති බවත් ඒ හේතුවෙන් අම්බලන්ගොඩ සිට මාතර දක්වා වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 October 2019
ජනපති යළි දිවයිනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපානයේ තෙදින නිල සංචාරය නිමා කර දිවයිනට පැමිණියේය. 28 October 2019
අගමැතිගෙන් ට්‍රම්ප්ට සුබ පැතුම් අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ නායකයා මරා දැමීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයට සුබ පැතුම් එක් කර ඇත. 27 October 2019
නවීන තාක්ෂණය සහිත විශ්ව විද්‍යාල රැසක් පිහිටුවනවා තමා බලයට පත්වීමෙන් පසුව නවීන තාක්ෂණය සහිත නව විශ්ව විද්‍යාල රැසක් රටපුරා පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මාතලේදී අද (27) පැවසීය. 27 October 2019
අයි.එස්. නායකයා මියගිය බව ට්‍රම්ප් තහවුරු කරයි අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියගිය බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කළේය. 27 October 2019
ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ යවන්න කොමිසමෙන් දුන්න මුදල් මදි ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් යැවීම ඇතුළු සියලුම තැපැල් වියදම් සඳහා මැතිවරණ කොමිසම රුපියල් මිලියන 4190 ක් ලබාදී ඇතත් ඒවා නොමිලයේ යැවීම සඳහා පමණක් රුපියල් මිලියන 3000 ක් පමණ ප්‍රකාශිත නොවන වියදමක් දැරීමට සිදුවී ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය. 27 October 2019
පළාත් පහකට තද වැසි දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙහි පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් පළාත් පහකට අනිද්දා (29) දක්වා තද ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 October 2019
‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන‘ගිවිසුමට අත්සන් තැබීම 31 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවන ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම එම දෙපාර්ශවයේ නායකයින්ගේ සහභාගීත්වයෙන් මෙම මස 31 වනදා කොළඹ දී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. 27 October 2019
වෛද්‍ය පාදෙණියගේ ක්‍රියාකලාපය ගැන පරීක්ෂණයක් ඉල්ලයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්රකාශනය එළි දැක්වීමේ උළෙලට සහභාගි වීමෙන් එම සංගමයේ සාමාජිකත්වයට වක්‍ර බලපෑමක් සිදුවන බවත්, ඒ පිළිබඳව සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 27 October 2019
ඕස්ට්‍රේලියාවට ලකුණු 134ක දැවැන්ත ජයක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඩ්හිදී පැවැති පළමු වි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ලකුණු 234 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට රැස්කිරීමට හැකිවූයේ ඕවර 20ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 99ක් පමණි. 27 October 2019
වෙළඳ කලාපවලටත් ඡන්ද මධ්‍යස්ථාන ඉල්ලයි නිදහස් වෙළද කළාපවල සේවය කරන ලක්ෂයකට අධික සේවක සේවිකාවන් වෙනුවෙන් කලාප ආශ්‍රීතව ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවන්නැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත. 27 October 2019
ශ්‍රී ලංකාවට 234ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඩ්හිදී පැවැත්වෙන පළමු වි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 233 ක් රැස්කළේය 27 October 2019
අයිසිස් නායකයා මරුට ඇමෙරිකා එක්සත් ජනපදය කළ මෙහෙයුමක් අතරතුරදී අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදි මියගොස් ඇති බව ඇමෙරිකානු බලධාරීන් උපුටා දක්වමින් පුවත් ආයතන වාර්තා කර ඇත. 27 October 2019
ඇල්ල-වැල්ලවාය මාර්ගය දිගටම වහලා නාය යාමකට ලක්ව ගල් හා පස් මාර්ගයට කඩාවැටීමෙන් වසා දැමූ ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගය තව දුරටත් වසා තැබීමට තීරණය කළ බව බ දුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසීය . 27 October 2019
‘කුඩු දිලීප’ අත්අඩංගුවට මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන දිලිප් තරංග හෙට්ටිආරච්චි හෙවත් ‘කුඩු දිලීප’ නමැත්තා ගිනි අවි සහ තියුණු ආයුධ සමඟ අද(27) අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි. 27 October 2019
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (27) ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වි20 තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. 27 October 2019
එංගලන්තය අවසන් මහ තරගයට සැමෝවා සම්භවයක් ඇති නමුත් එංගලන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරන සෙන්ටර් ක්‍රීඩක මානු තුයිලගායි වේලාසනින්ම ලබාගත් උත්සාහක දිනුමත් ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා වූ ජෝර්ජ් ෆෝඞ් සාර්ථක කරගත් දඬුවම් පහර 4 ත් නිසා අපහසුවකින් තොරවම නවසීලන්තය පරාජය කළ එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 26 October 2019
අනවසර කැණීම් කළ 5ක් අත්අඩංගුවට ගල්කිරියාලම උදුරව දකුණ බොබැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් පසුපස පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ බවට සැක පිට පුද්ගලයින් 5 දෙනෙකු ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් ඊයේ (25) සවස අත්අඩංගුවට ගෙන තිබේ. 26 October 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026