බදු පනත 10 වැනිදා විවාදයට ආන්දෝලනාත්මක විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ලබන මස 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 29 January 2022
තවත් බිහිසුණු කොරෝනා වයිරසයක්: NeoCov කොරෝනා වයිරස පවුලට අයත් NeoCov යන නමින් හැදින්වෙන තවත් නව කොරෝනා වයිරසයක් සම්බන්ධයෙන් චීනයේ වූහාන් නුවර වෛද්‍ය පර්යේෂකයෝ ලොවට අනතුරු අගවති. 29 January 2022
මූල්‍ය අරමුදලේ සහය ගැනීමට සාකච්ඡා පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කිසියම් වූ වැඩපිළිවෙලකට යාමට රජය සාකච්ඡා අරඹා ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 29 January 2022
කතානායක අයි ඩී එච් රෝහලට කොවිඩ් ආසාදිතවූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (අයි ඩී එච් රෝහල )ඇතුළත් කරනු ලැබ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 29 January 2022
තට්ටු 7න් බිමට වැටුණු දරුවා මරුට බම්බලපිටියේ මහල් හතකින් යුත් ගොඩනැගිල්ලකින් වැටුණු 15 හැවිරිදි දරුවෙකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 29 January 2022
අල්ලස් ගත් විදුහල්පති රිමාන්ඩ් රුපියල් එක්ලක්ෂ පනස් දහසක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ දූෂණ චෝදනා දුෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පානදුර ශ්‍රී සුමංගල පිරිමි විදුහලේ විදුහල්පතිවරයා දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා නියම කළේය . 29 January 2022
ඔමික්‍රොන් ආසාදිතයෝ තවත් 82 ක් මෙරට ප්‍රදේශ රැසකින් ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් 82ක් සහ ඩෙල්ටා ආසාදිතයින් 6 දෙනෙකු හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 29 January 2022
‘ගස්කොළන් සුලබ ප්‍රදේශවල කොවිඩ් මරණ අඩුයි‘ ගස්කොළන් සුලබ පරිසර පද්ධති පවතින ප්‍රදේශවල කොවිඩ් මරණවල සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරන බවට සෞඛ්‍ය අංශ කළ සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇත. 29 January 2022
සංවර්ධනයට දෙන මුදල් අදියර තුනක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන් කෙරෙන විමධ්‍යගත අරමුදල්, සංවර්ධන ව්‍යාපෘති සඳහා අදියර හතරක් යටතේ නිකුත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. 29 January 2022
රජයේ ආයතනවල රාජකාරී මගහරින අය ගැන අවධානය රාජ්‍ය සේවයෙන් සේවයේ නියුතු සේවක සේවිකාවන්ගෙන් සියයට 30ත් 40ත් අතර සංඛ්‍යාවක් සිය රාජකාරි නිසි පරිදි ඉටු නොකර බොහෝ අවස්ථාවල නිකරුණේ කාලය ගත කරන බව ( අයිස් ගැසීම ) සමීක්ෂණයකදී පෙනී ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. 29 January 2022
ඉන්ධනවලට ඩොලර් සෙවීම කබ්රාල් බාර ගනී මතුව තිබෙන ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සොයාදීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බාර ගනු ලැබ ඇත . 29 January 2022
මේ වසරේ විදෙස් ණය ඩොලර් කෝටි 690ක් මේ වසරේ ගෙවිය යුතු විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි 690ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශය වාර්තාවක් මගින් කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත. 29 January 2022
ජාවාරම්කරුවකුට රැකවරණය දුන් රාජ්‍ය ඇමැතිගේ පට්ටම ගැලවෙයිද? නීතියෙන් බේරීම සඳහා විදෙස්ගතව සිටි එතනෝල් ව්‍යාපාරිකයකු මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා කැඳවාගෙන ආ බවට චෝදනා එල්ලවී සිටින රාජ්‍ය අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් රජයේ ප්‍රධානින් දැඩි පියවරක් ගැනීමට සූදානම් වන බව ආණ්ඩුවේ ආරංචිමාර්ගවලින් පැවසේ. 29 January 2022
අධිවේගියේ ලොරි අනතුරෙන් දෙදෙනෙක් මරුට අධිවේගී මාර්ගයේ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා දිවෙන මං තීරුවේ දී අද (29) අලුයම සිදුවූ ලොරි රථ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 29 January 2022
පළාත් කිහිපයකට වැසි උතුරු සහ උතුරුමැද පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (29) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 January 2022
කතානායකටත් කොවිඩ් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටද කතානායක නිල නිවෙසේ සේවකයන් තිදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 28 January 2022
කොවිඩ් ආසාදිතයින්ගෙන් වැඩි දෙනෙකුට ඔමික්‍රෝන් මෙරටේ හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 95ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අද රාත්‍රී නිවේදනය කළේය. 28 January 2022
කොවිඩ් ආසාදිතයන් 961 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 961 දෙනකු අද (28) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 28 January 2022
වාණිජ කෘෂිකර්මාන්ත විනාශ කරන්න එපා වාණිජ කෘෂිකර්මාන්ත විනාශ නොකර සිදුවූ වැරැද්ද වහාම නිවැරදි කරගත යුතු යැයි කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (28) පැවසීය. 28 January 2022
කොවිඩ් මරණ 17ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 January 2022
පුනා ඇලේ ගල් තලාවෙන් මළ සිරුරක් හමුවේ කොත්මලේ, රම්බොඩ වත්තේ පුනා ඇලේ ගල් තලාවක් මත තිබියදී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (28) සොයා ගත් බව කොත්මලේ පොලීසිය පවසයි. 28 January 2022
නිදහසේ පෙරහුරුවට පාරවල් වැහෙන්නේ මෙහෙමයි කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ පැවැත්වෙන 74 වන ජාතික නිදහස් දින උත්සවය හා එයට සමගාමිව පැවැත්වෙන පෙරහුරු වෙනුවෙන් හෙට (29) දින සිට පෙබරවාරි මස 04 වැනි දින දක්වා කොළඹ නගරයේ මාර්ග රැසක වාහන ධාවන සීමා කරන බව පොලිස් මුලස්ථානය පවසයි. 28 January 2022
ලක්ෂ 30ක බීට්රූට් රේගුවෙන් අල්ලයි අර්තාපල් යැයි හඟවමින් නීතිවිරෝධීව ආනයනය කළ රුපියල් ලක්ෂ 30 කට අධික වටිනාකමින් යුත් බීට්රූට් කිලෝ 16,000 ක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ නිලධාරීන් බාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 28 January 2022
පානදුර සුමංගල විදුහලේ විදුහල්පති අල්ලස් දැලේ පානදුර සුමංගල විදුහලේ විදුහල්පතිවරයා රුපියල් එක්ලක්ෂ පනස් දහසන අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී අද අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා පැවසීය. 28 January 2022
අලි අඟල් කපන්න කිවුවත් සල්ලිදී නෑ අලි අඟල් කපන්න කිව්වත් ආණ්ඩුව ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් ලබාදී නැතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා චෝදනා කළේය. 28 January 2022
නව දුර ගමන් සුඛෝපභෝගී බස් සේවයක් මාකුඹුර ප්‍රවාහන මාධ්‍යස්ථානයේ සිට දුරගමන් සේවා සුඛෝපභෝගී බස් සේවාවක් ප්‍රධාන නගර 25 ක් දක්වා ලබන 1 වැනිදා ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය. 28 January 2022
අඹගස්වැව වඳපීදුණු ගොයමට ගිනි තබයි මැදිරගිරි මහ අඹගස්වැව යාය නවය එකමුතුගම ප්‍රදේශයේ කාබනික සහ දියර පොහොර යොදා වගා කළ කුඹුරු අක්කර 200 පමණක් පමණ ගොයම ගොවින් විසින් ගිනි තබා විනාශ කරනු ලැබීය. 28 January 2022
කුමාර වේල්ගමටත් කොවිඩ් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වේල්ගම මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තාවේ. 28 January 2022
උසස් අධ්‍යාපන ඉංග්‍රීසි භාෂාවට සීමාකිරීම සිංහල භාෂාවට තර්ජනයක් වර්තමානයෙ බොහෝමයක් උසස් අධ්‍යාපන පාඨමාලා ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමාවීම සහ විශේෂවේදී උපාධි සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ක්‍රියාත්මකවීම ශ්‍රී ලංකාවේ උරුමයට සහ රටේ අනන්‍යතාවය ආරක්ෂා කරන ජාතික භාෂාවට බරපතළ තර්ජනයක් බවත් උසස් අධ්‍යාපනය ඉංග්‍රීසියට පමණක් සීමා නොකළ යුතු බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 28 January 2022
උසස් පෙළ කාලසටහනට එරෙහි පෙත්සමක් අපොස උසස් පෙළ විභාගය සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත්කරනු ලැබ ඇති ’’විභාග කාලසටහන’’ ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා අභියාචනාධිකරණයට අද (28 ) රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. 28 January 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026