ඕමල්පේ සෝභිත හිමිගෙන් සී.අයි.ඩිට පැමිණිල්ලක් පාස්කු ප්‍රහාරයේ වින්දිතයනට සහන සැලසීමට විදේශ රටවලින් සහ විවිධ සංවිධානවලින් ලබාදුන් රුපියල් බිලියනක මුදලක් එම වින්දිතයනට ලබා දී නොමැති බැවින් ඒ සඳහා වහා පරික්ෂණයක් කරන්නැයි ඉල්ලා ජාතික විද්වත් සංඝ සභාවේ සභපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළහ. 21 April 2021
හම්බන්තොටට ආ නැවක් ගැන සජිත් කියයි පරමාණුක ද්‍රව්‍ය රැගත් නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ ඇති බවට වාර්තා පළ වන හෙයින් ඒ ගැන වහා සොයා බලා කටයුතු කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 21 April 2021
ගුවන් පිහිනුම් සූරයාට පරිසර තානාපති ධූරයක් පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා 1971 දී ශ්‍රී ලාංකිකයෙකු වන කුමාර් ආනන්දන් තැබූ වාර්තාව බිඳිමින් නව ආසියානු වාර්තාවක් තැබූ ගුවන් හමුදාවේ නායක ගුවන්භට රොෂාන් අබේසුන්දරට පරිසර තානාපති ධූරයක් පිරිනැමීමට පරිසර අමාත්‍යංශ්‍ය පියවර ගත්තේය. 21 April 2021
අපේ විරුවෝ 243ක් සාමය රකින්න මාලි බලා යති එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු වෙනුවෙන් යුද හමුදා 243 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් රාති‍්‍රයේ මාලි රාජ්‍ය බලා පිටත් වුහ. 21 April 2021
‘‘කොරෝනා එන්නත් ගත් තුන්දෙනෙක් මැරිලා‘‘ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් පසුව රුධිරය කැටි ගැසුණු මෙරට හය දෙනකුගෙන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසුවාය. 21 April 2021
‘‘මා එදා සිටියේ රෝහලේ තිබූ මළමිනී ගොඩේ‘‘ අම්මා රෝහලට එන විට මාව දාල තිබිල තියෙන්නේ මියගිය අයගේ මෘත ශරීර අතරයි. මට පණ තිබෙන බව කියා කෑ ගසා තිබෙන්නේ මගේ අම්මා. ඒ අවස්ථාවේ මට ශරීරය සෙලවීමටත් බැරි වුණ නිසා ඔවුන් මා මියගොස් ඇති බව සිතන්න ඇති.” යැයි පාස්කු ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ මීගමුවේ පදිංචි තිළිණා හර්ෂණීය මහත්මිය කියන්නීය. 21 April 2021
දිනේෂ් කතානායකගෙන් පරීක්ෂණයක් ඉල්ලයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ සභාවට ගෙනැවිත් ඇති බැනර් ඇතුළු ද්‍රව්‍ය රැසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන්නැයි සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී අද (21) ඉල්ලීමක් කළේය. 21 April 2021
‘‘රන් මාල කඩන්නන් වැඩිවෙලා‘‘ රට පුරා ගෙල බැඳි රන් මාල කැඩීමේ සිද්ධීන්වල ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත් මාර්ගයේ ගමන් ගන්නා විට දැඩි අවධානයෙන් සිටින ලෙසට කාන්තාවන් ගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 21 April 2021
විදුලි සේවකයනට පහරදුන් පිය,පුතු,බෑණා අල්ලයි මහනුවර බහිරවකන්ද ටැංකිය වත්ත ප්‍රදේශයට රාජකාරි කටයුත්තක් සඳහා ගිය ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයනට පහරදුන් බව කියන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි . 21 April 2021
ශානි ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ් හිටපු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු තිදෙනා මැයි පස් වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (21) නියම කළේය. 21 April 2021
ද්විත්ව කොරෝනාවට අමතරව ඉන්දියාවේ ත්‍රිත්ව කොරෝනාවක් ද්විත්ව කොරෝනා විකෘති ප්‍රභේදයට අමතරව, ඉන්දියාවෙන් ත්‍රිත්ව කොරෝනා විකෘති ප්‍රභේදයක් ද පැතිර යමින් පවතින බවත්, ඉන්දියාවේ දෛනික ආසාදිතයන් දිනපතා ලක්ෂ දෙකට වඩා වැඩි වන්නේ මෙම ත්‍රිත්ව කොරෝනා විකෘතිය නිසා බවත් සෞඛ්‍ය අංශ අනතුරු අගවයි. 21 April 2021
කොළඹ බන්ධනාගාරයේ හොර අල්ලන්න අලුත් ඇහැක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ හා ඉන් පිටත සිදුවන අක්‍රමිකතා මැඩලීමට ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කිරීම ආරම්භ කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි. 21 April 2021
පාර්ලිමේන්තුව උණුසුම්.විනාඩි පහකට කල් තැබේ ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් මැතිසබේ කටයුතු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් විනාඩි 5 කට කල් තබනු ලැබීය . 21 April 2021
‘‘පාස්කු ප්‍රහාරකයනට බේරුමක් නෑ‘‘ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු දෙනා නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය . 21 April 2021
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය: සුදු පොලිස් නිලධාරියා වරදකරු වෙයි ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන්, සුදු පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් වරදකරු විය. 21 April 2021
‘ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරැඹිමට ආයෝජකයින් දිරිමත් කරන්න ‘ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට ආයෝජකයන් දිරිමත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බෝ ආ ඕ සංසදයේ සාමාජික රටවලින් ඉල්ලීමක් කළේය. 21 April 2021
බංග්ලාදේශය ලකුණු රැස්කිරීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (21 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගත්තේය. 21 April 2021
තවමත් ගලන පාස්කු කඳුළු පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය හා ආබාධිත තත්ත්වයට පත්වූවන් වෙනුවෙන් දිව්‍ය පූජා පැවැත්වීම කටුවාපිටියේ නිවාස 71 කදී සිදුකෙරුණේ ප්‍රදේශයේ පියතුමන්ලාගේද සහභාගීත්වයෙනි. 21 April 2021
කැරොලයින්ගේ ඉල්ලා අස්විම පිළිගනී 2020 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළ දැරෑ කැරොලයින් ජූරි ගේ ඉල්ලා අස්වීම පිළිගත් ලෝක විවාහක රූ රැජින සංවිධායක මණ්ඩලය එම කිරුළ එම වසරේ පැවති තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත් කේට් ෂින්ඩර් වෙත ප්රදානය කර ඇත. 21 April 2021
‘‘උදේ 8.45 ට විනාඩි දෙකක් නිහඬ වෙන්න‘‘ පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී අදට (21) දෙවසරක් සම්පූර්ණ වේ. 21 April 2021
වමත් පිතිකරුගේ අතවර සිද්ධියේ සී.සී.ටී.වී මැකිලා මාතර, වැලිගම ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වූ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයාට සම්බන්ධ සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන නොමැති බවට හෙළිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය. 21 April 2021
විනාඩි තුනෙන් කොරෝනා සොයන බැලුනයක් හුස්ම භාවිතා කර විනාඩි තුනක් වැනි කෙටි කාලයකින් කොවිඩ් ආසාදිතයකු හඳුනාගත හැකි ක්‍රමවේදයක් ඇමෙරිකානු සමාගමක් විසින් සොයාගෙන ඇත. 20 April 2021
නව කොරෝනා ප්‍රභේදයක් සෞඛ්‍ය අංශ විමසිල්ලෙන් ශ්‍රී ලංකාව තුළ මේ වන විට ‘කොවිඞ් 19’ නව ප්‍රභේදයක් පැතිර යමින් තිබේද යන්න පිළිබඳ සැකයක් ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 20 April 2021
පාස්කු බෝම්බයෙන් දිවි ගලවාගත් නීතිඥයෙක් කෝටි 120 වන්දි ඉල්ලයි 2019 වසරේ අප්‍රේල් 21 වැනි දා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු හිටපු ජනාධිපති ඇතුළු පිරිසකගෙන් සහ එම හෝටලයේ පාලනාධිකාරියෙන් රුපියල් මිලියන 1200ක වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලා බෝම්බ පිපිරීමෙන් මාරාන්තික තුවාල ලබා දිවි ගලවාගත් නීතීඥවරයකු කොළඹ දිසා අධිකරණය හමුවේ අද (20) නඩු පැවරීය. 20 April 2021
වෛද්‍ය සභාවේ වැදගත් ලිපි ගොනු කීපයක් අතුරුදහන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වැදගත් ලිපි ගොනු කීපයක් අතුරුදහන්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. 20 April 2021
‘‘යෝජිත වරාය නගර කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි‘‘ කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතින් කොළඹ වරාය නගර භූමිය ජනාධිපතිවරයා විසින් යෝජිත වරාය නගර කොමිසම වෙත පවරා දීමට ගෙන තීරණය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් , මේ තුළින් ජාතික ආරක්ෂාව පවා දැඩි ලෙස අනතුරට ලක් වන බව මෙම පනත් කෙව පෙත්සමක් ගොනු කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සහ යසස් ශ්‍රී නාගසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (20) පැවසීය. 20 April 2021
කතෝලික දේවස්ථාවවලට විශේෂ ආරක්ෂාව පාස්කු දින ප්‍රහාරය එල්ලවී හෙට (21) ට වසර 02ක් ගත වීම නිමිත්තෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය ඇතුළු කොළඹ නගරයේ බොහෝ කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක් අද (20) දිනයේ උදෑසන සිට යොදවා තිබේ. 20 April 2021
හපුතලේ රාජ්‍ය බැංකුවකුත් වසයි හපුතලේ රජ්‍ය බැංකු කළමනාකාරිණීය කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම ශාඛාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව හපුතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය කියයි. 20 April 2021
පා.මන්ත්‍රී පුත් රඛිත රාජපක්ෂට ඇප රාජගිරිය ගුවන් පාලම අසලදී රිය අනතුරක් සිදු කර එය වළාක්වා නොගත්තැයි වැලිකඩ පොලිසිය අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි පුත් නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.ප්‍රභාගරන් මහතා නියෝග කළේය. 20 April 2021
වරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම්වල කරුණු දැක්වීම අවසන් වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් දේශපාලන ලක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයක් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය තෙවැනි දිනට සදහා හෙට (21) ට කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද තීන්දු කළේය. 20 April 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026