කර්නල්වරුන් 31 ක් බ්‍රිගේඩියර් නිලයට උසස් කෙරේ යුද හමුදාවේ කර්නල්වරුන් 31 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කර ඇති බව හමුදාව කියයි. 16 August 2019
කොළඹ නිවාසවලින් බැහැර කරන කසළවලට ගාස්තු අයකිරීමේ යෝජනාවක් කොළඹ නගරයේ නිවෙස්වලින් බැහැර කරන කසළ අපද්‍රව්‍ය සඳහා ගාස්තුවක් අයකිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි කොළඹ මහ නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි. 16 August 2019
‘ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව’ පිහිටුවයි ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායන් එක්කරන ‘ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව’ සඳහා වන සම්මුතියට අත්සන් තැබීම කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී අද (16) පස්වරුවේ සිදුකෙරිණි. 16 August 2019
ජල විදුලි නිෂ්පාදනය 30% කින් වැඩි වෙයි ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය 30% ඉක්මවා ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සහ සංවර්ධන අධ්යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය. 16 August 2019
මාදම්පිටිය සුසාන භූමියේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් 5ක් අත්අඩංගුවට මාදම්පිටිය සුසානභූමිය තුළදී පුද්ගලයින් දෙදෙනකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පාතාල සාමාජිකයින් 5 දෙනකු වත්තල හුණුපිටිය පොහොර සංස්ථාවේ ගබඩාව ආසන්න මාර්ගයේදී අද පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 16 August 2019
ගුරු සේවයට අලුතින් ගුරුවරුන් 5000ක් වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සඳහා අලුතින් ගුරුවරුන් 5000ක් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 16 August 2019
‘යුද්ධයට නායකත්වය දුන් පුද්ගලයින් ජාතික ආරක්ෂාව ගැන කතා කරන හැටි කනගාටුදායකයි’ යුද්ධයට නායකත්වය දුන් ඇතැම් පුද්ගලයින් ජාතික ආරාක්ෂාව සම්බන්ධයෙන් කතා කරන ආකාරය ඉතා කනගාටුදායක බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(16) පැවසීය. 16 August 2019
බාල වයස්කරුවන්ටත් සහරාන්ගෙන් අවි පුහුණුව රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරු මත ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ දෙවෙනියා ලෙස කටයුතු කළ නවුපර් මව්ලව් තැනැත්තාගේ පුතා වන මොහමඩ් නවුපර් අබ්දුල්ලා යන දහසය හැවිරිදි බාල වයස්කාර දරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 16 August 2019
ජනපති ගිය හෙලිකොප්ටරයෙන් වෙළෙඳසැල් වලට හානි නාඋල - කොහොලන්වල විශේෂ බලකා මුලස්ථානයේ අද (16) පැවති ජනාධිපති වර්ණ ප්‍රධාන උත්සවය නිමා කිරීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිටත්ව යාම සඳහා පැමිණ තිබු හෙලිකොප්ටරය ඉහළට එසැවීමේදී නාවුල නගරයේ වෙළදසැල් කිහිපයකට දැඩි හානී වී තිබේ. 16 August 2019
මාර්ග සංවර්ධන අධිකාරියේ නීතී අධ්‍යක්ෂකට ජනපති කොමිසමෙන් අවවාද වත්මන් රාජ්‍ය ව්‍යාපාර ,කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නියෝග මත මහජන සම්බන්ධතා නිලධාරීන් 45 දෙනෙකු සහ රජයේ ව්‍යාපෘති සඳහා උපදේශකවරුන් 102 නෙකු බඳවා ගෙන ඇතැයි කියන පැමිණිල්ලට අදාළව සාක්ෂි විභාගයේදී අසත්‍ය තොරතුරු දුන් මාර්ග සංවර්ධන අධිකාරියේ නීති අධ්යක්ෂවරයාට ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් තරයේ අවවාද කර ඇත. 16 August 2019
ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 13 ක් යළි ලංකාවට නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු , එරටින් පිටුවහල් කර, විශේෂ ගුවන් යානයකින් අද (16) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි . 16 August 2019
කුඩු රොෂාන්ගේ සොහොයුරා ඇතුළු තිදෙනෙක් එස් ටීඑෆ් දැලේ ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසාන භූමියට තියුණු ආයුධ රැගෙන පැන පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු රොෂාන් නැමැත්තාගේ සහෝදරයකු ඇතුළු තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 16 August 2019
රිය අනතුරකින් තිදෙනෙක් මරුට හබරණ දඹුලු පාරේ කුඩාමීගස්වැව ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ වෑන් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි හබරණ පොලීසිය කියයි. 16 August 2019
ගෝඨාගේ විදෙස් ගමන් බලපත්‍රය ගැන විමර්ශන ඇරැඹේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගත්තේයැයි කියන සිද්ධිය ගැන ලැබුණු පැමිණිලි දෙකක් විමර්ශනය කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට යොමු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. 15 August 2019
‘‘ආණ්ඩුවේ පිරිස් ආරක්ෂාව දුර්වලයි කීමෙන් ජනතාව තුළ සැකයක් උපදිනවා‘‘ ආණ්ඩුවේම ඇතැම් පිරිස් ජාතික ආරක්ෂාව දුර්වල බව කියමින් සිදු කරන අවිනීති ප්‍රකාශ නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධව ජනතාව තුළ සැකයක් උපදින බවත් ජාතික ආරක්ෂාව ඉතා ශක්තිමත් ලෙස විධිමත්ව පවත්වා ගෙන යන අවස්ථාවක එවැනි ප්‍රකාශ නිසා එය රටේ ඉදිරි ගමනට අයහපත් ලෙසින් බලපාන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 15 August 2019
කෝටිපති ව්‍යාපාරිකයකු මරා වළදාලා මරා වළ දමා තිබූ කෝටිපති ව්‍යාපාරිකයකුගේ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වරයා වෙත ඉදිරිපත් කරන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා පුත්තලම මූලස්ථාන පොලිසියට අද (15) නියෝග කළේය. 15 August 2019
වෛද්‍යවරු වැඩ වර්ජනයකට සැරසෙති සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටළු කීපයක් මුල්කර ගනිමින් ලබන සඳුදා (19) සිට සතියක් පුරා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 15 August 2019
‘‘රටම පොදු නීතියකට යටත් කරනු ලබන ජනපති අපේක්ෂකයෙකුට සහය දෙනවා‘‘ මද්රසා පාසල් අහෝසි කර කාති උසාවි වෙනුවට රටම පොදු නීතියකට යටත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයෙකුට එළඹෙන ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතරලියේ රතන හිමියෝ රාජගිරියේදී අද (15) පැවැසූහ. 15 August 2019
පොලිසිය - උසාවිය බලපෑම්වලට යට නොවිය යුතුයි රටේ අද ඇති වාතාවරණය ඇතුළේ කිසිම බලපෑමකට නතු නොවී කටයුතු කිරීමේ වගකීම පොලිසිය, අධිකරණය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත පැවරෙන බවත්, මිනිසුන්ගේ විශ්වාසය දිනාගෙන කටයුතු කිරීමේ වගකීම එම ආයතනවලට තිබෙන බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 15 August 2019
වළ දමා තිබූ තවත් රෝහල් අපද්‍රව්‍ය තොගයක් සොයාගනී රෝහල් අපද්‍රව්‍ය බවට සැක කරනු ලබන අපද්‍රව්‍ය තොගයක් වළ දමා තිබූ ස්ථානයක් හම්බන්තොට ගොන්නෝරුව හැඩිල්ල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබේ. 15 August 2019
එජාප සන්ධානය පිහිටුවන දිනයේම ජනපති අපේක්ෂකයා නම් කරනවා එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ පිහිටුවන දිනයේදීම පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ද නම් කරන බව එම පක්ෂයේ සභාපති, මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද(15) කොළඹදී පැවසීය. 15 August 2019
‘‘කාන්තාවන් වඳ භාවයට පත් කළේදැයි දැන ගන්න විශේෂඥ පරීක්ෂණයක් අවශ්‍යයි‘‘ වෛද්‍ය සාෆිගේ සිද්ධියට අදාළව කාන්තාවන්ගෙන් සහ වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ 1000 ක් පමණ ලබාගෙන තිබෙන බවත් ඒ සියල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 15 August 2019
වැසි - සුළං හේතුවෙන් 12000ක් පීඩාවට දිවයිනේ ප්‍රදේශ රැසකට පසුගිය සතියක පමණ කාලයක් තිස්සේ පැවති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 18ක පවුල් 3110කට අයත් 12,343 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 15 August 2019
සහරාන්ගේ බිරිඳගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක් කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ දී මරාගෙන මැරුණූ බෝම්බකරු වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා නැමැත්තිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (15) රහස් ප්‍රකාශයක් දුන්නාය. 15 August 2019
‘ආනමාලු රංග' ඇතුළු පාතාල සාමාජිකයන් දෙදෙනෙක් ඝාතනය කරලා ’ආනමාලු රංග’ නමැත්තා ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය සුසානභූමියේදී ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 15 August 2019
පොහොට්ටුවට සහය දක්වන බව ඩග්ලස් කියයි ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරන බව ඊ. පී. ඩී. පී. පක්ෂයේ මහලේකම් ඩග්ලස් දේවානන්ද මහතා අද(15) ලංකාදීපයට පැවසීය. 15 August 2019
‘ජනපතිවරණයට අනිවාර්යයෙන් ඉදිරිපත්වෙනවා’ එළඹෙන ජනාධිපතිවරණයට තමන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (15) පැවසීය. 15 August 2019
රුසියානු ගුවන් යානයක කුරුලු රංචුවක් ගැටෙයි - මගීන් 23කට තුවාල කුරුලු රංචුවවක ගැටීම හේතුවෙන් හදිසියේ ගොඩබැස්වූ රුසියානු ගුවන්යානයේ සිටි මගීන් 23දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 15 August 2019
තියුණු ආයුධ වලින් පහරදී මට්ටක්කුලියේ දෙදෙනෙක් ඝාතනය කරති මට්ටක්කුලිය මාදම්පිටිය සුසාන භූමිය අසල දී අවමඟුලකට සහභාගී වූ පුද්ගලයන් දෙදෙනකු තියුණු ආයුධ පහරකට ලක්වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමට යාමේදී මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. 15 August 2019
ශ්‍රීලනිප තීන්දුව 3 වැනිදා ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීන්දුව එළඹෙන සැප්තැම්බර් 3 වැනිදා පැවැත්වෙන පක්ෂයේ 68 වැනි සංවත්සර උළෙලේ දී ප්‍රකාශයට පත්කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය. 15 August 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026