උතුරු කොරියාවේ කසල බැලූන දකුණු කොරියාවට උතුරු කොරියාවේ සිට දකුණු කොරියාව දෙසට කුඩා බැලූන සියයකට ආසන්න ගණනක් පා වී ආ බවත්, දකුණු කොරියානු දේශසීමා හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත් වාර්තා වේ. 29 May 2024
විදුලි බිල සියයට 20 කින් අඩු කළ හැකියි විදුලි බිල සියයට 10 ත් 20 ත් අතර ප්රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇති බවත් විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගතකරණය කළ හොත් ඉන් පසුව විදුලි බිල ඉහළ යෑමේ වැඩි හැකියාවක් ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්රමසිංහ මහතා අද (29) පැවසීය. 29 May 2024
දකුණු අප්රිකාවේ එක පොදියට මැතිවරණ දකුණු අප්රිකාවේ, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ පළාත් නවය සඳහා පළාත් සභා මැතිවරණය අද (29) පැවැත්වෙයි. 29 May 2024
ජෝන්ස්ටන්ගෙන් වන්දි ඉල්ලා අනුර අධිකරණයට හිටපු අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී ජෝන්ස්ටන් ප්රනාන්දු මහතා සිදුකළ දේවේශ සහගත ප්රකාශයකින් සිදුවූ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිසා අධිකරණයේ සාක්ෂි දෙමින් අද(29) ඉල්ලා සිටියේය. 29 May 2024
ත්රීරෝද රථ ගාලක අරාවුලකින් අයෙක් මරුට තිහාරිය ගොඩැල්ල මහපල්ලිය ආසන්නයේ ත්රී රෝද රථ ගාලක අරාවුලක් හේතුවෙන් සිදුවූ ගැටුමකින් පසු රෝහල් ගත කෙරුණු පුද්ගලයෙකු මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි . 29 May 2024
පාදුක්කේ නිවසක සිටි එක්දරු මවක් මරලා පාදුක්ක වටරැක ප්රදේශයේ නිවසක් සිටි කාන්තාවකට අද (29) කිසිවෙකු විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප්රහාරයක් නිසාවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කල පසු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 29 May 2024
ආරවුල මරණයෙන් කෙළවර වෙයි ගල්කිරියාගම බණ්ඩාරපොතානදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී පිය පුතු දෙදෙනකුට සිදුකළ පහර දීමකින් පියා මිය ගොස් පුත්රයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසයි. 29 May 2024
බසයක් පෙරැළී 27 ක් රෝහලේ කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය ආසන්නයේ දි පෞද්ගලික බස් රථයක් සහ ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් පසු පෞද්ගලික බසය මාර්ගයෙන් ඉවතට පෙරළි සිදු වූ අනතුරින් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලීසිය කියයි. 29 May 2024
උසස් පෙළ ප්රතිඵල අනිද්දා අපොස උසස්පෙළ විභාගයේ ප්රතිඵල අනිද්දා (31) නිකුත් කරන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේම ජන්ත මහතා පැවසීය. 29 May 2024
රුසියාවට යවන බව පවසා කෝටියක් වංචා කරලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව රුසියාවට යවන බව පවසා පුද්ගලයින් 140 දෙනෙකුගෙන් පමණ රවටා රුපියල් කෝටියකට අධික මුදල් ලබාගෙන වංචා කළ පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි. 29 May 2024
ප්රධාන මාර්ගයේ දුම්රිය අදත් ප්රමාදයි ප්රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (29) පෙරවරුවේ ද ව්යාකූල තත්ත්වයට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්රමාද වී ධාවනය වන බවත් දුම්රිය පාලක මැදිරිය පැවසීය. 29 May 2024
කෝටි 23 අම්බර් කල්පිටියෙන් අල්ලයි රුපියල් කෝටි 23 කට ආසන්න වටිනාකමකින් යුත් අම්බර් (තල්මස් කොටස්) කිලෝ 23 කට ආසන්න ප්රමාණයක් සමග ධීවරයන් දෙදෙනකු කන්දකුලිය ප්රදේශයෙදී අද දින අලුයම අත් අඩංගුවට ගත් බව කියයි. 29 May 2024
රිය අනතුරක් කළ අයි.පී.අත්අඩංගුවට කොළඹ නුවර මාර්ගයේ බීමත්ව යතුරුපැදියක් පදවාගෙන හෝටලයක් ආසන්නයේ රැඳී සිටි පුද්ගලයෙකු හප්පා තුවාල සිදුකර එම යතුරු පැදිය ත්රී රෝද රථයක ද ගැටීම සම්බන්ධයෙන් එම යතුරු පැදිය පදවාගෙන ගිය පොලිස් පරීක්ෂකවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. 29 May 2024
වැසි සුළං අඩු නොවන හැඩ සක්රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියයි. 29 May 2024
බියගමට රෝහල් දෙකක් ගම්පහ බියගම මහ රෝහල සහ ළමා රෝහල ඉදිකිරීම සඳහා මූල්ය ප්රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 29 May 2024
කම්ජිපාණීට ඇප වූ පියාට ලක්ෂ 20ක දඩයක් මීට වසර එකහමාරකට පෙර ඇප ලැබීමෙන් පසුව හොර රහසේ බෝට්ටුවකින් විදේශයකට පලා ගිය අපරාද කල්ලි නායකයකු හා කුඩු ජාවාරම්කාරයකු යැයි ප්රකට මොහොමඩ් ඉම් රාන් මොහොමඩ් කාසිම් නොහොත් කම්ජිපාණී ඉම්රාන්ගේ පියාට රුපියල් ලක්ෂ විස්සක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (28) නියම කළේය. 29 May 2024
මන්ත්රී බංගලාව නරකාදියක්: කතානායකට පැමිණිල්ලක් මාදිවෙල මන්ත්රී නිල නිවාසයේ පහසුකම් ප්රමාණවත් නොවන හෙයින් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව මන්ත්රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගියදා පැමිණිලි කර ඇත. 29 May 2024
නූතන පටාචාරාවක් කැබිතිගොල්ලෑවෙන් මගේ නිවෙසේ විදුලිය මාස හතරකට කලින් කැපුවා. සති තුනකට කලින් වතුරත් කැපුවා. කුලි කැඩ කර අප රැක බලාගත් සැමියා අනතුරකින් දින හතරකට පෙර මිය ගියා. අපි දැන් අපා දුක් විඳිනවා යැයි දරුවන් සිවු දෙනකු සමග අසරණව සිටින කැබිතිගොල්ලෑවේ මවක හැඬූ කඳුළින් යුතුව කීවාය. 29 May 2024
අමුණගම, දිලිත් අතහැර ගෙදර යයි හිටපු අමාත්ය ආචාර්ය සරත් අමුණුගම මහතා ව්යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය. 28 May 2024
සරසවි අනධ්යන සේවක වැටුප් ගැටලුව විසඳන්න කමිටුවක් විශ්වවිද්යාලවල අනධ්යන සේවකයන්ගේ වැටූප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර යෝජනා ඉදිරිපත් කිරීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට පියවර ගත් බව අධ්යාපන අමාත්යාංශය සඳහන් කරයි. 28 May 2024
පී.සී - කොස්තාපල් කසිප්පුවාගේ ගෙදර පාටියක් දාලා කසිප්පු ව්යාපාරිකයකුගේ බිංගිරිය ප්රදේශයේ නිවෙසට ගොස් කසිප්පු පානය කරමින් සිටියේයැයි කියන බිංගිරිය පොලිසියේ සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ පෙරේදා (27) සිට ක්රියාත්මක වන පරිදි තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 28 May 2024
තීරණයක් ගන්න ඩයනාට කල් දෙයි සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වයෙන් තමන් නෙරපීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම පවත්වාගෙන යනවාද? ඉල්ලා අස්කර ගන්නවාද? යන්න තීරණය කිරීමට හිටපු රාජ්යඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට ජුලි 07 වැනිදා තෙක් ශ්රේෂ්ඨාධිකරණ ඊයේ (28) කල් ලබා දුන්නේය. 28 May 2024
55 පිරුණු සියලු ශ්රමිකයන්ට සමාජ ආරක්ෂණයක් විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 28 May 2024
පක්ෂයේ කටයුතු බාධාවකින් තොරව කරන්න පනවා තිබු වාරණය දිග් කරයි විජයදාස රාජපක්ෂ මහතා ශ්රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ගැනීමට පක්ෂයේ විධායක සභාව ගත් තීරණයට බාධා කිරීම සියලු පාර්ශව වලට වළක්වාලමින් කඩුවෙල දිසා අධිකරණය මගින් ලබා දී තිබූ වාරණ නියෝගය ලබන (31) දින දක්වා දීර්ඝ කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්රමසූරිය මහත්මිය අද (28) දින නියෝග කලාය. 28 May 2024
පාසල් සිසුන්ගේ පහර කා මියගිය පියාගේ සිරුර හොරෙන් උස්සලා වැලිපැන්න ගල්මත්ත ප්රදේශයේදී පාසල් සිසුන් තිදෙනකුගේ පහර කෑමට ලක්ව මියගිය එක් දරු පියාගේ මෘතදේහය තැන්පත් කර තිබු සොහොන හාරා තම ස්වාමිපුරුෂයාගේ හිස ඇතුළු කොටස් රැගෙන ගොස් ඇති බව මියගිය අයගේ බිරිඳ වැලිපැන්න පොලිසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 28 May 2024
කාලගුණය හොඳ වන තුරු සහන දිගටම අයහපත් කාලගුණයෙන් විපතට පත් වූවන්ට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 28 May 2024
ගසක් වැටී කතක් මරු කහවත්ත ඕපාත වතුයායේ අංක තුන කොටසේ තේ ගස්වලට පොහොර දමමින් සිටි කාන්තාවන් පිරිසක් මතට මාරගසක් කඩා වැටීමෙන් ඵක් කාන්තාවක ඡීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි කහවත්ත පොලීසිය කියයි. 28 May 2024
’’ඡන්දෙ කල්දාන සෙල්ලම් අපි එක්ක බෑ’’ ජනතාවගේ ප්රශ්න වලට ඇත්ත උත්තර ලබා දුන්නා නම් රටට මෙවැනි ඉරණමක් අත් නොවන බවත් එම නිසා මේ රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා වවුනියාවේ දී පසුගියදා පැවසීය 28 May 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026