බැඳුම්කර වංචා ගැන වාර්තාවේ විගණන මේ වසර නිමවීමට පෙර අවසන් කරනවා බැඳුම්කර වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව කෙරෙන වෝහාරික විගණන මේ වසර නිමවීමට පෙර අවසන් කළ හැකි යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (2) පැවැසීය. 02 January 2019
ඇමැති කිරිඇල්ලට ජනපතිගෙන් පිළිතුරු රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අමාත්‍යංශය යටතේ ආයතන හතරක් පමණක් ගැසට් කර ඇත්තේ ඔහුගෙන් පලිගැනීමේ අදහසකින් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 02 January 2019
මන්නාරම් මිනීවලේ කැනීම් යළි අරඹයි පසුගිය දෙසැම්බර් 21 වැනි දා සිට තාවකාලිකව නවතා තිබූ මන්නාරම් සමූහ මිනීවලේ කැනීම් කටයුතු යළි ආරම්භ කිරීමටත් එම මිනීවල අද (2) සිට පුළුල් කිරීමටත් පියවර ගත් බව කැනීම් කටයුතු බාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කීය. 02 January 2019
මාවනැල්ලේ බුදු පිළිම කැඩූ හත් දෙනා රිමාන්ඩ් මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් හත් දෙනා අද (02 ) මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ජනවාරි මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල දිසා විනිසුරු මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය. 02 January 2019
පහළ යාන්ඔයෙන් ඉඩම් අහිමිවූවෝ ප්‍රා.ලේ කාර්යාලය වටලති පහළ යාන්ඔය ව්‍යාපෘතියෙන් අහිමි වූ ඉඩම් සඳහා වන්දි ලබාදීම ප්‍රමාද වීමත් ඒ සඳහා රජයේ මැදිහත්වීම අවම මට්ටමක පවතින බව පවසමින් ඉඩම් අහිමි වූ ජනතාව අද (2) විරෝධතාවයක් ඇරඹුහ. 02 January 2019
අද්මිරාල් සේරසිංහගෙන් ප්‍රකාශ සටහන් කරගනී පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකුට බාධා කළැයි නාවික හමුදාවේ ගොඩබිම් මෙහෙයුම් අධ්යක්ෂ රියර් අද්මිරාල් සේරසිංහ මහතාගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (02) අධිකරණයට දැනුම් දුන්නේය. 02 January 2019
ඉතාලියේදී උපන් 2019 මුල්ම දරුවන් සිව්දෙනාගෙන් අයෙක් ශ්‍රී ලාංකිකයෙක් නව වසර උදාවත් සමඟ ඉතාලියේ රෝම නගරයේ උපත බිලින්දන් සිව් දෙනාගෙන් එක් දරුවෙකු ශ්‍රී ලාංකික මාපිය යුවළකට උපත ලැබූ දරුවෙකු බව එරට මාධ්‍ය වාර්තා කරයි. 02 January 2019
පුත්තලමේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 8ක් රෝහලේ පුත්තලම නොරෝච්චෝලේ දළුව ප්‍රදේශයේ ගෙවල් 80 ගම්මානයේ දෙපිරිසක් අතර අද (01) රාත්‍රීයේ ඇතිවූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ අට දෙනෙකු පුත්තලම රෝහලට ඇතුළත් කළ බව නොරෝච්චෝල පොලිසිය කියයි. 01 January 2019
නව නාවික හමුදාපති වැඩ බාරගනී ශි‍්‍ර ලංකා නාවික හමුදාවේ වශයෙන් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (01) නාවික හමුදා මූලස්ථානයේ දී වැඩබාර ගත්තේය. 01 January 2019
ගංගාරාම පොඩි හාමුදුරුවන්ට සෙත්පතා පිංකමක් අසනීප තත්ත්වයේ පසුවන කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, කොළඹ 02, හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නා හිමියන්ට සෙත් පැතීමේ ආශීර්වාද පිංකමක් ගංගාරාම විහාරස්ථානයේදී අද (1) පැවැත්විණි. 01 January 2019
නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර නාවික හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා අද (1) සිට පත්කර ඇති බව නාවික හමුදාව කියයි. 01 January 2019
අත්අඩංගුවට ගත් බංගලි ජාතිකයන් දෙදෙනාට දින 7 ක රැඳවුම් නියෝග රුපියල් කෝටි 333 ට අධික වටිනා කමකින් යුත් හෙරොයින් කිලෝ 278 ක ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් බංගලිදේශ ජාතිකයන් දෙදෙනකු අද (1) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබා ගත් බව පොලිසිය කියයි. 01 January 2019
දෙමළ ඩයස්පෝරාව බි්රතාන්ය පාර්ලිමේන්තුවේ සහාය ගන්න සැරසෙයි මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකා රජය ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග වලට බි්රතාන්ය පාර්ලිමේන්තු සහාය ලබා ගැනීමට එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව කටයුතු කරමින් සිටින බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 01 January 2019
යුක්තිය ඉල්ලූ දැරිය වෙනුවෙන් අම්පාර දිසාපති ඉදිරියට එයි තමන් පදිංචිව සිටින ඉඩම නිරවුල් කර ආබාධිත පියා සහ මව සමඟ නිදහසේ ජීවත්වීමට අවස්ථාව සලසාදෙන ලෙස ඉල්ලා වයස අවුරුදු 14 ක දැරියක් අම්පාර නගරයේ ඔරලෝසු කණුව අසල අද (1) විරෝධතාවයක් ආරම්භ කළාය. 01 January 2019
රුපියල් 500 පඩිය වැඩිකිරීම ගැන සාකච්ඡා ඇමැති නවීන් පැමිණි පසු වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා ආරම්භ කරන බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ පලනි දිගම්බරන් මහතා පැවසීය. 01 January 2019
මේ වසර මැතිවරණ වසරක් බව මන්ත්‍රී යාපා කියයි පාර්ලිමේන්තුවේ සුළුතරයක් තබාගෙන දමිළ ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් නැති, දමිළ සංවිධානය සතුටු කිරීමට පමණක් ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයක් 2019 වසරේ දී කිසිම හේතුවක් ඇතිව පාර්ලිමේන්තුව තුළ සම්මත කිරිමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය. 01 January 2019
තවත් ඖෂධ 27 ක මිල අඩුකරන්න යයි මේ වසරේදී ඖෂධ වර්ග 100 ක මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. 01 January 2019
උතුරට ආධාර අරන් දුම්රියක් එයි ජලගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත ආධාර රැගත් කොළඹ සිට ගමන් ආරම්භ කළ දුම්රිය අද (1) කිලිනොච්චිය දුම්රිය ස්ථානයට ළඟාවිය. 01 January 2019
අලුත් අවුරුදු සමයේ අනතුරු සියයට තුනකින් අඩුවෙයි ගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී සිදූවූ අනතුරු 3 % කින් අඩු වී ඇති බව වාර්තා වෙයි. 01 January 2019
ඇලෝසියස්-පලිසේනට ඇප මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පලිසේන යන දෙදෙනාට ඇප ලබා දීමට අද (01) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. 01 January 2019
ජම්පටා වීදියේ වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ කොළඹ ජම්පටා විදීයේ සිදු වු වෙඩි තැබීමකින් තුවාල ලැබු පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි. 01 January 2019
නීතී විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දිවයින පුරා නීතී විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීමට අද (01) සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 01 January 2019
හමුදාවට - තමන්ට පව් වසා ගැනීමේ අවශ්‍යතාවයක් නෑ හමුදාවට සහ තමන්ට පව් වසාගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් රැකදීම සඳහා සටන් කළ බවද උතුරු පළාත් හිටපු අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බවද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (31) පැවසීය. 01 January 2019
උසාවියෙදී වෙඩි තියන්න ගිය පුද්ගලයා රඳවා ගැනීමට අවසර කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් පුද්ගලයකුට වෙඩි තැබීමට උත්සාහ ගත් බව කියන සැකකරු ලබන 04 වැනිදා තෙක් කෙසෙල්වත්ත පොලිසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. 31 December 2018
උසස් පෙළ ප්‍රතිඵල වර්ධනයක් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විද්‍යා ගණිත , ඉන්ජිනේරු සහ ජෛව තාක්ෂණ විෂය ධාරාවල සිසුන්ගේ ප්‍රතිඵල ඉහළ ගොස් තිබේ. 31 December 2018
වැලිකඩ බන්ධානාගරය තුළ ගුවන්විදුලි සේවාවක් ආරම්භ කරන්න යයි සිරගත රැඳවියන්ගේ කුසලතා වර්ධනයට මෙන්ම ඔවුන්ට තොරතුරු දැනගැනීම සඳහා ‘බන්ධනාගාර රැඳවියන්ගේ ගුවන් විදුලි සේවාවක්’ ආරම්භ කිරීමට සූදානම් කර ඇතැයි වැලිකඩ බන්ධානාගර අධිකාරී ටී. උඩුවවර මහතා අද (31) ලංකාදීපයට පැවසීය. 31 December 2018
කෝටි 333 හෙරොයින් සමග බංගලි ජාතිකයන් දෙදෙනෙකු අල්ලයි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 333ක් පමණ වන හෙරොයින් කිලෝ 270 කට වැඩි තොගයක් සමඟ බංග්ලාදේශ ජාතික තරුණයෝ දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායම් විසින් දෙහිවල, කවුඩාන පාරේ නිවෙසක දී අද (31) සවස අත්අඩංගුවට ගනු ලැබූහ. 31 December 2018
හෙට සිට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණට දුරකතන රැගෙන ඒම තහනම් නඩු කටයුතු සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණට පැමිණෙන අයවලුන්ට අධිකරණ භූමියට ජංගම දුරකතන රැගෙන ඒම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හෙට (01) දින සිට තහනම් කර ඇත. 31 December 2018
නව වසරේ පළමු කැබිනට් රැස්වීම අනිද්දා නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (2) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ. 31 December 2018
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමක් 3 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එන මස (3) වැනිදා පස්වරුවේ පැවැත්වීමට නියමිතය. 31 December 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026