ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු දුම්රිය සාමාන්යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්රමාණවත් නැතැයි අනුරාධපු පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන මහතා අද අධිකරණයට දැනුම් දුන්නේය. 23 April 2024
සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්ය සංගමයෙන් ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්රී ලංකා නීති ශිෂ්ය සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා පැවැසුවේය. 23 April 2024
රටට ඔබින හොඳ අධ්යාපන ක්රමයක් අවශ්යයි අධ්යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්යාපන ක්රමය ගැන මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 23 April 2024
උමාඔය විදුලි ජනන යන්ත්ර දෙකට කාන්තා නම් උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්ර දෙක එහි ඉදිකිරීම් ක්රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ ‘චුලෝචනා’ ලෙස නම් කිරීමට පියවර ගෙන තිබීම කැපී පෙණෙන සිද්ධියකි. 23 April 2024
ලොව බලවත්ම 100 අතර ලාංකික කතක් ලොව ප්රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මියද ඇතුළත්ව ඇත . 23 April 2024
ගම්පහ ව්යාපාරිකයෙක් මරන්න සැලසුමක් ගම්පහ ප්රදේශයේ ප්රසිද්ධ ව්යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු ටී 56 ගිනි අවිය හා රිවෝල්වරයක් සමග පෑලියගොඩ අපරාධ කොට්ඨාශය මගින් අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 23 April 2024
කොන්සියුලර් සේවා දින දෙකක් නවතී විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශයේ සත්යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්යාංශය පවසයි. 23 April 2024
ඉරාන - ලංකා ගිවිසුම් පහක් ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි මහතාගේ ශ්රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද අත්සන් තැබීමට නියමිතය. 23 April 2024
නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්රව්ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 23 April 2024
පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ. 23 April 2024
දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක් දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව යුද හමුදා මාධ්ය ප්රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා පවසයි. 23 April 2024
චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව සිටින්නීය. 23 April 2024
අනුර දුන් දිනවල සජිත්ට වැඩලු සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල සජිත් ප්රේමදාස මහතා යොදාගත් වැඩකටයුතු ඇති බව එම පක්ෂය පවසයි. 23 April 2024
චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අමාත්යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණ ප්රධාන කාර්යාලයේදී අද (23) පෙරවරුවේ හමුවිය. 23 April 2024
චීටා බළකාය යාල පීරයි පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගිනි අවි තුනක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 23 April 2024
එජාප මැයි රැලිය මරදානේදී එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි. 23 April 2024
හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්යාජ මුද්රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැවිරිදි සැකකාරියක් බදුල්ලේදී (23) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිස් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි. 23 April 2024
මාර්තු උද්ධමනය පහළට ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. 23 April 2024
ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්රහීම් රයිසි සහ පාකිස්තාන අග්රාමාත්ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්විණි. 23 April 2024
මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිටි හමුදා සාමාජිකයන් 10 දෙනෙකු මියගොස් තිබේ. 23 April 2024
රොෂාන් රණසිංහත් ජනපති සටනට හිටපු ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහතා පැවසීය. 23 April 2024
රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින් ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බංගලාවේ, නවාතැන් ගෙන සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 23 April 2024
තායිවානයේ භූ කම්පන වැලක් තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්ය සඳහන් කරයි. 23 April 2024
පළාත් කීපයකට හවස වැස්ස බස්නාහිර,සබරගමුව, මධ්යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 23 April 2024
පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අයකු ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 23 April 2024
කාර් රේස්වලට ආදරේ කළ දියණිය රේස් කාරයක් බිළි ගනියි මගේ චුටි නංගිගේ උවමනාවට මගේ මාමායි අපේ වත්තේ 27 දෙනෙක් එකතු වෙලා බස් එකක් අරගෙන දියතලාවේ කාර් රේස් එක බලන්න ගියේ. කාර් රේස් බලන්න හරිම ආසාවෙන් සිටි අපේ චුටි නංගියා කාර් රේස් තරගයකදී මගේ මාමාත් එක්ක අපිව දාලා ගියා යැයි ඤාති සොහොයුරියක වන ශිවරාජ් කෞෂල්යා මහත්මිය පැවසුවාය. 22 April 2024
‘‘මුදල් වෙන් කළ හැටි රහස් පොලිසියට ප්රකාශයක් දෙන්න‘‘ ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්රමය යටතේ ඩොලර් මිලියන 200ක මුදලක් වෙන් කර තිබියදී පෞද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව තවත් ඩොලර් මිලියන 50ක මුදලක් වෙන් කළේ කුමන හේතූවක් නිසාද? යන්න පිළිබඳව රහස් පොලිසියට ප්රකාශයක් දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්රාත් ලෝචනී අබේවික්රම වීරසිංහ මහත්මිය භාන්ඩාගාර ලේකම්වරයාට අද (22) නියම කළාය. 22 April 2024
මෛත්රීපාල නිදහස් පක්ෂය වෙන්දේසි කරනවා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයේ හිටපු සභාපතිවරයා පක්ෂය වෙන්දේසි කරන බවත් ඔහුගේ ආරක්ෂාව, නඩු සහ මූල්ය අවශ්යතා වෙනුවෙන් මෙම පක්ෂය පාවිච්චි කරන්නේ නම් එය දැඩි අසාධාරණයක් බවත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යෙෂ්ඨ උප සභාපති, කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා අද (22) පැවැසීය. 22 April 2024
නිකම් දෙන සහල් කවරය දෙන්න රුපියල් 100ක් ගරලා සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ සහල් කිලෝ දහය ලබාදීමට පෙර අඩුආදායම් ලාබී එක් අයකුගෙන් රුපියල් සීයක මුදලක් අය කර ගත් බව දිඹුලාගල මනම්පිටිය අඩු ආදායම්ලාභීහු චෝදනා කරති. 22 April 2024
අනුර කුමාර විවාදයට දින දෙයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම්ව බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ලිඛිතව අද (22) දැනුම් දී තිබේ. 22 April 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026