ට්රම්ප් වරදකරු වෙයි නිල් චිත්රපට නිළියක සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය ‘යට ගැසීමට’ ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් වරදකරු විය. 31 May 2024
හමුදා ගැටළුව ගැන රුසියා තානාපති කතා කරයි විදේශිකයන්ට ස්වකැමැත්තෙන් රුසියානු හමුදාවට බැඳීමට හැකි බවත් රුසියානු නීතියෙන් ඊට බාධාවක් නොමැති බවත් ශ්රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් මහතා විදේශ කටයුතු අමාත්යාංශයේ දී අද (30) පැවැති මාධ්ය හමුවකදී ප්රකාශ කළේය. 30 May 2024
රස්සාවයි පරස්ථාවයි එකම දවසේ හම්බන්තොට දිස්ත්රික්කයේ උපාධිධාරීන් 375 දෙනකුට ගුරු පත්වීම් ලබා දීමේ උත්සවය දකුණු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් තංගල්ල නගර ශාලා ශ්රවනාගාරයේදී අද පැවැත්වුණු අවස්ථාවේ මනමාලියක ද පැමිණ තම ගුරු පත්වීමට අදාළ ලිපිය ආණ්ඩුකාරවරයා අතින් ලබා ගැනීම විශේෂත්වයක් විය. 30 May 2024
ටියුෂන් ගිය සිසුවියන් තිදෙනා අතුරුදන් ගම්පහ යක්කල ප්රදේශයේ උපකාරක පන්තියකට සහභාගිවීමට ගිය 14 හැවිරිදි සිසුවියන් තිදෙනකු ඊයේ (29) සවස සිට අතුරුදන් බවට පැමිණිලි ලැබී ඇතැයි යක්කල සහ වීරගුල පොලිසි පවසයි. 30 May 2024
වසරේ විශිෂ්ටතම පුවත්පත ලංකාදීපය: තවත් සම්මාන හයකුත් දිනා ගනී ලංකාදීප පුවත්පත ‘‘ඒෂියා මිරකල්‘‘ සම්මාන උලළේදී ශ්රී ලංකාවේ හොඳම පුවත්පත සහ පුවත්පත් සන්නාමය ලෙස විශිෂ්ඨ සම්මානයෙන් පිදුම් ලැබීය. 30 May 2024
දුම්රියේ නැති වූ ගමන් මල්ල යළි ඉන්දීය තරුණියටම ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක සුඛෝපභෝගී මැදිරියක ගමන් ගත් මේ රට සංචාරයක් සඳහා පැමිණ සිටි ඉන්දීය ජාතික අවුරුදු 24 ක් වයස තරුණියක් සතු රුපියල් ලක්ෂ හතරහමාරක් පමණ වටිනා ලැප්ටොප් පරිගණකයක් සහ ඒවායේ උපාංග සහිත බෑගයක් අමතක වීමකින් දමා ගොස් තිබියදී එම බෑගය දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරියකු විසින් සොයාගෙන එම තරුණියට භාරදී ඇත. 30 May 2024
විශේෂ පුහුණුවකට පොලිසියේ ලොක්කෝ තුනක් ඇමෙරිකාවට යති විශේෂ පුහුණු පාඨමාලා දෙකක් සඳහා සහභාගී වීමට නැගෙනහිර පළාත් භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතිඥ, අජිත් රෝහණ , නියෝජ්ය පොලිස්පති පුෂ්ප කුමාර සහ නියෝජ්ය පොලිස්පති ජාලිය සේනාරත්න යන මහත්වරුන් අද (30) රාත්රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමරිකාව බලා පිටත් වූහ. 30 May 2024
පරිවර්තන පනතට විරුද්ධ රටට එරෙහි අය ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධ වීමට හැකියාව තිබෙන්නේ, රට නැවතත් ආර්ථික අර්බුදයකට ඇද දැමීමේ අවශ්යතාවය ඇති පාර්ශ්වයන්ට පමණක් බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. 30 May 2024
දෙදරුමව කැලණි ගගේ කිලෝ මීටර් 10ක් ගසාන යයි කැළණි ගඟේ සැඩ පහරට හසුව කිලෝමීටර් නවයකට ආසන්න දුරක් මරණය පෙනි පෙනී දියඹේ ගසාගෙන යමින් සිටි 46 හැවිරිදි දෙදරු මවකගේ දිවි බේරා ගැනීමට කඩුවෙල පොලීසියට සහ ගම්වාසීන්ට හැකිව තිබේ. 30 May 2024
බිරියගේ පොරෝ පහරින් සැමියා මරුට යම් රෝගී තත්ත්වයකට ප්රතිකාර ලබමින් සිටි බිරිඳ පොරෝ පහරින් බරපතල කැපුම් තුවාල ලැබූ සැමියා මියගොස් ඇතැයි ඉපලෝගම පොලිසිය පවසයි. 30 May 2024
රංගෙ සඳුදා විශේෂ ප්රකාශයක් කරන්න සැරසෙයි ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දිගු කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්රකාශය ගැන ලබන සඳුදා(3)විශේෂ ප්රකාශයක් සිදුකරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 30 May 2024
‘තායිලන්තයට යන ලාංකික සංචාරකයින්ට වීසා ඕන නෑ‘ ශ්රී ලාංකික සංචාරකයන්ට තායිලන්තයට පැමිණීමට වීසා බලපත්රයක් අවශ්ය නොවන බවත් එලෙස තායිලන්තයට පැමිණෙන ශ්රී ලාංකික සංචාරකයන්ට දින 60 ක කාලයක් එරට රැඳී සිටීමට වලංගු වීසා බලපත්රයක් ලැබෙනු ඇති බවත් තායිලන්ත විදේශ කටයුතු අමාත්යාංශය ප්රකාශ කළේය. 30 May 2024
වටරැක එක්දරු මවගේ ඝාතකයා කොටුවෙයි පාදුක්ක වටරැක ප්රදේශයේ 65 හැවිරිදි එක්දරු මවක ඝාතනය කර පලා ගිය සැකකරු අදාල නිවසට කිලෝමීටරයක් පමණ දුර නිවසක සැඟව සිටියදී අද (30) අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 30 May 2024
සජිත්ගේ අවසන් නිවේදනය ආර්ථික කණ්ඩායම් අතර විවාදයට බියවී සිටින්නේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් සහ කණ්ඩායමක් නැති බියගුළු පිරිසක් යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ප්රකාශ කළේය. 30 May 2024
රටබීම සැලක කළමනාකරු ඝාතනය කරලා බිබිල නගරයේ පිහිටි රටබීම අලෙවි සැලක කළමනාකාරවරයකු එහි පහත මාලයේ ඝාතනය කර තිබියදී ඔහුගේ සිරුර අද (30) සොයාගත් බව බිබිල පොලිසිය පවසයි. 30 May 2024
කලුතර බන්ධනාගාරයේ සිරකරුවෙක් පැන ගිහින් මත්කුඩු සම්බන්ධ නඩුවකට දඩුවම් නියමව කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවාසිටි සිරකරුවෙක් අද (30) පස්වරුවේ පලාගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි. 30 May 2024
විදුලිබල මණ්ඩලයේ නාස්තියක් ගැන වෘත්තීකයන්ගෙන් චෝදනා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් ලක්ෂ 500ක් හෙවත් රුපියල් කෝටි 5ක් වැය කරමින් නොරොච්චෝලේ විදුලිබලාගාරයට ට්රාන්ස්ෆෝමර් පරීක්ෂණ යන්ත්රයක් ඉතාලියෙන් මිලදීගැනීමට සූදානම් වන බවත් විදුලිබල මණ්ඩලය සතුව එම පරීක්ෂණ යන්ත්ර කීපයක්ම තිබීම නිසා නව යන්ත්රයක් මිලදීගැනීම මුදල් නාස්තියක් බවත් විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි. 30 May 2024
අස්වැසුම අක්රමිකතා නිලධාරීන්ට මුදල් කමිටුවෙන් දොස් අස්වැසුම ප්රතිලාභීන් තෝරා ගැනීමේ දී සිදුවී ඇති අක්රමිකතා සම්බන්ධයෙන් නීතිමය ක්රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අප්රසාදය පලවිය. 30 May 2024
නඩත්තු නැති තේ වතුවල ගිවිසුම අවසන් කරයි නිසි ලෙස තේ වතු නඩත්තු නොකරන වැවිලි සමාගම්වල ගිවිසුම් කාලය අවසන් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා ශ්රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේය. 30 May 2024
රනිල්ට ඡන්දෙ දෙන්න මිනිස්සු පොරකනවා ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම ජනවරම රනිල් වික්රමසිංහ මහතාට ලබා දීම සඳහා ශ්රී ලාංකික ජනතාව මේ වනවිටත් පෙළ ගැසී සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 30 May 2024
අධිකරණ ඇමති චීනය සමඟ ගිවිසුමක චීන රජයේ ආධාර මත උපරිමාධිකරණ සංකීර්ණයේ ප්රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර, ඒ වෙනුවෙන් වු පරිපූර්ණ ඇස්තමේන්තු මුල්ය ගිවිසුමට අත්සන් තැබීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ හා ශ්රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් අධිකරණ අමාත්යාංශ ශ්රවණාගාරයේදී සිදු කෙරිණි. 30 May 2024
සරසවි අනධ්යයන සේවකයෝ විරෝධතාවක විශ්වවිද්යාල අධ්යයන සේවකයන් වැටුප් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ක්රියාත්මක කරන වැඩවර්ජනයට සමගාමීව කොළඹ 7, පිහිටි විශ්වවිද්යාල ප්රතිපාදනය කොමිසන් සභාව ඉදිරිපිට විශ්වවිද්යාල අනධ්යයන සේවකයෝ අද (30) විරෝධතාවක නිරත වූහ. 30 May 2024
බ්රිතාන්ය පාර්ලිමේන්තුව විසුරුවයි ජූලි 4 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉඩ සලසා දෙමින්, බ්රිතාන්ය පාර්ලිමේන්තුව විසුරුවා හැරුණි. 30 May 2024
ක්රීඩා සංගම් 4ක් අත්හිටුවයි ක්රීඩා අමාත්යංශය යටතේ පාලනය වන ජාතික ක්රීඩා සංගම් හතරක සාමාජිකත්වය වාහාම ක්රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවමින් ක්රීඩා හා යෞවන කටයුතු අමාත්ය හරීන් ප්රනාන්දු මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 30 May 2024
ජනපති ඡන්දය නියමිත දිනට පවත්වනවා ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 30 May 2024
විදුලි පනත විවාදය හය ශ්රී ලංකාව විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන මස 6 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 30 May 2024
’’රට දෙපයින් නැඟී සිටියා පමණයි’’ රාජ්ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 30 May 2024
ගසක් කඩා වැටී උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (30) උදෑසන කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 30 May 2024
ඇඹිලිපිටියේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට දශක දෙකකට වැඩි කාලයක් වසා දමා තිබී යළි නිෂ්පාදන කටයුතු ඇරඹු ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට අපනයනය කරනු ලැබීය. 30 May 2024
වැසි සුළං දිගටම සක්රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියයි. 30 May 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026