මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක් 2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි. 25 April 2024
පාස්කු ප්රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්රතිඵලය ලියැවුණා පාස්කු ප්රහාරය සිදුවූ දිනයේ ම ශ්රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 25 April 2024
‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘ අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා අද පැවසීය. 25 April 2024
අප්රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ අධ්යායන පොදු සහතික පත්ර(සාමාන්ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්යම රාත්රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 25 April 2024
පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 April 2024
මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු කරන්න ලෙස ක්රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 25 April 2024
විදුලි පනත මැති සබයට විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය 25 April 2024
සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු හිටපු විපක්ෂ නායක ත්රිකුණාමල දිස්ත්රික් මන්ත්රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය. 25 April 2024
නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි ශ්රී ලංකාවේ පළමු ස්ට්රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. 25 April 2024
ශ්රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 April 2024
රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 25 April 2024
රිය අනතුරින් තරුණයා මරුට මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිරීමෙන් පසු මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි. 25 April 2024
දඹුල්ල නගරයට අලි ඇවිත් දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ. 25 April 2024
විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්විල ප්රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. 25 April 2024
අද කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියයි. 25 April 2024
චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අමාත්ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 24 April 2024
ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි ඉරානය සහ ශ්රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි. 24 April 2024
ශ්රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ ශ්රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමලේ තේ වතුයායේදි (24) දා පස්වරු 05.00 ට පමණ සොයා ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසයි. 24 April 2024
රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්රකාශයට පත් කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවේ ප්රකාශ කර ඇත. 24 April 2024
දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන දකුණේ ප්රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා සඳහා කිසිවකු ඵරටට යවා නැතැයි තරුණයෝ පිරිසක් චෝදනා කරති. 24 April 2024
මැතිසබේ පාස්කු පෝස්ටර් පාර්ලිමේන්තු සභාගර්භයේ සඟවා තිබී පාස්කු ප්රහාරයට අදාල විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවරුවේ සොයා ගනු ලැබීය. 24 April 2024
දුම්රිය සාමාන්යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක් දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්යාධිකාරි වික්රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්ය නිලධාරී එම්. ඒ.සී. ගුණතිලක මහතා විවෘත තීන්දුවක් නිකුත් කළේය. 24 April 2024
පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණිල්ලක් කර ඇතැයි මහවෙල පොලිසිය සඳහන් කරයි. 24 April 2024
ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම් ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්රහිම් රයිසි මහතා පැවසීය. 24 April 2024
චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්යම කාරක සභාවේ සහ ජාත්යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්යවරිය වන සන් හෙයාන් සහ ශ්රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම මහත්මීන් සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද සිදුවිය. 24 April 2024
පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ ඉරාන ජනාධිපති ඊබ්රහම් රයිසි මහතා ඇතුළු රාජ්ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්යාවක් දැඩි අපහසුතාවට පත්වූහ. 24 April 2024
ශ්රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්රධාන කාර්යාලයේ දී පැවැත්වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා පැවසීය 24 April 2024
ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැනුම හුවමාරු කර ගැනීමේ ද්විපාර්ශවික සාකච්ඡා ඉකුත්දා පැවැත්විණ. 24 April 2024
කිරිපිටි මිල පහළට ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති. 24 April 2024
රෝගය සුවකරගන්න ගිහින් ජීවිතය අහිමි වෙයි මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජලනය හා දැඩි ශ්වසන ආබාධයකට ලක්වී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 24 April 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026