ගෑස්වල වායු සංයුතිය බලන්න ආයතන දෙකක් ගෑස් සිලින්ඩර්වල වායු සංයුතිය පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ පෞද්ගලික සමාගමක් වන ‘ඉන්ටටෙක්’ යන ආයතන දෙක පරීක්ෂා කරමින් සිටින බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (25) පස්වරුවේ පැවසීය. 25 November 2021
කොරෝනා මරණ අද 27 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 27 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 November 2021
ලංවීම අකුරට වැඩට ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ නෑ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමති ක්‍රියාමාර්ගය පදනම් විරහිත වෘත්තීය භාවයකින් තොර ක්‍රියා මාර්ගයකැයි ‘‘ලංවීම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය“ සඳහන් කරයි. 25 November 2021
ගල්ඔය සමාගමේ අක්‍රමිකතා රැසක් එළියට සීමාසහිත ගල්ඔය (පෞද්ගලික) සමාගමේ පරිපාලන තීරණ ගැනීමේදී වැඩි බලතල පෞද්ගලික සමාගම් දෙක සතු වන්නේ කෙසේදැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් කමිටුවේ ) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා එම සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කළේය. 25 November 2021
කින්නියා නගර සභාපති රිමාන්ඩ් කින්නියා කුරිඤ්ඤන්කේනි කළපුවේ පාළම් පාරුවක් පෙළී පාසල් සිසුන් ඇතුලු හය දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 20 දෙනෙකුට තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා නගර සභාවේ සභාපතිවරයා ලබන 12 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් අබ්දුල් පයාත් රසාක් මහතා අද සවස නියෝග කළේය. 25 November 2021
සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ලංගමයේ දිනක ආදායම කෝටි 6 පනී ‘කොවිඩ්’ පළාත් සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසුව ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) දිනක ආදායම රුපියල් මිලියන 60 ත් 65 ත් හෙවත් කෝටි හයක් ඉක්මවා වර්ධනය වී ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා ‘ලංකාදීප’යට පැවසීය. 25 November 2021
රාජ්‍ය නිලධාරීන්ට නව තාක්ෂණික දැනුම තාක්ෂණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය රාජ්‍ය නිලධාරීන් 1000කට නවීන තාක්ෂණ දැනුම ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. 25 November 2021
'මාධ්‍යවේදීන් පොලිසියට කැඳවා ප්‍රශ්න නොකළ යුතුයි' ලියන දේවල් ගැන මාධ්‍යවේදීන් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීම නොකළ යුතු බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(25) පැවැසීය. 25 November 2021
කින්නියා කළපුවේ පාසල් සිසුන් ප්‍රවාහනයට නාවික හමුදාවෙන් මගී යාත්‍රාවක් කින්නියා කුරිඤ්ඤන්කේනි කලපුවේ පාසල් සිසුන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සදහා අද (25) සිට නාවික හමුදා මගී ප්‍රවාහන යාත්‍රාවක් යොදවා ඇති බව නාවික හමුදාව පවසයි. 25 November 2021
වැවිලි බෝග -ආයුර්වේද ඖෂධ අපනයනයට නවීණ කර්මාන්ත ශාලාවක් වැවිලි බෝග සහ ආයුර්වේද ඖෂධ සඳහා භාවිතා කරන ශ්‍රී ලංකාවේ වගා නිෂ්පාදනවලට අගය එකතු කර යුරෝපයට අපනයනය කිරීමට අවශ්‍ය නවීණ තාක්ෂණයෙන් යුක්ත කර්මාන්ත ශාලාවක් ජනවාරි මාසයේදී විවෘත කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 25 November 2021
ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පරිගණක සැළසුම් ශිල්පියා අත්අඩංගුවට කළුතර දකුණ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට ව්‍යාජ මුදල් ලබාදී භාණ්ඩ ලබා ගැනීමට උත්සහ දැරූ පරිගණක සැලසුම් ශිල්පියෙක් ව්‍යාජ මුදල් නෝට්ටු කීපයක් සමග අත්අඩංගුවට ගත් බව කලුතර දකුණ පොලිසිය කියයි 25 November 2021
'සියලු මාර්ග නියමිත කාලයට සංවර්ධනය කරනවා' ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනයෙන් ජනතාවට දුන් පොරොන්දු ප්‍රකාරව සියලුම මාර්ග නියමිත කාලයට සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා පැවසීය. 25 November 2021
මධ්‍යම තැපැල් හුවමාරුවෙන් කෝටි 02 ක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සොයාගනී ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ පාර්සල් කීපයක් තුළ සගවා තිබූ රුපියල් කෝටි 02 ක් පමණ වටිනා ’’ කුෂ්’’ නැමැති ගංජා තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් අද (25) සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය . 25 November 2021
මහින්ද සමරසිංහ අස්වූ බව පා: ලේකම් මැතිවරණ කොමිසමට දැනුම්දෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද (25) ලිඛිතව දැනුම් දුන්නේය. 25 November 2021
ගෑස් සිලින්ඩරයක් පුපුරා නිවසක මුළුතැන්ගෙට හානි කොට්ටාව පන්නිපිටිය හෝකන්දර ප්‍රදේශයේ විශ්‍රාමික ගුරුවරයකුගේ නිවසෙහි ගෑස් සිලින්ඩරය පිපිරීමෙන් මුළුතැන්ගෙට අලාභානි වී ඇතැයි කොට්ටාව පොලිසිය කියයි. 25 November 2021
කටුනායක ගුවන්තොටේ දෙවැනි අදියරත් ජනතා අයිතියට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර අද (25) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් , ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ පැවති උත්සවයකදී විවෘත කිරීම සිදු විය . 25 November 2021
‘‘අපි ගහන්නේ නෑ හැබැයි ගහපු දාට කාට කාට වදිද දන්නේ නෑ‘‘ අතීතයේ ඇතැම් ආණ්ඩු හවුල් පක්ෂවලට පහරදී ඒවා විනාශ කරගත් බවත් මේ ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය රැඳී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දාහතර දෙනා අත යැයි ඔබ සියලු දෙනාට සිහිපත් කර දෙන බවත් හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. 25 November 2021
මොරගහකන්දේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි මොරගහකන්ද ජලාශයෙ ජල පෝෂකවලට ඇද හැළෙන තද වර්ෂාවත් සමග ජලාශයෙන් ජල මට්ටම ඉහළ යාම නිසා එහි වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වී ඇතැයි එහි ඉංජිනේරුවෝ පවසති. 25 November 2021
හිටපු ඇමැති මංගලට අවසන් ගෞරවය හිටපු අමාත්‍යවරයකු වන මංගල සමරවීර මහතාගේ මියගොස් තෙමසක් සම්පූර්ණවීම නිමිත්තෙන් ඔහුගේ පවුලේ ඥාතීන් සහ හිතමිතුරන් එක්ව “මතක මංගල” නමින් ආගමික හා සමරු වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබිණි. 25 November 2021
මිතුරාගේ ක්‍රෙඩිට් කාඩ් පතින් රන්බඩු මිලදීගත් අයෙක් අත්අඩංගුවට වැල්ලවත්තේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකුගේ ක්‍රෙඩිට් කාඩ්පත සොරාගෙන රුපියල් ලක්ෂ 5 ට අධික මුදල් හා රන් බඩු මිළදී ගත් සැකකරුවෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 25 November 2021
හිටපු අගමැතිගෙන් ඩොලර් හිඟයට විසඳුමක් රට මුහුණ දී සිටින උග්‍ර ඩොලර් හිඟය පියවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියහොත් අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන මගින් ද ණය ගැනීමේ හැකියාව ලැබෙන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එකක් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 25 November 2021
නැගෙනහිර පළාතේ පාලම්පාරුවල ගුණාත්මක බව සොයන්න කණ්ඩායමක් නැගෙනහිර පළාතේ දැනට පාවිච්චි කරන සියලුම පාලම්පාරුවල ගුණාත්මක තත්වය පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (25) පැවසුවාය. 25 November 2021
කින්නියා නගරය ශෝක දිනයක් කින්නියා කුරුඤ්ඤංකේණි ඛේදවාචකයෙන් මියගියපිරිස සිහිකරමින් කින්නියා නගරයේ කඩ සාප්පු වසා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. 25 November 2021
සජබ මන්ත්‍රීවරු රෝස පටි පැළද මැති සබේට මැතිසබයේ කාන්තා හිංසනයට විරෝධය පළ කරන බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ’’කාන්තාවන්ට එරෙහි හිංසනය වළක්වමු’’ යන පාඨය සිය ශරීරයන්හි ප්‍රදර්ශනය කරමින් අත්වල රෝස පැහැති පටියක්ද පැළඳ මැතිසබයට අද (25) පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය. 25 November 2021
සාදයේදී මත් වෙන්න වේදනා නාශක පෙති ගත් තරුණයින් අල්ලයි මිළ අධික වේදනා නාශක පෙති තොගයක් සමග කටුගස්තොට වෙලේකඩේ නිවසක සාදයක් සඳහා රැස්ව සිටි තරුණ පිරිසක් මහනුවර කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (24) රාත්‍රියේ අත් අඩංගුවට ගනු ලැබීය. 25 November 2021
විදුලි ඉන්ජිනේරුවෝ අකුරට වැඩ විදුලි ඉන්ජිනේරුවන් අද (25) අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි ඉන්ජිනේරු සංගමයේ සභාපති ඉන්ජිනේරු සෞම්‍ය කුමාරවඩු මහතා කියයි 25 November 2021
’කල්‍යාණි රන් පිවිසුම’ පස්වරු 3 සිට ජනතාවට විවෘතයි ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාළම නොහොත් ’කල්‍යාණි රන් පිවිසුම’ අද පස්වරු 3 සිට මහජනතාවට විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 25 November 2021
ලංකාවේ පුනර්ජනනීය බලශක්ති වැඩසටහනට ඇමෙරිකාවෙන් ඩොලර් මිලයන 19ක් ඉදිරි පස්වසරක කාලයකට ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති වැඩසටහන සදහා ජාත්‍යන්තර සංවර්ධනය සදහා වන එක්සත් ජනපද නියෝජිතායතනයෙන් ඇමෙරිකා ඩොලර් මිලයන 19 ක ප්‍රදානයක් කළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය සදහන් කරයි. 25 November 2021
කටුනායක ගුවන්තොට පුළුල් කිරීම ප්‍රමාද වීමෙන් මිලියන ගණනක පාඩුවක් යහපාලන රජයේ අදූරදර්ශී පාලනය නිසා කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපොල පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නියමිත කාලයේදී අවසන් කිරීමට නොහැකි වීමෙන් රුපියල් මිලියන 11,050 ක බරපතල පාඩුවක් දැරීමට සිදුව ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 25 November 2021
කෘෂිකර්ම ඇමැතිගෙන් නිවේදනයක් කොරෝනා වසංගතය, අධික වර්ෂාව ආදිය නිසා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ නොසිතූ ගැටලු ඇති වූ හෙයින් රසායන පොහොර තහනම ඉවත් කිරීමට රජය තීන්දු කළ ද හරිත ශ්‍රී ලංකාවක් පිළිබඳ තීන්දුව ආපසු හරවන්නේ නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 25 November 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026