බෙල්ලන්විල රජමහා විහාර භූමියේ ජීව අත්බෝම්බයක් බෙල්ලන්විල රජමහා විහාර භූමියේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ. 13 October 2021
අර්ජුන් මහේන්ද්‍රන් නැතිව මහබැංකු නඩුව විභාගයට අවසර මහ බැංකු බැඳුම්කර වංචා කළ බවට චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවල් ටෙශර සමාගමේ හිටපු අධ්යක්ෂවරයා නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සාක්කි මෙහෙය වන ලෙස පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නීතිපතිවරයාට නියම කළේය . 13 October 2021
පොලිස් ඔත්තුකරුගේ දුරකතනය කොල්ලකෑ එස් අයි ගේ වැඩ තහනම් මහ මග ගමන් කරමින් සිටි පොලිස් ඔත්තුකරුවකුට පහරදී ඔහුගේ ජංගම දුරකතනය කොල්ලකෑ බව කියන කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 13 October 2021
එල්.පී.එල්. පළමු වටය කොළඹට එයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වරට සංවිධානය කරන ‘ලංකා ප්‍රීමියර් ලීග්’ (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය කර තිබේ. 13 October 2021
21දා සිට දුම්රිය වාර 130ක් පළාත් සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත මේ මස 21 වැනිදා සිට දුම්රිය ධාවන ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. 13 October 2021
පාසල් විවෘත කිරීමට පෙර විශේෂ පෙරහුරුවක් පාසල් කටයුතු පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් විශේෂ පෙරහුරුවක් පාසල් විවෘත කිරීමට පෙර පැවැත්වීම කෙරෙහි සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී ඇත. 13 October 2021
ඇලහැර ව්‍යාපාරයේ ගොවියෝත් පාරට බසිති රසායනික පොහොර ලබා දෙන ලෙසට බල කරමින් ඇලහැර ව්‍යාපාරයේ ගොවීන් 600 වැඩි පිරිසක් අද දින බකමූණ නගරයේ විරෝධතාවයක නිරතවූහ. 13 October 2021
ඉන්දීය යුද හමුදා ප්‍රධානී ආරක්ෂක ලේකම් හා යුද හමුදාපති හමුවෙයි මෙරට නිල සංචාරයක නිර. ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් එම්. එම්. නාරාවනේ මහතා අද (13) දින ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් හමු වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටී. 13 October 2021
හිටපු නාවික හමුදාපතිට එරෙහි අධි චෝදනා ඉවත් කර ගනී හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගන්නා බව නීතිපතිවරයා අද (13) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 13 October 2021
කෝප් කමිටු වාර්තා ගැන මැතිසබා විවාදයක් 22 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) වාර්තා පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 22 වැනිදා දවස පුරා පවත්වන බව එම කාරක සභාවේ සභාපති, මහාචාර්ය චරිත හේරත් මහතා ලංකාදීපයට පැවැසීය. 13 October 2021
ගුරුවර්ජනය අඛණ්ඩව ඉදිරියට ගුරුවර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙනයන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සඳහන් කරයි. 13 October 2021
බීට්ටු වන නිලධාරියා අල්ලස් දැලේ බලපත්‍ර නොමැතිව ප්‍රවාහන කළ ලී තොගයක් මුදා හැරිමට රුපියල් 20,000 ක අල්ලස් ගත් මහකුඹුක්කඩවල බිට්ටු වන නිළධාරියා අල්ලස් හා දුෂණ විමර්ශණ නිළධාරින් ආඩිගම බුද්ධිගම ප්‍රදේශයේදි අත් අඩංගුවට ගත් බව කියයි. 13 October 2021
ශ්‍රී ලංකාව නැවතත් කොළ කලාපයට ශ්‍රී ලංකාව කොරෝනා රතු අවදානම් කලාපයෙන් කොළ කලාපයට පිවිස ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය. 13 October 2021
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ආදායම ඉහළට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මෙම වසරේ අගෝස්තු මාසය අවසන් වන විට පසුගිය වසරට සාපේක්ෂව සියයට 74ක ආදායම් වර්ධනයක් ලබාගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 13 October 2021
ඛනිජ තෙල් සඳහා සහන ඉල්ලයි ඛනිජ තෙල් මිල අද හෝ හෙට ඉහළ නොයන බවත් ඛනිජ තෙල් සඳහා සහනයක් ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’යට පැවසීය. 13 October 2021
විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ අද රැස්වෙති ශ්‍රී ලංකා විදුලිබල ක්ෂේත්රයේ මේ වන විට උද්ගත වී ඇති තත්වය පිළිබඳව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සාමාජික සංගම්වල නියෝජිතයෝ අද (13) පස්වරුවේ රැස්වන බව එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසීය. 13 October 2021
“ලාංකිකයන් පරීක්ෂණාගාරයක මීයන් බවට පත්වෙලා’’ ’’එල් බෝඩ්’’ ගහගෙන යන ජනාධිපතිවරයකුගේ පාලනය යටතේ සමස්ත ආණ්ඩුවම ’’ගොංපාට්’’ එකක් වී ඇතැයි සමගි ජනබලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පැවසීය. 13 October 2021
කැබ් රථය ප්‍රපාතයට දෙකක් මරුමුවට ඌවපරණගම අඹගස්දෝව ප්‍රදේශයේ දී ඊයේ 12 රාත්‍රී කැබ් රථයක් පාරෙන් ඉවතට පැන අඩි 22 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ඌවපරණගම පොලීසිය කියයි. 13 October 2021
හදා දින 12යි පොල් පර්යේෂණාගාරය ගිලා බැහැලා ලුණුවිල පොල් පර්යේෂණාගාරයට අයත් පල්ලම පිහිටි ජාන සම්පත් මධ්‍යස්ථාන භුමියේ ලක්ෂ 50 ක වියදමින් ඉදිකරන රසායනාගාර ගොඩනැගිල්ල ඉදි කිරීම් කර දින 12 ක් යාමටත් පෙර බිත්ති ගිලා බැස පුපුරා යමින් ඇති බව සේවකයන් හා ප්‍රදේශවාසින් චෝදනා කරති. 13 October 2021
ඉස්කෝලේ ආ අලි බුත්තල මහගොඩයාය ගම්මානයේ පිහිටි මහගොඩයාය පාසලට වල් අලි කඩා වැදි භවභෝග විනාශ කර ඇතැයි ඇතැයි ගම්වාසිහු පවසති. 13 October 2021
අද දවසේ කාලගුණය පළාත් කිහිපයකට අද (13) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 October 2021
ඉන්දීයාව පිනවා ‘‘මැණිකේ‘‘ යළි දිවයිනට ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටියත්, සිංහල භාෂාවක් තියෙනවා කියලා දන්නෙ නැතිව ඉන්න ඇති. ඒ ජනතාව අහපු නැති භාභාෂාවකින් මම ගීතයක් ගායනා කළා , එය අතිශයින්ම ඉන්දියාව මෙන්ම ලෝකය පුරාමත් ජනප්‍රිය වූණා ඒ ගැන මා ඉතා සතුටු වෙනවා යැයි බව ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පැවසුවාය . 13 October 2021
පිළිකා සෛලවලට වෙට්ටුවක් දමන්න පෝෂක ඖෂධයක් පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ කීපයක් ළගදීම වෙළෙදපොළට නිකුත් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා කියයි. 12 October 2021
රේගුවෙන් තහනම් බඩු පැන්නූ නිලධාරියා ගැන සොයයි ගුවන් මගියකු ඉන්දියාවේ සිට නීති විරෝධීව රැගෙන ආ කරතමුංගු සහ කහ තොගයක් කටුනායක ගුවන්තොටුපලෙන් පිට කිරීමට සහය දැක්වූයේ යැයි චෝදනා එල්ල වී තිබෙන රේගු නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසීය. 12 October 2021
1000ක මල්ලක් නැතිව සතොසෙන් කහගන්න බෑ සතොස මගින් කහ කුඩු අලෙවි කෙරෙන බව සදහන් වූවද කහ කුඩු ග්‍රෑම් සීයක් මිලදී ගැනීමට රුපියල් දහසක ද්‍රව්‍ය ලබා ගත යුතු බවත් ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳහල්වල මේ දිනවල කහකුඩු මිලදී ගැනීමට නොමැති බවත් පාරිභෝගිකයින් පවසති. 12 October 2021
දොඩංගොඩ නිවෙසක කතක් අභිරහස් ලෙස මියයයි කළුතර,දොඩංගොඩ ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක අභිරහස් අන්දමින් මියගොස් සිටියදී අද පස්වරුවේ හමු වූ බව දොඩම්ගොඩ පොලීසිය කියයි. 12 October 2021
බන්ධනාගාර අධිකාරි අධිකරණට කැඳවයි රිමාන්ඩ් බාරයේ සිටින නාකොටික් නිලධාරීන් හා ඊට අදාල වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට අද (12) නියෝග කළේය. 12 October 2021
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත් හිටුවයි පරිගණක පද්ධතියේ බිද වැටීම් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (13) සිට සති දෙකක කාලයක් අත්හිටුවීම තීරණය කළ බව බස්නාහිර පලාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය පැවසුවාය. 12 October 2021
කොවිඩ් මරණ 23ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය. 12 October 2021
තෙවැනි මාත්‍රාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි සිරුරේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට සහ ’සයිනෝෆාම්’ සහ ’සිනෝවැක්’ යන චීන එන්නත් ලබා ගත් අවුරුදු 60 වැඩි වැඩිහිටියන්ට පමණක් මේ මොහොතේ තෙවැනි මාත්‍රාවක් (බූස්ටර් එන්නතක්) ලබා දීම සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 12 October 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026