ජාලිය වික්‍රමසුරියගේ ඥාති සහෝදරියට වරෙන්තු එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය මහතාගේ ඥාති සහෝදරියක අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (24) වරෙන්තු නිකුත් කළාය. 24 May 2018
නිට්ටඹුවේ වෙඩි තැබීමකින් කතක් මරුට නිට්ටඹුවේ හත්වඩුන්නු ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් 53 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය කියයි. 24 May 2018
සන්ධ්‍යාට තර්ජනය කළැයි ගලගොඩඅත්තේ හිමියන් වරදකරු කරයි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළදී බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්න්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු කරමින් හෝමාගම මහේස්ත්‍රාත් උදේස් රණතුංග මහතා අද (24) තීන්දුව ප්‍රකාශයට පත් කළේය. 24 May 2018
එජාප නව ජාතික සංවිධායක වැඩබාර ගනී එක්සත් ජාතික පක්ෂයේ නව ජාතික සංවිධායක ලෙස තේරීපත්වූ අමාත්‍ය නවීන් දිසානායක මහතා එම ධුරයේ නිල වශයෙන් වැඩ භාර ගැනීම පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද (24) සිදුකෙරිණි. 24 May 2018
තනතුරු අහිමි වූ නාගරික කොමසාරිස්වරු ප්‍රධාන ලේකම් කාර්යාලයට එති කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස්වරු දෙදෙනකු සිය තනතුරු අහිමි වීමෙන් පසු මේ වන විට බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අනියුක්තව එකම පැමිණිමේ ලේඛනයේ අත්සන් කරන බව වාර්තා වේ. 24 May 2018
ටෙන්ඩර් කොන්දේසි කඩකළාට මිලියන 135 ක් ආපසු ගෙවන්න යයි කොළඹ මහ නගර සභාවේ රුපියල් මිලියන 200 ක වියදමකින් ගිනි නිවීමේ ජල බවුසර් රථ දෙකක් මිලට ගැනීම සඳහා පවරන ලද ටෙන්ඩරයකට කොන්දේසි කඩ කිරීම හේතුවෙන් අදාල සමාගමෙන් අය කරන ලද රුපියල් මිලියන 135 ක මුදලක් ආපසු ලබා දීමේ සුදානමක් පවතින බව එම නගර සභා ආරංචි මාර්ග පවසයි. 24 May 2018
ඉලන්චේලියන් යාපන මහාධිකරණ විනිසුරු ධුරයට සමුදෙයි උතුරු පළාත පමණක් නොව රටේම ජන හදවත් දිනා ගනිමින් ලෝකයක අවධානය යොමු වූ නඩු තීන්දු රැසක් ලබාදුන් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා යාපනය මහාධිකරණ විනිසුරු තරණතුරට සමුදීමට සිදුව ඇත. 24 May 2018
ගුවන් තොටෙන් රන් බිස්කට් තොගයක් අත්අඩංගුවට සිය සිරුරේ ගුද මාර්ගයේ සඟවා ගෙන රත්තරන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 24 May 2018
රජරට සරසවි සිසුන් සත්‍යග්‍රහයක රජරට විශ්ව විද්‍යාලයේ පන්ති තහනම් කර ඇති සිසුන් 21 දෙනාගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අද (24) සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති. 24 May 2018
දැරියන් 7 ක් අපයෝජනය කළ ගුරුවරයෙක් යාපනය තෙලිප්පලෙයි යුනියන් මහා විද්‍යාලයේ 7 වසර ඉගෙනුම ලැබූ 12 හැවිරිදි දැරියන් 7 දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලීසිය පවසයි. 24 May 2018
මන්ත්‍රී සනත් නිශාන්ත සහ සහෝදරයා යළි රිමාන්ඩ් පුත්තලම පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සහෝදරයෙකු වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා ජුනි 7 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහාධිකරණ රෙජිස්ටාර් අජිත් ජයසුන්දර මහතා නියම කළේය. 24 May 2018
කොටින් වළ දැමූ පතුරම් පෙට්ටි තොගයක් ගොඩ ගනියි කොටි සංවිධානය විසින් අවසන් යුද සමයේ කිලිනොච්චිය, මුරුසමොටෙයි ප්‍රදේශයේ වළ දමා තිබු පතුරම් පෙට්ටි 40 ක් සොයා ගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි. 24 May 2018
දියණිය අපයෝජනය කළ පියා රිමාන්ඩ් සිය දියණිය වසර දෙකක සිට වරින් වර ලිංගික අපයෝජනයට ලක් කරමින් වද හිංසා දුන් පියෙකු ජුනි 4 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මුතුර් මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු එම්.එච්.එම්.සම්සුදින් මහතා නියම කළේය. 24 May 2018
නීල බැම්ම අමුණත් වාන් දමයි පුත්තලම සාලියවැව නීළබැම්ම අමුණ වාන් දැමීමට පටන් ගෙන ඇති බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටි ආරච්චි මහතා පැවසීය. 24 May 2018
ගිං ගඟේ ජල මට්ටම ඉහළ නගී තවලම ප්‍රදේශයට ඊයේ (23) රාත්‍රී ඇදහැලුණු වර්ෂාවත් සමඟ ගිංගගේ තවලම ප්‍රදේශයේ තවලම ජල මාපකයේ ජල මට්ටම මීටර් 4.6ක් දක්වා වැඩිවු බව ගිංගඟ වාරිමාර්ග ඉංජ්නේරු චමිලා විරක්කොඩි මහත්මිය සඳහන් කළාය. 24 May 2018
ගිං ඔයට පැන්න සිසුවාගේ සිරුර හමුවෙයි ඉකුත් 22 වැනි දා සවස ලුණුවිල පාලමෙන් ගිංඔයට පැන අතුරුදන්ව තිබු පාසල් සිසුවාගේ මළ සිරුර කිලෝමීටර් 3ක් පමණ දුරින් පිහිටි කොළඹ හලාවත මාර්ගයේ නයිනමඩම ගිංඔය මහා පාලම අසල රැඳී තිබියදී අද (24) සොයා ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 24 May 2018
පැපොල රෝගය රජරට සරසවියේ කෘෂි පීඨය වසා දමයි රජරට විශ්ව විද්‍යාලයේ සාලියපුර පිහිටි කෘෂිවිද්‍යා පිඨයේ සිසුන් අතර පැතිර යන පැපොල රෝගය නිසා එම පිඨය වසා දමා තිබේ. 24 May 2018
පළමු පෙළ ජෙලර් තනතුරට උසස් කළ 12 කට මත්කුඩු චෝදනා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පළමු පෙළ ජෙලර් තනතුරට උසස් කරන ලද 37 දෙනෙකුගෙන් 12 කට ආසන්න පිරිසක් මතුකුඩු චෝදනා ඇතුළු විවිධ චෝදනාවන්ට ලක්වුවන් බවට අසාධාරණයට ලක්වු ජෙලර්වරුන් පිරිසක් සඳහන් කරයි. 24 May 2018
බන්ධනාගාර නිලධාරීන් 5 කගේ සේවය අත්හිටුවයි වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් පලා ගිය මත්කුඩු ජාවාරම්කරුවකු රටින් පිටව යන්නට ඇති බවට සැක කෙරේ. 24 May 2018
තල්විල මෝය කපා දමයි - මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා පිටාර ගලා යමින් පවතින කඩුපිටි ඔයේ ජලය කඩිනමින් මුහුදට බැස යාමට සැළැස්වීම සඳහා තල්විල මෝය කපා දැමීමට මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර ඇත. 24 May 2018
තබ්බෝව ජලාශය වාන් දමයි කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන්දොරටු 4ක් අඩි 1 බැගින් අද (24) උදෑසන විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පවසයි. 24 May 2018
දුම්වැටි තොගයක් කටුනායකින් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස කුවේටයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ එක් පුද්ගලයකු අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 24 May 2018
හම්බන්තොටට ස්වභාවික ගෑස් බලාගාරයක් චීනයේ සහාය ඇතිව මෙගාවොට් 200 ද්‍රවීකාරක ස්වභාවික ගෑස් පදනම් කරගත් බලාගාරයක් හම්බන්තොට ඉදි කෙරෙන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අද (23) පැවැසීය. 23 May 2018
පාර්ලිමේන්තු පරිශ්රයටත් ගංවතුර අවදානමක් ඉදිරි දිනවල වැසි ඇතිවුවහොත් පාර්ලිමේන්තු පරිශ්‍රයත් ගංවතුරින් යටවීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු බලධාරීහු පවසති. 23 May 2018
ගෙවා ගන්න බැරි ණය ගත්තු කාලය ඉවරයි - අගමැති අසීමාන්තිකව ණය ගෙන ඒවා ගෙවා ගන්නට නොහැකිව දුක් විඳින කාලයකට නැවත ගමන් කරන්නට ජනතාවට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (23) පැවසීය. 23 May 2018
මහනුවර 1471ක් පීඩාවට මහනුවර දිස්ත්‍රික්කය තුල පවැතින අධික වර්ෂාව හේතුවෙන් අද 23 සවස වන විට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 14 ක පවුල් 332 කට අයත් පුද්ගලයින් 1471 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් එයින් ආරක්ෂිත ස්ථාන දෙකක පවුල් 20 කට අයත් පුද්ගලයින් 88 දෙනෙකු තව දුරටත් රැඳී සිටන බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා කීය. 23 May 2018
පුත්තලමේ 14,825ක් අවතැන් අධික වර්ෂාවත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 14,825 දෙනකු අවතැන් වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්. චිත්‍රානන්ද මහතා කියයි. 23 May 2018
සැඩ පහරට ගසාගෙන ගිය පාපැදිකරු සොයයි ගම්පහ පැරණි මිනුවන්ගොඩ මාර්ගයේ බෝධිය අසල සපත්තු පාලම ඔස්සේ පා පැදියකින් යමින් සිටි පුද්ගලයෙකු සැඩ ජල පහරට ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇත. 23 May 2018
ගංවතුරට ආණ්ඩුවේ සුදානම මදි - බිමල් රත්නායක ගංවතුරට ආණ්ඩුවේ සුදානම ප්‍රමාණවත් නැතැයි ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) චෝදනා කළේය. 23 May 2018
කෝටි 232,500ක චීන අයෝජන ලංකාවේ ඉකුත් වසර අවසන් වනවිට චීන සමාගම් ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 15ක (ආසන්න වශයෙන් රුපියල් කෝටි 232,500ක්) යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇතැයි මෙරට චීන තානාපති ෂෙන්ග් ෂියුවාන් මහතා කොළඹදී අද (23) ප්‍රකාශ කළේය. 23 May 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026