මෝටාර් උණ්ඩ තොගයක් ළිඳකින් හමුවෙයි වව්නියාව, පුලියන්කුලම ප්‍රදේශයේ පාලු ළිඳක තිබී මෝටාර් උණ්ඩ තොගයක් සොයා ගත් බව පුලියන්කුලම් පොලීසිය පවසයි. 23 July 2019
සී.අයි.ඒ. ඔත්තුකරුවන් 17 කට මරණ දඬුවම ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි ආයතනය හෙවත් සී.අයි.ඒ. සංවිධානයට සේවය කරන ඔත්තුකරුවන් 17 දෙනකු අල්ලාගත් බවත් ඉන් පිරිසකට මරණ දඬුවම නියම කර ඇති බවත් ඉරාන මාධ්‍ය අද (22) වාර්තා කළේය. 22 July 2019
ජනමාධ්‍යවේදීන් සඳහා අරමුදලක් ප්රජාතන්ත්රවාදී ශ්‍රී ලංකාවක් සඳහා මාධ්‍ය සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා හදිසි අරමුදලක් ආරම්භ කිරීම කොළඹ මූවන්පික් හෝටලයේදී අද (22) සිදු කෙරුණි. 22 July 2019
චෝදනා කරන්නේ දේශපාලන න්‍යාය පත්‍ර ඇති අයයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ගතයුතු සියලූ පියවර ගෙන තිබියදීත් පිටකොන්දක් නැති බව කියා තමාට චෝදනා කරන්නේ දේශපාලන න්‍යාය පත්‍ර අතේ තබාගත් අයයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 22 July 2019
එජාප ජනපති අපේක්ෂකයා ගැන තීරණය පුළුල් සන්ධානයක් පිහිටවීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව තීරණය ගැනීම සියලු පක්ෂ වලින් සමන්විතව පිහිටවන ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ වල එකඟතාවයෙන් ගැනීමට අද (22) රැස්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේය. 22 July 2019
දැව සංස්ථාවේ සභාපතිගේ - ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානීයාගේ නඩුව විභාග කිරීම 9 වැනිදා සිට ශි‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් කෝටි 5 1/2 ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 02 ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින ජනාධිපතිවරයාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාට එරෙහි නඩුව ලබන මස 09 වැනිදා සිට විභාග කිරීමට පළමුවැනි විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකර 22 July 2019
තැපැල් වර්ජනය අස්සේ කතරගම තැපැල් කාර්යාලය වැඩ රටපුරා සියලුම තැපැල් සේවකයින් අද (22) වැඩ වර්ජනයට එක්වී තිබුණද කතරගම තැපැල් කාර්යාලයේ සේවකයින් පමණක් සේවයේ නිරතව සිටින අයුරු දක්නට ලැබිණ. 22 July 2019
කුරුණෑගල මහේස්ත්‍රාත්ගේ කි‍්‍රයාකලාපය ගැන විමර්ශනයක් කරන්නැයි අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ප්‍රසව හා නාරි වෛද්‍ය මෙහොමඩ් ෂාෆි මහතාගේ සිද්ධියට අදාළව කුරුණෑගල මහේස්ත්රාත්වරයාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 22 July 2019
සිවශක්ති ආනන්දන්ගෙන් දෙමළ සන්ධානයට කොන්දේසි ජනාධිපතිවරණයට පෙරාතුව දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දීමට මසක කාලයක් රජයට ලබාදෙන ගිවිසුමක් මෙරට සිටින සියලු රාජ්‍යතාන්ත්‍රිකයින් ඉදිරියේ අත්සන් කිරීමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කළයුතු යැයි එම සන්ධානයෙන් ඉවත්වී ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා පවසයි. 22 July 2019
මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීහු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වෙති මධ්‍යම පරිසර අධිකාරියේ සේවයේ නිරතව සිටින පරිසර නිලධාරීන්ගේ වැටුප් ගැටලුව විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (22) සිට ක්ෂේත්‍ර රාජකාරි කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව පරිසර නිලධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් පද්මසිරි රණවක මහතා පැවසීය. 22 July 2019
කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි නොකරන බවට අධිකරණයට පොරොන්දුවක් විල්පත්තුව රක්ෂිතය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිතයේ ගස් කපා වනාන්තර එළිපෙහෙළි කිරීමට ඉඩ නොදෙන බව වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) අභියාචනාධිකරණයට පොරොන්දු විය. 22 July 2019
පාස්කු දා ප්‍රහාරයට අත්අඩංගුවට ගත් අය ගැන වාර්තා ඉල්ලයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට කොපමණ සැකකරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන රඳවාගෙන විමර්ශනය කරන්නේ ද යන්න වහාම වාර්තා කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (22) දැනුම් දුන්නේය. 22 July 2019
කැළි කසළ යළි ගෙන්වූ රටටම යවන්න අතුරු නියෝගයක් ඉල්ලයි එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන කැළි කසළ යළිත් එරටට යැවීමට නියෝග කරන ලෙසද , ඉදිරියේදී කිසිදු විදෙස් රටකින් කැළි කසළ මෙරටට ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ අද (22) රිට් පෙත්සමක් ගොනු කරන ලදී. 22 July 2019
පාසල් සිසුන්ට හෙට සිට දියර කිරි පැකැට්ටුවක් ‘කිරෙන් සපිරි දැයක්’ යන තේමාව යටතේ පාසල් සිසුන්ට දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී හෙට (23) ආරම්භ කිරීමට නියමිතය. 22 July 2019
‘ඉබ්බා’ දෙවැනි වරටත් පනී අත් බෝම්බයක් සමඟ තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකරුවකු තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අත්අඩංගුවෙන් මිදී අද (22) සවස පලා ගොස් ඇති බව තංගල්ල පොලීසිය පවසයි. 22 July 2019
ජනපතිවරණය නොවැ. 15 - දෙසැ. 7 ත් අතර ජනාධිපතිවරණය පැවැත්වීම කිසිසේත් කල්නොයන අතර එය අනිවාර්යෙන්ම නොවැම්බර් මස 15 ත් දෙසැම්බර් මස 7 වැනි දිනත් අතර කාලයේ දී පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය, මැතිවරණ කොමිසන් සභා ශ්‍රවණාගාරයේ අද (22) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 22 July 2019
‘ඇමෙරිකාව ලංකාවේ හමුදා කඳවුරු සාදාගැනීමට තැත්කිරීම ගැන පුදුම වියයුතු නැහැ’ ඉන්දියානු සාගරයේ ඇමරිකාව පවත්වාගෙන ගිය ප්‍රධානතම යුද හමුදා කඳවුර වූ දියාගෝ ගාර්ෂියාව ඔවුන්ට අහිමිවීමත් සමඟ, උපායමාර්ගිකව ඉතා වැදගත් පිහිටීමක පවතින ලංකාවේ හමුදා කඳවුරු හදාගැනීමට ඇමෙරිකාව උත්සාහ කිරීම ගැන පුදුමවීමට දෙයක් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (22 ) පැවසීය. 22 July 2019
හදිසි නීතිය දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය නිකුත් වෙයි හදිසි නීතී රෙගුලාසි තවත් මාසයකින් දීර්ඝ කිරීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය අද (22) නිකුත් කර තිබේ. 22 July 2019
‘පොහොට්ටුවේ අපේක්ෂකයා චමල් විය යුතු බවට ස්ථාවරයේ වෙනසක් නෑ’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා චමල් රාජපක්ෂ මහතා විය යුතු බවට සිය ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි ද අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇතැයි ද ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා පැවසීය. 22 July 2019
චන්ද්‍රයානය 2 කක්ෂගත කෙරේ චන්ද්‍රයානය 2 අද(22) පස්වරුවේ ශිහාරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සාර්ථකව අභ්‍යවකාශගත කළ බව ඉන්දීය බලධාරීහු පවසති. 22 July 2019
ශ්‍රීලනිප - පොහොට්ටු හත්වැනි සාකච්ඡාව 25වැනිදා නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවත්වනු ලබන සාකච්ඡා වටයේ හත්වැනි සාකච්ඡාව 25 වැනි දින කොළඹ-07, ශ්‍රීමත් මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (22) පැවැසීය. 22 July 2019
සායනික අපද්‍රව්‍ය ලංකාවට ගෙන ඒම ගැන කරුණු විමසීමට යයි එංගලන්තයෙන් ඉවතලන සායනික ද්‍රව්‍ය ඇතුලූ අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒම පිළිබඳව අදාළ සියලුම පාර්ශවයන් ආර්ථික කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබේ. 22 July 2019
‘යහපත් සමාජයක් බිහිකරන කටයුත්තට වැලිකඩ හිරගෙදර අභියෝගයක් වෙලා’ ශ්‍රී ලංකාවේ යහපත් සමාජයක් බිහිවීම වළකාලමින්, ඊට අභියෝග ගෙන දෙන ප්‍රධාන මධ්‍යස්ථානය බවට වැලිකඩ බන්ධනාගාරය පත්ව ඇතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද(22) මිනුවන්ගොඩදී පැවසීය. 22 July 2019
එජාපයෙන් රාජපක්ෂ විරෝධී පුළුල් සන්ධානයක් රාජපක්ෂ විරුද්ධ බලවේග සියල්ලක්ම එකතු කරගෙන ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් 2015 ට වඩා පුළුල් සන්ධානයක් ලබන 5 වැනිදා ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය. 22 July 2019
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවෝ තවදුරටත් රිමාන්ඩ් රත්ගම ද්විත්ව ඝාතන නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ අද (22) විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට සිටින බව කියා සිටියේය. 22 July 2019
ප්‍රතිඵල නැවත සමීක්ෂණයට පෙර අලුතෙන් ලියූ පිළිතුරු පත්‍ර 2ක් එකතු කරලා අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ (2018) උත්තර පත්‍ර අධීක්ෂණය කරනු ලබන අවස්ථාවේ පිළිතුරු පත්රයකට අලුතෙන් ලියූ පිළිතුරු පත්‍ර එකතු කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මූලික විමර්ශන ආරම්භ කර ඇත. 22 July 2019
ඉදිරියට තැබූ අඩියට පිටුපසට නොගන්නා බව සජිත් කියයි තමන් ඉදිරියට තැබූ අඩිය කිසිසේත්ම පිටුපසට නොගන්නා බවත් ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්ද යන්න තේරීම තමන්ගේ කාර්යයක් නොවන බවත් එය කෘතාධිකාරී මණ්ඩල ඇතුළු පක්ෂය විසින් තීරණය කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (22) මහනුවර දී පැවසීය. 22 July 2019
වෙල්ගම පිළිගන්න එජාපය සූදානම් කොන්ද පණ තියෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයෙක් ලෙස කුමාර වෙල්ගම මහතා එක්සත් ජාතික පක්ෂයට පිළිගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය. 22 July 2019
බෙලිඅත්ත ප්‍රා. සභාපතිට ඇප බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකුට පහර දුන්නැයි යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතාට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් එල්.ටී. වරුසවිතාන මහතා අද(22) නියෝග කළේය. 22 July 2019
‘වසර අග අනිවාර්යයෙන්ම ජනපතිවරණය පැවැත්විය යුතුයි’ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධූරකාලය වසර පහකින් අවසන් වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී තිබෙන බවද ඒ අනුව මේ වසර අවසානයේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවද ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (22) පැවසීය. 22 July 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026