ට්‍රම්ප් ශ්‍රී ලංකාවෙන් උපදෙස් ගත්තාද වත්මන් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරවලදී සංවිධානය කෙරෙන මැතිවරණ රැළි ඇතුළු දේශපාලන රැළිවලට මෙච්චරක් පැමිණි බව අච්චරක් පැමිණි බව පැවැසීමට දේශපාලකයෝ උනන්දු වෙති. ඔවුන් එලෙස පැමිණි හෝ සහභාගී වූ ජන සංඛ්‍යාව තම පක්ෂයට ඇති කැමැත්ත ප්‍රකාශ කරන සාධකයක් බවට පත් කරගෙන තිබේ. ඔවුන් ඔළුගෙඩි ගණන එතරම් වැදගත් සාධකයක් කරගත්තද දේශපාලන පක්ෂයකට, ආණ්ඩුවකට හෝ විපක්ෂයකට හෝ මොනයම් හෝ පක්ෂයට ඇති ජන ප්‍රසාදය එමඟින් තීරණය කළ නොහැකි බව පසුගිය වසර තුන හතරක කාලය දෙස බැලීමේදී මෙර 08 September 2018
තරුණ මළසිරුරක් ලේ විලක් මැද අරණායක පොලිස් බල ප්‍රදේශයේ තරුණයෙකු ඊයේ (07) රාත්‍රියේ මිය ගොස් ලේ විලක් මැද වැටි සිටියදි මාවනැල්ල අරණායක පාරේ උස්සාපිටිය සුමංග පාසල ඉදිරිපිටදි අරණායක පොලිසියට ඊයේ 07 රාත්‍රී සොයා ගත් බව අරණායක පොලිසිය කියයි. 08 September 2018
මොරගහකන්ද හතර සැරයක් විවෘත කිරීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි ජනාධිපතිවරයා මොරගහකන්ද ව්‍යාපෘතිය සිව් වතාවක් විවෘත කිරීම ගැන විගණන විමර්ශනයක් පවත්වන්නැයි විගණකාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය. 07 September 2018
බ්‍රිතාන්‍ය මන්ත්‍රීට මුදල් වෙන් කිරීම ගැන පරීක්ෂණ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පෙස්ලි මහතා මෙරට සංචාරයක යෙදීමට ඉකුත් රජය සමයේදී විදේශ කටයුතු අමාත්‍යංශය මගින් නියමිත ක්‍රමවේද උල්ලංඝණය කරමින් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක මුදලක් වැය කිරීමේ සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලිසියට හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බාරදෙන බව විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 September 2018
ලිංගික බලපෑමට ලක්වූ කොස්තාපල් මාරු කිරීම ගැන පොලිස්පති වාර්තාවක් කැඳවයි පොලිස් පරීක්ෂකවරයකුගෙන් එල්ල වූ ලිංගික බලපෑම් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක වත්මන් තත්ත්වය ගැන තොරතුරු පනතින් තොරතුරු ඉල්ලූ පොලිස් කොස්තාපල්වරයකු ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු 07 September 2018
අලි රොෂාන්ට ඇප ව්‍යජ බලපත්‍රයක් උපයෝගි කරගෙන අලියෙකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අලි රොෂාන් නැමැත්තා ඇතුළු තිදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප මත හා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද (07) නියෝග කළේය. 07 September 2018
පෙරාරිවාලන්ගේ සමාව ඉල්ලීමේ අයදුම්පත සළකා බලන්නලු රජිව් ගාන්ධි ඝාතන සිදුවීමට චෝදනා ලැබ සිරදඬුවම් විඳිමින් සිටින ඒ.ජී පෙරාරිවාලන් සමාව ඉල්ලමින් ඉදිරිපත් කර ඇති අයදුම සළකා බලන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට දැනුම් දී ඇත. 07 September 2018
ලංකාවේ එක්සත් ජාතීන්ගේ නව නේවාසික සම්බන්ධීකාරක ලෙස හනා සිංගර් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නේවාසික සම්බන්ධීකාරක ලෙස හනා සිංගර් මහත්මිය පත්වීම් ලැබ ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 07 September 2018
සීදුව අම්බලන්මුල්ල කුණු කන්දේ ගින්නක් කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ සීදුව පිටවීමේ දොරටුව ආසන්නයේ පිහිටා ඇති අම්බලන්මුල්ල කුණු කන්ද අද (07) ගිනි ගැනීම හේතුවෙන් එම ප්‍රදේශය පුරා දැඩි දුමාරයක් පැතිර ගොස් තිබේ. 07 September 2018
විජයකලාට එරෙහිව පියවර ගන්න’යි පොලිස්පතිට උපදෙස් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්ටීටීඊ සංවිධානය ගැන ප්‍රකාශය සම්බන්ධයෙන් දණ්ඩනීති සංග්‍රහය අනුව කටයුතු කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ. 07 September 2018
නීති විරෝධීව අලි ඇතුන් 39ක් විකුණලා නීති විරෝධී ලෙස අලි ඇතුන් 39 දෙනෙක් ඉකුත් රජය සමයේ අලි රොෂාන් විසින් අල්ලා විකුණා ඇතැයි තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය. 07 September 2018
කොමිසම සහ පොලිස්පති අතර ගැටලුව විසඳාගන්න දින 14ක් කල් දෙයි ජාතික පොලිස් කොමිෂන් සභාව හා පොලිස්පතිවරයා අතර මතුව ඇති ගැටළු දින 14ක් ඇතුළත නිරාකරණය කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැනුම්වත් කරන ලෙස අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පොලිස් කොමිසමටත් පොලිස්පතිවරයාටත් දැනුම් දුන්නේය. 07 September 2018
සයිටම් - මුල්ලේරියාව ඒකාබද්ධ රෝහලක් මාලඹේ සයිටම් රෝහල හා මුල්ලේරියාවේ රජයේ රෝහල ඒකාබද්ධ කර නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලක් ඇති කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. 07 September 2018
‘රටේ ආරක්ෂාව ගැන කිසි පැහැදීමක් නෑ’ රටේ ආරක්ෂක කටයුතු සිදුවන අන්දම පිළිබඳ තමන්ගේ කිසිම පැහැදීමක් නැතැයි තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. 07 September 2018
බිලියන 200 ක් පාඩු ලැබූ ශ්‍රී ලන්කන් ගැන තීරණයක් නොගත්තොත් ආර්ථිකය කඩා වැටෙනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2008 වසරේ සිට 2018 වසර දක්වා කාලයේදී රුපියල් බිලියන 200ක පාඩුවක් ලබා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තීන්දුවක් නොගතහොත් ඉදිරියේදී ආර්ථිකය කඩාවැටීමට හේතු විය හැකි බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලංකාදීපයට පැවසීය. 07 September 2018
ස්වාධීන වෛද්‍ය සභාවක් පිහිටුවන්න යයි ස්වාධීන වෛද්‍ය සභාවක් ඉදිරියේදී පිහිටුවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවැසීය. 07 September 2018
‘විශ්ව විද්‍යාල දරුවන්ගේ අනාගතය විනාශ කරන්න දෙන්න බෑ’ මේ රටේ අනාගතය බාර ගැනීමට සිටින විශ්ව විද්‍යාල වලට යන දරුවන්ගේ අනාගතය තවදුරටත් විනාශ කිරීමට ඉඩ දිය නොහැකි යැයි ද නවකවදය සම්බන්ධයෙන් දැඩි දඬුවම් දිය හැකි නීතිය තිබුණත් මෙතෙක් එය ක්‍රියාත්මක නොකළ නමුත් ඒ පනත යටතේ නඩු පවරන ලෙස උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (7) පොලොන්නරුවේ හිඟුරක්ගොඩ දී ප්‍රකාශ කළේය. 07 September 2018
‘නව ව්‍යවස්ථාවෙන් බෞද්ධ ආගමට හිමි ස්ථානයේ වෙනසක් නෑ‘ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැනෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. 07 September 2018
උසස් පෙළ ඇගයීම් වෙනුවෙන් පාසල් 4 ක් වසයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවැනි අදියරේ ඇගයීම් කටයුතු සඳහා යොදාගන්නා පාසල් හතරක් මේ මස 11 වැනි දා සිට 24 වැනි දා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 07 September 2018
නව ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත ළගදීම පාර්ලිමේන්තුවට නව ආණ්ඩුකම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 September 2018
කිරි පැකට් ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි කිරි පැකට් පිළිබඳ ප්‍රශ්නයකට කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අතර සිදු වු බහින් බස් වීමකින් අද (07) පස්වරුවේදී මැතිසබය උණුසුම් විය. 07 September 2018
වෛද්‍ය චන්න ජයසුමනගෙන් ඔක්ස්ෆර්ඩ් පාඨ ග්රන්ථයට පරිච්ඡේදයක් වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඔක්ස්ෆර්ඩ් පාඨ ග්‍රන්ථයකට පරිච්ජේදයක් සැපයීමට රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ භිෂග්වේදය පිළිබඳ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාට අවස්ථාව ලැබී ඇත. 07 September 2018
පාක්වීදීයේ ගොඩනැගිල්ලක ගින්නක් කොළඹ පාක් වීදියේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් අසළ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. 07 September 2018
කූට ලේඛන සකස් කළැයි වනජීවී දෙපාර්තමේන්තුවේ දෙදෙනෙක් අත්අඩංගුවට කූඨ ලේඛන සකස් කර බලපත්‍ර රහිත අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව වනජීවි දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ විෂය භාරව කටයුතු කළ ලිපිකාරිනියක වූ පි‍්‍රයංකා සංජීවනි සහ වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ (නීති) පැස්කුවන් ෆොන්සේකාලාගේ උපාලි පත්මසිරි යන දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 07 September 2018
ගෝඨාභයගේ නඩුව විශේෂ මහාධිකරණයට තංගල්ල වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකුට එරෙහි සිද්ධියේ මුල් නඩු වාර්තාව විශේෂ මහාධිකරණය වෙත යවා ඇති බැවින් මෙම අධිකරණයේ නඩු කටයුතු අවසන් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා දැනුම් දුන්නේය. 07 September 2018
විස්ස නීතියට පටහැනියැයි ගම්මන්පිලගෙන් පෙත්සමක් ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතීයට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය. 07 September 2018
හිරුණිකාගේ විදෙස් බලපත්‍රය නිදහස් කරයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය අද (7) කොළඹ මහාධිකරණය විසින් නිදහස් කරන ලදී. 07 September 2018
සිව් හැවිරිදි දැරියකට අතවර කළ මුරකරුවෙක් වසර හතක් හිරේට පෙර පාසල නිමවී සිය මව පැමිණෙන තුරු බලා සිටි සිව් හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට වරදකරු වු දේවස්ථානයක මුරකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා වසර 07 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (07) නියම කළේය. 07 September 2018
විග්නේෂ්වරන් 18 දාත් අධිකරණයට කැඳවයි අභියාචනාධිකරණය තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා , එම පළාත් සභාවේ අමාත්‍යවරුන් වන ආනන්දි සසිදරන් සහ සි.සිවනේසන් යන අයට ලබන 18 වැනිදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද (07) නියෝග කළේය. 07 September 2018
ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් නව තානාපතිනියක් ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ නව ඇමෙරිකා තානාපතිනිය වශයෙන් ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පත් කර ඇතැයි කොළඹ ඇමෙරිකා තානාපති කාර්යාලය සදහන් කරයි. 07 September 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026