’හීලෑ අලි ඇතුන් අපි බලාගනනම්’ පෙරහැරේ යන අලි ගැන පන්සල් බලා ගන්නා බැවින් අලි මිනිස් ගැටුම්වලට මැදිව දුක්ඛදායී ලෙස මියයන වන අලි ඇතුන් ගැන බලාගන්නැයි හීලෑ අලි ඇතුන් කිහිප දෙනා පස්සේ දුවන රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා සිටින බව කොළඹ හුණුපිටිය ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පැවැසූහ. 10 September 2021
’පාර්ශව තුනක් රකිමින් සහල් මිල නියම කළා ’ ගොවියා, වී මෝල්හිමියා සහ පාරිභෝගිකයා යන පාර්ශව තුනම ආරක්ෂා කරමින් වර්තමාන සහල් මිල නියම කළ බවත් වෙනත් ඕනෑම දේකට වඩා රටේ නීතිය ඉහළට යැයි සියලු දෙනා මතකයේ තබාගත යුතු බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය. 10 September 2021
’නිවාඩු ගත කරන්නන් අතර “හොඳම දූපත් 25” අතරට ශ්‍රී ලංකාව ’ ලොව නිවාඩු ගත කරන්නන් අතර ප්‍රසිද්ධ “හොඳම දූපත් 25” අතරට ශ්‍රී ලංකාව ද තේරී පත්ව ඇත. 10 September 2021
ස්පුට්නික් මාත්‍රා එක් ලක්ෂ විසිදහසක් ලබන සතියේ මෙරටට දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා මදි පාඩුවී ඇති ස්පුට්නික් එන්නත් ප්‍රමාණය සපුරාලීම සඳහා එම එන්නත් මාත්‍රා එක් ලක්ෂ විසිදහසක තොගයක් ලබන සතියේදී මෙරටට ලැබෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය. 10 September 2021
'සහනයක් නොදුන්නොත් සංචරණ සීමා ඉවත් කළත් බස් වැඩ නෑ' පෞද්ගලික බස් රථ සේවකයන් සඳහා රජය කඩිනම් සහනයක් ලබා නොදුනහොත් සංචරණ සීමා ඉවත් කළත් බස්රථ ධාවනයට පියවර නොගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 10 September 2021
‘බොබ්මාලේ’ගේ බිරිය ඇතුළු තිදෙනකු රඳවා ප්‍රශ්න කිරීමට අවසර බේරුවල හෙරොයින් සිද්ධියට අදාළව අඩංගුවට ගත් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වන චමින්දත් තාබෲ නොහොත් ’’බොබ්මාලේ’’ සහ ඔහුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක ඇතුළු තිදෙනෙකු ලබන 15 වන දා තෙක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය මත්ද්‍රව්‍ය කාර්යාංශයට අද(10) අවසර ලබා දුන්නා ය. 10 September 2021
අයිවර්මෙක්ටින් ඖෂධය කොරෝනා මර්දනයට යෝග්‍යයි පණු රෝග සඳහා ලබාදෙන ‘අයිවර්මෙක්ටින්’ ඖෂධය කොරෝනා මර්දනය සඳහා යෝග්‍ය බවත් එය නිර්දේශ කරන ආකාරය වෛද්‍යවරු තීරණය කළ යුතු බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැවසීය. 10 September 2021
‘ශ්‍රී ලංකාව යළි ලෝක සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගි වෙයි සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සදහා ලෝක සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගි වීම නැවතත් ආරම්භ කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. 10 September 2021
‘ඩෙල්ටා’ ප්රභෝදයට වඩා ‘ඇල්ෆා’ ප්‍රභේදය තවමත් ඉදියෙන් ශ්‍රී ලංකා ‘කොවිඩ්’ ආසාදිතයන් අසාධ්‍ය තත්වයට පත්වීමේදී ‘ඩෙල්ටා’ ප්රභෝදයට වඩා තවමත් ‘ඇල්ෆා’ ප්‍රභේදය ඉදියෙන් තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. 10 September 2021
ආයුර්වේද රෝහල්වල ඇඳන්වලින් සියයට 48ක් කොරෝනා රෝගීන්ට ආයුර්වේද රෝහල් පද්ධතිය තුළ පවතින ඇඳන්වලින් සියයට 48ක් කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කිරීමට පියවර ගෙන ඇතැයි ආයුර්වේද දෙපාර්තමේන්තුව සදහන් කරයි. 10 September 2021
වෙප්පමඩුව සුසාන භුමියේ වළ දැමු සිරුරක් යළි ගොඩගනී නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පුත්තලම වෙප්පමඩුව සුසාන භුමියේ මිහිදන් කර තිබු 56 හැවිරිදි අයකුගේ සිරුර පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අසේල ද සිල්වා මහතාගේ ඉදිරියේ අද(10 ) පෙරවරුවේ ගොඩ ගත්තේය. 10 September 2021
පාසල් විවෘත කිරීම ගැන සොයන්න තාක්ෂණික කමිටුවක් රටේ ළමයින් 100ට වඩා අඩුවෙන් සිටින පාසල් පළමුවෙන්ම විවෘත කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලා කඩිනමින් නිර්දේශ ලබාදීම සඳහා අධ්‍යාපන නිධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (10) පත්කරනු ලැබීය. 10 September 2021
ආධුනික කොස්තාපල්ගේ සිරුර වැලිසිකිලියේ එල්ලෙයි මෝදර පොලිසියේ ආධුනික පොලිස් කොස්තාපල්වරයකුගේ සිරුරක් පොලිස් බැරක්කයේ වැසිකිලිය තුළ එල්ලෙමින් තිබියදී සොයාගත් බව පොලීසිය කියයි. 10 September 2021
ඇමැති චමල්ටත් කොවිඩ් වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 10 September 2021
සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට තොග වෙළඳාමට විවෘතයි සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට (11) සිට තොග වෙළඳාම සඳහා විවෘත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. 10 September 2021
“කොවිඩ් තිබුණත් අගොස්තුවේදි සංචාරකයින් 5040ක් ලංකාවට ඇවිත්’’ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුවද පසුගිය අගෝස්තු මාසයේ දීත් විදෙස් සංචාරකයන් 5,040 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටි. 10 September 2021
කෘෂිකර්ම කාර්ය සාධක බලකාය නම් කරයි තිරසර කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා වන අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සදහා සාමාජිකයින් පත් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 10 September 2021
මහ කන්නයේ වගා කරන්න දින 35ක් ගොවීන්ට ජලය මෙවර මහ කන්නයේ මහ වාරි ක්‍රමය යටතේ වී වගා කරන ගොවීන්ට දින 35ක් ජලය සපයීමට අද (10) පැවැති මහවැලි ජල කළමනාකරණ කමිටුවේ දී තීරණය කෙරෙණි. 10 September 2021
අලි පැටවුන් පිළිබඳ ගැසට් පත්‍රයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය නඩු මගට උඩවලව ඇත් අතුරු සෙවනේ රඳවා සිටින අලි පැටවුන් 14 දෙනා ඔවුන්ගේ පැරණි හිමිකරුවන්ටම ලබා දෙන ලෙස දන්වමින් ලබා දී ඇති නියෝගය බල රහිත කරන ලෙස දන්වා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු සියලු වගකිව යුත්තන්ට විරුද්ධව එන්තරවාසියක් යැවීමට කටයුතු කරමින් සිටින බව පරිසර යුක්ති කේන්ද්‍රය කියයි. 10 September 2021
බන්ධනාගාර වලින් ජංගම දුරකථන 5,000ක් අත්අඩංගුවට බන්ධනාගාර තුළ සිට සිදුවන දූෂිත ක්‍රියාකාරකම් මැඩලීම සඳහා බන්ධනාගාර තුළ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් රැඳවියන් භාරයේ තිබූ ජංගම දුරකථන 5000 ට අධික ප්‍රමාණයක් සහ බැටරි 10,000 ට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක ලේකම්වරයා කීය. 10 September 2021
‘ආණ්ඩුවේ තීරණ වලින් ජනතාව කබලෙන් ළිපට ’ ආර්ථිකය ශක්තිමත් කිරීමට යැයි පවසමින් ආණ්ඩුව ගනු ලබන තීරණ හේතුවෙන් ජනතාව කබලෙන් ලිපට වැටී ඇතැයි සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී පැවසීය. 10 September 2021
එජාපයෙන් ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රයක් ලංකාවේ අනාගතයට අදාළව ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. 10 September 2021
මුද්‍රා තැබූ සීනී ගබඩාවේ සීනී විකිණු තිදෙනෙක් මාට්ටු පාරිභෝගික අධිකාරිය විසින් මුද්රතබනු ලැබූ කඩවත ප්‍රදේශයේ සීනි ගබඩාවක් අනවසරෙන් විවෘත කර සීනි අලෙවි කරමින් සිටි එම ගබඩාවේ සේවකයන් තිදෙනෙකු සහ රුපියල් මිලියන පන්සිය 530 ක සීනි තොගයක් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන තිබේ . 10 September 2021
නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දික් කරයි කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇදිරි නීතිය තවත් සතියක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 10 September 2021
ජනපති ලබන 21 නිව්යෝක් යයි ලබන විසි එක් වෙනිදා නිව්යෝක් නුවර දී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 76වැනි මහා සමුළුව ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වෙයි 10 September 2021
’රටපුරාම ඩෙල්ටා’ මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 95.8 කගේම ශරීරවල ඇත්තේ මාරාන්තික ඩෙල්ටා සැර කොරොනා වයිරස ප්‍රභේදය බව පෙනී යන්නේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 10 September 2021
කැලේ අතරමංවූ තරුණිය දින පහකට පසු හමුවෙයි සිය මව සමග නුවරඑලිය ඩන්සිනන් රක්ෂිතයට දර කැඩිමට ගොස් අතුරුදහන්වූ 26 හැවිරිදි තරුණිය නුවරඑලිය කිකිලියාමාන රක්ෂිතයේ අතරමංව සිටියදි දින පහකට පසු සොයාගත් බව නුවරඑලිය පොලිසිය පවසයි. 10 September 2021
සිමෙන්ති මිශ්‍රණය නිවස මතට කහතුඩුව කෝරළඉම ප්‍රදේශයේ දී සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයක් සවිකළ ලොරි රථයක් නිවසක් මතට පෙරලීමෙන්ක එම නිවසට දැඩි අලාභානි වී ඇතැයි කහතුඩුව පොලිසිය කියයි. 10 September 2021
බිරියගේ සිරුර මෙට්ටය මත:සැමියාගේ සිරුර වහලයේ හිසට පහරදී ඝාතනය කළ බවට සැකකරන විවාහක කාන්තාවගේ සිරුර නිවසේ මෙට්ටේ මත තිබියදී ඇගෙ සැමියාගේ සිරුර නිවසෙහි බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව කැස්බෑව පොලිසිය කියයි 10 September 2021
තැපැල් කාර්යාල අද සිට විවෘතයි විශ්‍රාම වැටුප් ඇතුලු සමාජ දීමනා ගෙවීම සඳහා සියලුම තැපැල් සහ උප තැපැල් කාර්යාල අද (10) සිට විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. 10 September 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026