මැදමුලන නඩුවේ ප්රතිශෝධන පෙත්සම විභාගයට ගන්න අභියාචනාධිකරණයට බලයක් නෑ ඩී.ඒ .රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා විභාගය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ගොනු කළ ප්රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 06 June 2019
ජනාධිපති පරීක්ෂණ කොමිසමේ මුල්ම වාර්තාව ජනපතිට බාරදෙයි වත්මන් රජයේ ආයතනවල දූෂණ හා වංචා සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ මුල්ම අතුරු වාර්තාව අද (06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දුන් බව එම ජනාධිපති පරීක්ෂණ කොමිසම පවසයි. 06 June 2019
සහරාන්ගේ සහෝදරයන්ගේ සිරුරු නැවත හෙට ගොඩගනී අම්පාර සයින්දමර්දු ගම්මානයේදී බෝම්බ පුපුරුවාගෙන මියගිය සහාරන්ගේ සහෝදරයින්ගේ සිරුරු හෙට(07) අම්පාර පොදු සුසාන භුමියේදී නැවත ගොඩ ගැනීමට නියමිතව තිබේ. 06 June 2019
වෛද්‍ය ෂාෆිට එරෙහිව සීඅයිඩීය 540කගෙන් ප්‍රකාශ ගනී කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය මෙහොමඞ් ෂාෆි මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද විමර්ශනවලට අදාළව කාන්තාවන් 421 ක්, වෛද්‍යවරුන් 32 දෙනෙකු ඇතුලූ පුද්ගලයින් 540 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 06 June 2019
පාසල්වල ආරක්ෂාවට දෙමව්පියන් අනවශ්‍යයි පාසල්වල ආරක්ෂක කටයුතු වෙනුවෙන් මින් ඉදිරියට දෙමාපියන් සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 06 June 2019
ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමෙන් ජනපතිට සංදේශයක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා වෙත අද (06) පස්වරුවේ විශේෂ සංදේශයක් බාර දුන්හ. 06 June 2019
මුස්ලිම් මන්ත්‍රීවරු 8ක් අස්වීමේ ලිපි බාරදෙති කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නවදෙනෙකුගෙන් අටදෙනෙකු සිය ඉල්ලා අස්වීමේ ලිපි අද(06) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාර දී ඇතැයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග කියයි. 06 June 2019
හිස්බුල්ලා අධිකරණයට අපහාස කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී විනිසුරුවරුන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකින් හිටපු නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් ඒ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා ඔහුට එරෙහිව සුදුසු දඩුවමක් නියම කරන්නැයි ඉල්ලා නීතීඥ ඉන්දසිරි සේනාරත්න මහතා අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය. 06 June 2019
ප්‍රසන්නගේ නඩුවේ පැමිණිල්ලෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් 24 ක් එම ඉඩමින් ඉවත් කර එම ඉඩම විකිණීමට ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් කෝටි 6 1/2 කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබාගත් බවට චෝදනා ලැබ සිටින බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුවේ දුරකථන වාර්තා යළි කැඳවීමට පැමිණිල්ලෙන් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (6) ප්‍රතික්ෂේප කළේය. 06 June 2019
‘ආරක්ෂක මණ්ඩලයට මට එන්න එපා කිව්වා’ ආරක්ෂක මණ්ඩලයට පසුගිය ඔක්තෝබර් 23න් පසු තමා නොකැඳවූ බව දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද(06) පැවසීය. 06 June 2019
දයා ගමගේට අනුරගෙන් චෝදනා තවත් පවුල් ලක්ෂ හයකට සමෘද්ධි ලබාදීමේ වැඩසටහන යටතේ පවත්වන උත්සව හා ප්රචාරක කටයුතු වෙනුවෙන් කර ඇති වියදම් සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරුදීම ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා හිතාමතා මගහරින බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 June 2019
ලීමෝල් - වඩුමඩු තහනම් කරන බව ජනපති කියයි ගස් කැපීම සඳහා පිටරටින් මැෂින් ගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කරන බවත් ලීමෝල් හා වඩු මඩු ද තහනමට ලක්කරන්නට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 06 June 2019
පොසොන් දන්සැල්-තොරණ පැවැත්වීමට ආරක්ෂාව ලබා දෙන්නැයි අගමැතිගෙන් උපදෙස් පොසොන් උත්සවය වෙනුවෙන් දන්සැල් තොරණ ආදිය පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂාව හා පහසුකම් ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත. 06 June 2019
‘වගකීම යළි බාර ගැනීමට පෙර මහ නා හිමිවරුන් හමුවෙනවා’ අමාත්‍යධූරවල වගකීම නැවත භාරගන්නා ලෙස ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ප්රමුඛ කාරක සංඝ සභා කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් උන්වහන්සේලා බැහැ දැක සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 June 2019
උප්පුවේලි සංචාරක බංගලාවට 346,000ක පොල්ලක් ත්‍රිකුණාමලය, උප්පුවේලි පිහිටි සංචාරක බංගලා සංකීර්ණයේ කාමරයක් භාවිතකිරීම වෙනුවෙන් ගෙවිය යුතු වූ රුපියල් 346,000ක මුදලක් හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ලේකම්වරයෙකු පළාත් සභාවට මෙතෙක් ගෙවා නැතැයි වාර්තාවේ. 06 June 2019
හිමිවරුන්ට දේශපාලනයෙන් ඉවත්වන්නැයි අයෙක් මාරාන්තික උපවාසයක හිඟුරාණ නගරයේ ඔරලෝසු කණුව අසළ බෝධීන් වහන්සේ ඉදිරිපිට අද(06) පුද්ගලයෙක් මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය. 06 June 2019
හේමසිරිට-පූජිතට එරෙහි පෙත්සම් විභාගයට සත් සාමාජික විනිසුරු මඬුල්ලක් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු වී ඇති සියලු පෙත්සම් සත් සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද (06) තීරණය කළේය. 06 June 2019
මරාගෙන මැරුණු ඊබ්‍රහිම් බහාලුම් සොරකමක සැකකරුවෙක් පාස්කු ඉරිදින ප්‍රහාරයේදී මරාගෙන මැරුණූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තා රුපියල් ලක්ෂ 62ක ඇලුමිනියම්, පිත්තල සහ යකඩ ඇතුලූ කන්ටේනර් බහාලූමක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක ප්‍රධාන සැකකරු බවට අධිකරණයේදී කරුණු අනාවරණය විය. 06 June 2019
නීතිවිරෝධීව ඕස්ට්‍රේලියා යන්න ගිය පිරිසෙහි 29 දෙනා තවදුරටත් රිමාන්ඩ් බහුදින යාත්‍රාවකින් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින පිරිමි සැකකරුවන් 29 දෙනා ලබන 20 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (06) නියෝග කළේය. 06 June 2019
රවීගේ දියණිය සීඅයිඩීයට එයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ දියණිය ඔනෙලා කරුණානායක අද (6) අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට පැමිණියාය. 06 June 2019
කහටගස්දිගිලිය පාසලකින් ඩෙටනේටර - සේවානූල් හමුවෙයි කහටගස්දිගිලිය කුකුළෑව දීඝාභය පාසල් භූමිය තුළ තිබී අද(06) ඩෙටනේටර තුනක් සහ සේවා නූල් හමුවීම හේතුවෙන් පාසල තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව විදුහල්පති අයි.එම්.මහින්ද මහතා පැවසීය. 06 June 2019
මුස්ලිම් ඇමැතිවරුන්ගේ අස්වීමට ත්‍රෛනිකායික සංවේගය රජයේ මුස්ලිම් ඇමැතිවරුන් සිය ධුරවලින් ඉවත්වීම සිදු නොවිය යුත්තක් වන අතර එම ඇමැතිවරුන්ට නැවත වගකීම් බාර ගන්නැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ඇතුළු එම නිකායික කාරක සංඝ සභා ඉල්ලා සිටින බව නියංගොඩ ශ්‍රී විජිතසිරි මල්වතු අනුනාහිමියෝ ඊයේ (05) මහනුවර දී ප්‍රකාශ කළහ. 06 June 2019
රාමළාන් අවසන් කළ මුස්ලිම්වරු අයි.එස් ට එරෙහිව පාරට බසිති රාමළාන් උපවාසය අවසන් කළ ආණමඩුව මුස්ලිම් ජාතිකයෝ පිරිසක් සංඝට්ටිකුලම මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිටදී අයි.එස් ත්රස්තයන්ට එරෙහිව අද (05) විරෝධතාවයක නිරත වූහ. 05 June 2019
මංගලට මාතර විහාරස්ථානත් තහනම් කෙරෙයි ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් සිදුකිරීම හේතුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාව මාතර දිස්ත්‍රික්කයේ කිසිඳු විහාරස්ථානයකට පැමිණීමට ඉඩ නොදීමටත් ඒ මහතා සහභාගීවන උත්සව වර්ජනය කිරීමටත් මාතර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ විහාරාධිපති සංගමය අද (05) තීරණය කළහ. 05 June 2019
මුස්ලිම් ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි තවම සාක්කුවේ කැබිනට් ,රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නව දෙනා සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මෙතෙක් භාරදී නැතැයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි. 05 June 2019
එජාපයට - පොහොට්ටුවට ජනපති සහය නෑ පොහොට්ටුවට හෝ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට කිසිඳු වැඩපිළිවෙළක් නැතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ. 05 June 2019
ජා ඇළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට ජා ඇළ මහවත්ත ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මිනුවන්ගොඩ ‘‘කළු අජිත්‘‘ නැමැත්තා මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 05 June 2019
පාර්ලිමේන්තුවේ කොකේන් භාවිත කරන්නන් පිළිබඳ රංජන් කී කතාව ගැන පරීක්ෂණ පාර්ලිමේන්තුව තුළ කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන අමාත්‍යවරුන් සිටින බව සදහන් කරමින් මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මාධ්‍ය වෙත සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. 05 June 2019
දණ්ඩ නීති සංග්‍රහය-අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට යයි වෛරී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සහ අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි වන ලෙස දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. 05 June 2019
රාමළාන් ප්‍රධාන යාච්ඥාව ගාලු මුවදොරින් ඉවතට ශ්‍රී ලංකාවේ ඉස්ලාම් බැතිමතුන් රාමළාන් උත්සවය වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රධාන යාච්ඥාව මෙවර නොපැවැත්විණි. 05 June 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026