චීන ජනපති අනුන්ට උදව් කිරීමේ අගය කියයි චීනයේ “එක් තීරයක් - එක් මාවතක්” වැඩසටහන මගින් එක් රටකට පමණක් නොව රටවල් රැසකට යහපත සැලසෙන බව චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය. 18 October 2023
වෙරිටේ අයි.එම්.එෆ් සැප්තැම්බර් මීටරය එළියට ජාත්යන්තර මූල්ය අරමුදල ශ්රී ලංකාවට ලබා දී ඇති වැඩසටහනේ ප්රගතිය කෙසේදැයි දැනගැනීමට පවතින හැකියාව තවදුරටත් දුර්වල වෙමින් පවතින බවත් සිය කටයුතුවල විනිවිදභාවය වර්ධනය කිරීම සඳහා වන කැපවීම් සම්පූර්ණ කිරීමට ආණ්ඩුව තවදුරටත් අපොහොසත් වී ඇති බවත් අයි.එම්.එෆ් මීටරයේ සැප්තැම්බර් යාවත්කාලීන කිරීමේදී අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. 18 October 2023
පේරාදෙණි සරසවි පා ගමනට කඳුළු ගෑස් සමාජ මාධ්ය වාරණය පනත වහා හකුලා ගනු, නිදහස් අධ්යාපනය, නිදහස් සෞඛ්ය වනසන කොතලාවල උපාධි කඩ හරහා වෙද උපාධිය මුදලට විකිණීමේ ආණ්ඩුවේ කුමන්ත්රණය හකුලා ගනු ඇතුළු ඉල්ලීම් ගණනාවක් මූලික කරගනිමින් පේරාදෙණිය විශ්වවිද්යාලයේ මහා ශිෂ්ය සංගමය විසින් සංවිධානය කොට තිබූ විරෝධතා පා ගමනකට පොලිසිය කඳුළු ගෑස් ප්රහාර එල්ල කිරීම හේතුවෙන් දැඩි උණුසුම්කාරී වාතාවරණයක් උද්ගත විය . 18 October 2023
පිටකොටුවේ ජංගම දුරකථන වෙළඳසැල් 20කට නඩු පිටකොටුව ප්රදේශයේ දුරකථන හා උපාංග අලෙවි කරන වෙළදසැල් විශේෂ පරික්ෂාවකට ලක් කර වෙළෙඳසල් 20 කට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 18 October 2023
වික්ටෝරියා යළි පිරෙයි දීර්ඝ කාලයක් තිස්සේ පතුලටම සිඳි තිබු වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉහළ ගොස් තිබේ. 18 October 2023
නිවුන් දරුවන් හය දෙනාගෙන් එක් දරුවෙක් මිය යයි රාගම ප්රදේශයේ මවක බිහි කළ දරුවන් හය දෙනාගෙන් එක් දරුවකු අද පස්වරුවේ මියගියේය. 18 October 2023
ඩයනාගේ පෙත්සමට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගය පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කොට ඇති පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයා වෙත යොමුකරන ලෙස ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. 18 October 2023
ඩයනාට එරෙහි පෙත්සමේ තීන්දුවට දින දෙයි බ්රිතාන්ය ජාතිකයෙකු යැයි කියන රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්රී ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා සමාජ ක්රියාකාරිකයෙකු වන පේෂල හේරත් මහතා විසින් ගොනු කොට ඇති රිට් පෙත්සමේ තීන්දුව ප්රකාශයට පත් කිරීම ඔක්තෝම්බර් 31 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝගය කළේය. 18 October 2023
පොලිස්පති පත් කරන්න බැරි තරම් ආණ්ඩුව දුර්වලයි පොලිස්පතිවරයා පත් කරගන්න බැරි තරමට ආණ්ඩුව දුර්වල වී ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී අද (18)පැවසීය. 18 October 2023
ලංකා සතොස භාණ්ඩ 5ක මිල තවදුරටත් අඩු කරයි අත්යවශ්ය භාණ්ඩ 5 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල හෙට (19) සිට ක්රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය. 18 October 2023
මෝටර් රථ ප්රවාහන ජංගම සේවය 21දා මඩකලපුවේදී මඩකලපුව ජනතාවගේ මෝටර් රථ ලියකිවිලි සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කර ගැනීමට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සංවිධානය කරන ජංගම සේවය’ මඩකලපුව හින්දු විද්යාලයේදී මේ මස 21 වැනිදා (සෙනසුරාදා) පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. 18 October 2023
සමාජ මාධ්ය නියාමන පනතට එරෙහිව පෙත්සම් 45 ක් මාර්ගගත ක්රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට( සමාජ මාධ්ය නියාමන) එරෙහිව පෙත්සම් 45 ක් ලැබී ඇතැයි ශ්රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී වූයේ 18 පැවසීය 18 October 2023
මීගහතැන්නේ නිවෙසකින් බෝම්බ සහ ගිනි අවි මීගහතැන්න මහකළුපහන, මල්ලිකාගොඩ ප්රදේශයේ නිවසක සඟවා තිබූ අත් බෝම්බ,කඩු කිනිසි, පුපුරණ ද්රව්ය ඇතුළු අවි ආයුධ තොගයක් සමග සැකකරුවකු මීගහතැන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 18 October 2023
කඳපොළ හරහා රාගල මාර්ගය වසා දමයි කඳපොල නගරයේ සිට කොන්කෝඩියා වතුයාය හරහා රාගල දක්වා දිවෙන මාර්ගය කොන්කෝඩියා වතු ප්රදේශයේදී නායයාමකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු අද (18) සිට සම්පුර්ණයෙන් නවතා දමා ඇතැයි කඳපොල පොලීසිය පවසයි. 18 October 2023
බයිඩන් ඊශ්රායලයට එයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්රායලයට පැමිණියේය. බයිඩන් පිලිගැනීමට ටෙල් අවීව් නුවර බෙන් ගුරියොන් ගුවන්තොටුපොළට ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහු පැමිණ සිටියේය. 18 October 2023
බදුල්ල කොළඹ දුම්රිය ධාවනය යථා තත්ත්වයට උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල - දියතලාව අතර දුම්රිය මාර්ගයේ දී පිලිපැනීමට ලක්ව තිබූ බදුල්ල කොළඹ සීඝ්රග්රාමි විශේෂ දුම්රිය යලි පිලිගත කිරීමත් සමඟ කොළඹ බදුල්ල දුම්රිය ධාවනය අද (18) අලුයම සිට යථා තත්වයට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 18 October 2023
අලි මිනිස් ගැටුමට විසඳුමක් ඉල්ලා කොළඹදී විරෝධතාවක් අලි මිනිස් ගැටුම විසඳීම සඳහා විසඳීම සඳහා ජාතික ක්රියාකාරී සැලැස්ම වහාම ක්රියාත්මක කරන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන සහ පරිසර සංවිධාන රැසක නියෝජිතයෝ පිරිසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද(18) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වූහ. 18 October 2023
ආණ්ඩුව කල් ඉකුත් වූ බඩුවක් ආණ්ඩුව දැන් කල් ඉකුත් වූ භාණ්ඩයක් බවට පත්ව ඇතැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 18 October 2023
විදුලි බිල අවස්ථා තුනක් වැඩිකිරීම අසාධාරණයි වසරකට දෙවතාවක් පමණක් විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව ප්රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී අවස්ථා තුනක් විදුලි බිල වැඩි කිරීමට සූදානම්වීම අසාධාරණ බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 October 2023
ලෙබනනයේ කඩා වැටුණ ගොඩනැගිලලේ ලාංකික කතක්? ලෙබනනයේ මහල් හතක ගොඩනැගිල්ලක මහල් හතරක් කඩා වැටීම හේතුවෙන් එහි හිරවූ පුද්ගලයන් 5 දෙනා අතර ශ්රී ලාංකික කාන්තාවක් සිටින බවට සැක කෙරෙන බව ලෙබනනයේ ශ්රී ලංකා තානාපති කපිල ජයවීර මහතා ප්රකාශ කළේය. 18 October 2023
විපක්ෂ නායක බෑ කියයි- අගමැති එන්න කියයි පාර්ලිමේන්තු ඡන්ද ක්රමය මිශ්ර ක්රමයක් දක්වා වෙනස් කිරීම සඳහා ජන වරම අනුව අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ගැන පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල අදහස් විමසීමේ සාකච්ඡාවට එන්නැයි අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක ඇතුළු සියලු පක්ෂවලින් ඉල්ලීමක් කළේය. 18 October 2023
රුවන් ප්රංශ තානාපති හමුවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ ශ්රී ලංකාවේ ප්රංශ තානාපති එච්.ඊ.ජීන් ෆ්රැන්සුවා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (18) පැවැත්විණි. 18 October 2023
මෘදු මත්පැන් බලපත්ර නවතී සංචාරක හෝටල් සහ අවන්හල් සදහා මෘදු මත්පැන් අලෙවි කිරීම සඳහා බලපත්ර ලබාදීම තාවකාලිකව නවතා දැමූ බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පැවසීය. 18 October 2023
විදුලිය ,ඉන්ධන ,සෞඛ්ය අත්යවශ්ය සේවා ලෙස ගැසට් කරයි විදුලිය, ඉන්ධන, සෞඛ්ය ඇතුළු සේවාවන් කිහිපයක් අත්යවශ්ය සේවා ලෙස ප්රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 18 October 2023
නාගරික ජනගහනය වැඩි වෙයි ශ්රී ලංකාවේ නාගරික ජනගහණය 44.57% ක් දක්වා වැඩි වී ඇති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ. 18 October 2023
ලෙබනනයට යන්න එපා: ඇමෙරිකානුවන්ට අනතුරු ඊශ්රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ඇරැඹි යුද ගැටුම්, දකුණු දිග ලෙබනනයටත් පැතිර ගොස් ඇති බැවින්, ලෙබනනයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රැසක් ඔවුන්ගේ වැසියන්ට අනතුරු අඟවා තිබේ. 18 October 2023
හමාස් සටන්කාමීන් ප්රාණඇපකරුවන් මරනවා ගාසා තීරයේ අල් ආහිල් රෝහලට එල්ල වුණු ප්රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ හමාස් සටන්කාමීන්, ඊශ්රායලයට කඩා වැදී අල්ලාගෙන, ප්රාණ ඇපයේ රඳවාගෙන සිටින විදේශිකයන් ඝාතනය කිරීමට පටන්ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. 18 October 2023
පළිබෝධනාශක නියාමනය කරන්න නියෝග එකම පළිබෝධ නාශකය විවිධ නම්වලින් අධික මිලකට අලෙවි කිරීම වහාම නියාමනය කරන්නැයි කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පළිබෝධ නාශක රෙජිස්ට්රාර්වරයාට උපදෙස් දුන්නේය. 18 October 2023
පිය-පුතු පහරදීමෙන් සැරයන් රෝහලේ රාජකාරි නිමාවා නිවසකරා යමින් සිටී පොලිස් සැරයන්වරයෙකුට පිය පුතු දෙපළක් පහරදී මෙන් තුවාල ලද සැරයන් වරයා රෝහල් ගතකර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . 18 October 2023
සූරියවැවේ ජල පාලන ගේට්ටුව කැඩෙයි කන්තලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුරියපුර පිහිටි සුරියවැවේ සවි කරතිබු කාන්ති වැවට ජලය මුදා හරින ගේට්ටුව අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කැඩි ගිය බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි. 18 October 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026