හල්දුම්මුල්ලට - ඇල්ලට - පස්සරට ආපදා අවදානම තවදුරටත් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල , ඇල්ල හා පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ඉකුත් 22 අඟහරුවාදා නිකුත් කළ ආපදා අවදානම් පළමුවන අදියරට අදාල කහ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 25 October 2019
මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපතිගෙන් පොලිසිය පැය 4 ක් ප්‍රශ්න කරයි අමාත්‍ය රවුෆ් හකීම් මහතා ජාතික කවුහිත් ජමාද් සංවිධානයේ නායකයාව සිටි සහරාන් හෂීම් සමඟ 2015 පැවැත්වූ බව කියන සාකච්ඡාවක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළ මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති මොහොමඩ් මිෆ්ලාල් මවුලවිවරයාගෙන් පොලිසිය අද (25) පැය 4 ට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. 25 October 2019
‘‘ආණ්ඩුකාරවරු මැතිවරණ ප්රචාරයට රාජ්‍ය සම්පත් යොදා ගන්නවා‘‘ පළාත් ආණ්ඩුකාරවරුන් මැතිවරණ ප්‍රචාරය සඳහා එක්වෙමින් පළාත් සභා සතු රාජ්‍ය සම්පත් ඊට උපයෝගී කරගන්නා බවට මැතිරවණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය චෝදනා කරයි. 25 October 2019
ජනාධිපතිවරයාගේ දිනක වියදමට කෝටි 2 ක් ලබන අවුරුද්දේ මුල්මාස හතරට අදාළව වියදම් දැරීමට අතුරු සම්මත ගිණුමක් අනුමත කරගත් අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ ඊට විරෝධය දැක්වූ නමුත් එක්සත් ජාතික පක්ෂයත්, ශී‍්‍ර ලංකා පොදු පෙරමුණ වගේම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයද ඊට සහයෝගය දීම නිසා එය සම්මත වූයේ යයිද එමගින් ජනාධිපතිවරයාට පමණක් රුපියල් කෝටි 240ක් අනුමත වූ බවද ජනතා විමුක්ති පෙරමුණ් ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා පැවසීය. 25 October 2019
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට එළිදකී ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (26) පෙරවරු 9.30 ට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පදනම් ආයතනයේදී එළිදැක්වේ. 25 October 2019
මඩකලපු රාත්‍රී තැපැල් දුම්රිය අද සිට ධාවනය කෙරේ දින තුනකට පසු කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රිය අද (25) රාත්‍රී සිට ධාවනය වන බව දුම්රිය පාලන මැදිරි කාර්යාලය පවසයි. 25 October 2019
‘‘ජනපතිවරණයට ආපදා තත්ත්වයක් ඇතිවුව හොත් මුහුණදීම සඳහා සූදානම්‘‘ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනවල හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එයට මුහුණදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 25 October 2019
වැලිකඩ අංක 03 වාට්ටුවේ රැඳවියන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට වැලිකඩ බන්ධනාගාර රෝහලේ අංක 03 වාට්ටුවෙන් විදෙස් මත්පැන් බෝතලයක් සහ ජංගම දුරකතනයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම රෝහල් වාට්ටුවේ සිටි රැඳවියන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට පමුණුවන බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 October 2019
ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ශ්රීලනිපය අනුමත කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සියයට සියයක් අනුමත කළ හැකි එකක් බව ශ්‍රී.ල.නි.ප ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 25 October 2019
ඇල්ල - වැල්ලවාය මාර්ගය තාවකාලිකව වහයි නාය යාමත් සමඟ මාර්ගයට ගල් කඩා වැටීම හේතුවෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසීය. 25 October 2019
විදේශ භාෂා උගන්වන්න රාජ්‍ය පාසල්වලට උපාධිධරයෝ බඳවා ගනිති රජයේ පාසල් වල විදේශ භාෂා ඉගැන්වීම සඳහා උපාධිධාරී ගුරුවරු බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 25 October 2019
ලබන සඳුදා දෙමළ පාසල් නිවාඩු දීපවාලී උත්සවය වෙනුවෙන් ලබන සඳුදා(28) සියලු දෙමළ පාසල්වලට(මුස්ලිම් පාසල් හැර) නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. 25 October 2019
අන්තරේ සිසුන් 53 දෙනාට ඇප නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වෙමින් ලෝටස් වටරවුමේ දී උද්ඝෝෂණයක් පැවැත්වූ විශ්ව විද්‍යාල සිසුන් 53 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (25) නියෝග කළේය. 25 October 2019
අත්අඩංගුවට ගත් අන්තරේ සිසුන් 53 දෙනා අද අධිකරණයට අධිකරණ නියෝග නොතකා, මැතිවරණ නීති උල්ලංඝනට කරමින් කොළඹ කොටුවේ දී විරෝධතාවේ නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට සරසවි සිසුවිය ඇතුළු සිසුන් 53 දෙනා අද (25) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි. 25 October 2019
‘එජාප මන්ත්‍රීවරුන්ට ගහලා එලෙව්වේ නැත්තේ ඇයි කියලා සජිත් ඇහුවා‘ හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිරීක්ෂණය කිරිමට 2014 අප්‍රේල් 17 දා හම්බන්තොට වරායට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදී එළවා නොදැම්මේ ඇයිදැයි, එවකට එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිද්ධිය වූ දිනට පසුදින දුරකථන ඇමැතුමක් ලබා දී තමාගෙන් විමසූ බව හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා හම්බන්තොට දී පැවසීය. 25 October 2019
මැතිවරණ කොමිසමට පැමිණිලි 1618 ක් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට හා දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට මැතිවරණ පැමිණිලි 1618 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 25 October 2019
මුහුද රළු වෙයි ශ්‍රී ලංකාවේ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 October 2019
ඇතැම් පිරිස් කැලිෆෝනියා අධිකරණයේ නඩු තීන්දුව අවභාවිත කරනවා ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය දුන් නියෝගය අවභාවිත කරමින් ඇතැම් පිරිස් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අසත්‍ය චෝදනා නගමින් සිටින බව ජනාධිපති නීතිඥ රසික් සාරුක් මහතා අද (24) ප්‍රකාශ කළේය. 25 October 2019
‘රට ඉදිරියට ගෙනයාමට නම් දේශපාලනයේ සිටින මකරුන්ගෙන් බේරාගත යුතුයි‘ රට ඉදිරියට ගෙනයාමට නම් දේශපාලනයේ සිට රට ගිලගැනීමට බලා සිටින මකරුන්ගෙන් හා මංකොල්ලකාරයින්ගෙන් රට බේරාගත යුතු යැයි ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අද (24) පැවසීය. 24 October 2019
පහරදීමේ සිද්ධියකට වැල්ලවාය ප්‍රා.සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට පුද්ගලයින් තිදෙනෙකුට පහරදී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අද (24) අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලිසිය පවසයි. 24 October 2019
මහේෂ් සේනානායක රෝහලේ සිට පැමිණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පැය දෙකක කාලයක් අවසර ලබාගෙන පැමිණ මීට සුළු මොහොතකට පෙර සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීය. 24 October 2019
විරෝධතාවයක් නිසා වනජීවි නිලධාරීන්ට දුන් ඇප අහෝසි වෙයි වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වනජීවි නිලධාරීන් පස්දෙනෙකුට පොතුවිල් මහේස්ත්‍රාත් මොහොමඩ් රාපි මහතා ඇප අද (24) ඇප ලබා දුන්නද එයට පැමිණි විරෝධතාවයක් හේතුවෙන් යළි ඇප අහෝසි මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය. 24 October 2019
බංගලාදේශයේ සිසුවියක පුළුස්සා ඝාතනය කළ 16කට මරණ දඬුවම පාසැල් සිසුවියක පුළුස්සා මරාදැමූ බවට චෝදනා ලැබ වරදකරුවන් වූ, එම සිසුවිය ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පති ඇතුළු චූදිතයින් 16දෙනකුට බංගලාදේශයේ අධිකරණය අද(24) මරණ දඬුවම නියම කළේය. 24 October 2019
මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් සමෘද්ධි අධ්‍යක්ෂකට චෝදනා සමෘද්ධි අධ්යක්ෂ ජනරාල්වරයා මැතිවරණ කොමිසන් සභාවේ නියෝග නොතකා දිගින් දිගටම සමෘද්ධි පත්වීම් ලබාදෙන බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය චෝදනා කරයි. 24 October 2019
දකුණු කොරියාවේදී ලාංකික තරුණයෙක් මරුට දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් ලාංකිකයෙකු මිය ගොස් තවත් ලාංකිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි. 24 October 2019
ශිෂ්‍යත්වයට පෙනී සිටි විශේෂ අවශ්‍යතා ඇති සිසුන් 250කට ශිෂ්‍යාධාර මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 250කට ශිෂ්‍යාධාර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 24 October 2019
‘ජනපති අපේක්ෂකයෝ 6දෙනෙක් වත්කම් බැරකම් ප්‍රකාශ බාර දී නැහැ’ ජනාධිපති අපේක්ෂකයන් 35 දෙනා අතරින් අපේක්ෂකයන් හයදෙනෙකු මේ වනතුරු තම වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාවට භාරදී නැතැයි එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(24) ‘ලංකාදීප’ යට පැවැසීය. 24 October 2019
විරෝධතාවයෙහි නියැලුණ සිසුහු 50 ක් අත්අඩංගුවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනට එක්ව සිටි සිසුන් 50 දෙනෙකු කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 24 October 2019
වැල්ලවාය ප්‍රා.සබේ මන්ත්‍රීවරයකුගෙන් පහර කෑ පිය-පුතු රෝහලේ වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයකු සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනකුගෙන් අසාධ්‍ය තත්වයේ පසුවූ පිය පුතු දෙදෙනකු අද (24) හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ. 24 October 2019
මානව හිමිකම් කොමිසමත් ජනාධිපතිවරණ පැමිණිලි බාරගනී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සිදුකරන මානව හිමිකම් උල්ලංඝන සහ කඩකිරීම් පිළිබඳ සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැමිණිලි බාරගැනීමේ ඒකකයක් ස්ථාපිත කර ඇත. 24 October 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026