‘මීනගයා’ අවුකනදී පීලි පනී කොළඹ සිට මඩකලපුව බලා ගමන්ගත් ‘මීනගයා’ ශීඝ්‍රගාමී තැපැල් දුම්රිය අවුකන කලාඔය පාලම අසළදී මැදිරි 6ක් දුම්රිය මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුරට ලක්වී ඇත. 22 October 2019
පාස්කු ප්‍රහාරයේ වාර්තාව අනිද්දා පාර්ලිමේන්තුවට පාස්කු ඉරිදා කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට සහ කතෝලික දේවස්ථානවලට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අනිද්දා (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ලංකාදීපයට පැවැසීය. 21 October 2019
ආනන්ද විද්‍යාලයේ ගොඩනැගිල්ල විවෘත කිරීම නවතයි කොළඹ ආනන්ද විද්‍යාලයේ සත් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම නැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව පියවර ගෙන තිබේ. 21 October 2019
අධික වැස්සෙන් පුත්තලමේ පවුල් 1437 ක් පීඩාවට පවතින අධික වර්ෂාව හා ගංවතුර තත්ත්වය හේතුවෙන් පවුල් 1437 ක පුද්ගලයින් 5018 දෙනෙකු පීඩාවන්ට පත්වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 21 October 2019
උත්සවසමය වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළට ඉදිරි උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීමට පියවර ගෙන ඇතැයි ජීවන වියදම් කමිටුව පවසයි. 21 October 2019
ජනපතිවරණ අපේක්ෂකයන් - මහින්ද දේශප්‍රිය අතර හමුවක් හෙට ජනාධිපතිවරණ අපේක්ෂකයන් සහ පක්ෂ නියෝජිතයන් අතර හමුවක් හෙට (22) පෙරවරු 10.30 ට මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කැඳවා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය. 21 October 2019
හෙටත් පළාත් කිහිපයකට තද වැසි දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති තද වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට (22) දිනයේත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 October 2019
දිස්ත්‍රික්ක 4ක් නායයෑමේ අවදානමක දින කිහිපයක් තිස්සේ බලපා ඇති තද වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 21 October 2019
‘සමෘද්ධි අධිකාරියේ වාහන 5ක් ඡන්ද වැඩවලට යොදාගෙන’ සමෘද්ධි අධිකාරියට අයත් වාහන පහක් මැතිවරණ කටයුතුවලට යොදා ගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා අද (21) පැවසීය. 21 October 2019
රාජ්‍ය දේපල දේශපාලනයට යොදා ගන්නා බව පැෆරල් කියයි ප්‍රධාන දේශපාලන පක්ෂවලට අයත් අපේක්ෂකයන් විසින් නෛතික තත්ත්වයන් නොතකා රාජ්‍ය දේපල දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගන්නා බව නිරික්ෂණය වන බව පැෆරල් සංවිධානය පවසයි. 21 October 2019
ඥානසාර හිමි ඇතුළු තුනකට නොතීසි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට ලබන 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී පෙනී සිටින ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද (21) නොතීසි නිකුත් කළේය. 21 October 2019
රවීට සීඅයිඩියට පැමිණ ප්‍රකාශ දෙන්නැයි නියෝග බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව ඉදිරි දින හත තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට සිය සම්පූර්ණ ප්‍රකාශය ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතාට අද (21) නියෝග කළාය. 21 October 2019
උතුරේ පක්ෂ පහේ යෝජනාවලිය දේශපාලන නාඩගමක් දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහක් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය කිසිදු ජනපති අපේක්ෂකයකු පිළිනොගන්නා බවත් මෙය දෙමළ ජනතාව රැවටීමේ නාඩගමක් සේ දකින බවත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වී.ආනන්ද සංගරි මහතා අවධාරණය කර සිටීයි. 21 October 2019
දෘශ්‍ය දූෂණයට එරෙහිව පෙත්සමක් ඉදිරි මැතිවරණයේ දී පෝස්ටර් , බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දූෂණයට අදාළ රෙගුලාසි වලට අනුව ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම ලබන 31 වැනිදා සිදු කිරීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය. 21 October 2019
මාධ්‍ය වාරණයට එරෙහිව ඕස්ට්‍රේලියානු පත්තර මුල්පිටු කළුපැහැයෙන් මුද්‍රණය වෙයි ජනමාධ්‍ය වාරණයට විරෝධය පළ කිරීමක් වශයෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් කිහිපයක් සිය මුල් පිටුව කළු පැහැයෙන් මුද්‍රණය කර ඇතැයි වාර්තා වේ. 21 October 2019
බිරියට පිහියකින් අනින්න ගිය ප්‍රා.සභා මන්ත්‍රී අත්අඩංගුවට හලාවත දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයට ඇතුළු වී එහි සේවය කරන සිය බිරිඳට පිහියකින් ඇනීමට තැත් කළ, හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු හලාවත පොලිසියට බාර දීමට රෝහලේ ආරක්ෂක අංශ අද ( 21) කටයුතු කර තිබිණි 21 October 2019
යතුරුපැදියකින් යමින් සිටි යුවළක් මතට ගසක් කඩා වැටෙයි පුත්තලම අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යුවළක් මතට ගසක් කඩා වැටීමෙන් තුවාල ලැබ පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව පුත්තලම පොලිසිය කියයි. 21 October 2019
අගමැතිගේ ඉල්ලීම විග්නේෂ්වරන් ප්‍රතික්ෂේප කරයි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජනතා පෙරමුණ සමඟ තනිව සාකච්ජා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තම පක්ෂයට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව දෙමළ ජනතා පෙරමුණේ නායක උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පැවසීය. 21 October 2019
අධිවේගී මාර්ගයේ වාහන 6ක් ගැටී අයෙක් රෝහලේ ගාල්ල සිට කොළඹ දෙසට ගමන්ගත් වාහන 6ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේදී අද(21) අනතුරට ලක්ව ඇතැයි ගැලණිගම පොලිසිය කියයි. 21 October 2019
මුලතිව් ඉඩමකින් අස්ථි කොටස් කිහිපයක් හමුවෙයි මුලතිව් පුදුකුඩිඉරිප්පු සුගන්දිරපුරම් ප්‍රදේශයේ පිහිටි ඉඩමක තිබු මිනිස් ඇටසැකිලි වලට සමාන අස්ථි කොටස් කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි පොලීසියි කියයි. 21 October 2019
කලා ඔයේ ජල මට්ටම ඉහළට : වනජීවී නිලධාරීන් ඉවතට කලා ඔයේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමඟ වනාතවිල්ලුව එළුවන්කුලම විල්පත්තුව පිවිසුමේ පිහිටි නාවික හමුදා අනු කණ්ඩය හා වනජීවී කාර්යාලේ නිළධාරින් තාවකාලිකව ඉවත් කර ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි . 21 October 2019
කටුනායකට යන්න තිබූ ගුවන් යානා දෙකක් මත්තලට කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට අද(21) අලුයම පැවති අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් එහි ගොඩබැස්සවීමට නියමිතව තිබූ ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළට ගොඩබැස්සවීමට කටුනායක ගුවන් තොටුපළ වෙත බලධාරීන් පියවර ගෙන තිබුණි. 21 October 2019
“මාසයකට ලක්ෂ 5 ක පඩියක් ලැබුවත් ආර්ථික සභාවේ ලේකම් වැඩිපුරම සිටියේ පිටරට“ ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා මාසයකට රුපියල් ලක්ෂ පහක වැටුපක් ලැබුවත් ඔහු වැඩිවශයෙන් කාලය ගතකර ඇත්තේ පිටරටයැයිද මේ තත්ත්වය එම සභාව අහෝසි කිරීමට ප්‍රධාන හේතුවවූ බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත. 21 October 2019
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක් අරී පවතින වර්ෂාව හා අවට ජල පෝෂක ප්‍රදේශවලින් එක්වන අමතර ජලධාරාව හේතුවෙන් අද(21) උදෑසන 7.45පමණ වනවිට තබ්බෝව ජලාශයේ වාන්දොරටු 8ක් විවෘත කළ බව පුත්තලම වාර්මාර්ග ඉන්ජිනේරු කාර්යාලය පැවසීය. 21 October 2019
ජනපති ජපානයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තුන් දින නිල සංචාරයක් සඳහා අද(21) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ජපානය බලා පිටත්ව ගියේය. 21 October 2019
‘‘උතුරේ ඡන්ද වර්ජනයක් ගැන තොරතුරු ලැබී තිබෙනවා‘‘ උතුරු නැගෙනහිර සමහර කොටස් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකර සිටීමේ වැඩ පිළිවෙළක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අම්බලන්තොට රිදියගම අද (20) පැවති පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රචාරක රැළියකදී පැවසීය. 20 October 2019
‘‘ප්රජාතන්ත්රවාදී සමාජයක් තිබෙන නිසා ඕනම කෙනෙකුට දේශපාලකයන්ගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්‘‘ නිදහස් ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇති කර තිබෙන නිසා ඕනෑම අයෙකුට ඕනෑම දේශපාලකයෙකුගෙන් බය නැතුව ප්‍රශ්න කළ හැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) කෝට්ටේදී පැවසීය. 20 October 2019
‘‘ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් දුන්නොත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා‘‘ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් ලබාදුනහොත් තමන්ගේ ධූර කාලය අවසන් වීමට පෙර මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවැසීය. 20 October 2019
ඉදිරි පැය කිහිපයේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත තද වැසි දිවයිනේ පළාත් කිහිපයකට ඉදිරි පැය කිහිපයේදී ගිගුරුම් සහිත තද වැසි සමඟ අකුණු අනතුරු ඇතිවීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 October 2019
‘‘තනතුරු අහිමිවීම ගැන දුකක් නෑ‘‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වරදක් කර නොමැති බැවින් තනතුරු අහිමිවීම ගැන කිසිම කණගාටුවක් නැතැයි බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය. 20 October 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026