මිග් යානා ගනුදෙනුවේ විදෙස් සැකකරුවන්ට නොතීසි මිග් යානා ගනුදෙනුවට අදාළ සැකකාර සිංගප්පූරු සමාගම් දෙකකට සහ විදේශිය ජාතිකයින් සිව් දෙනෙකුට ලබන ජුනි මස 08 වැනිදාට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් නොතීසි නිකුත් විය. 06 April 2018
හිටපු ජනපති ලේකම් පි.බී.අබේකෝන්ට සිතාසි අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ සාක්කි ලබාදීම සඳහා හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාට ජුනි 5 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිතාසි නිකුත් කළේය. 06 April 2018
කීත් නොයාර් සිද්ධියට අත්අඩංගුවට ගත් මේජර් ජනරාල් රිමාන්ඩ් මාධ්‍යවේදී කීන් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා කිරීමට ආධාර අනුබල දුන්නැයි අත්අඩංගුවට ගත් ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අධිකරණය නියෝග කළේය. 06 April 2018
හලාවත ප්‍රා.ස කාලගෝට්ටියක් හලාවත ප්‍රාදේශීය සභා සභාපති ලෙස නම් කර ඇති සරත් සිල්වා මහතා සහ උප සභාපති එරික් සැම්සන් යන මහත්වරුන් ඇතුළු තේරී පත්වූ සභිකයින් පිළිගැනීම සදහා ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය තුළ සංවිධානය කර තිබූ උත්සවයට තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් අද (06) කඩා වැදි කළබල කිරීම හේතුවෙන් එම අවස්ථාව උණුසුම් විය. 06 April 2018
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව රියෙන් පැන දිවිනසාගන්න හදලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයකින් පැන සිය දිවි හානි කර ගැනිමට උත්සහ දැරූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් සාජා පොලීසිය අද (6) අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි 06 April 2018
සතොස හිටපු සභාපති අත්අඩංගුවට සතොස හිටපු සභාපතිවරයකු වන නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අද (6) කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබීය. 06 April 2018
පොහොර සහනාධාරය අද සිට ක්‍රියාත්මකයි වී ගොවිතැන සඳහා නව පොහොර සහනාධාර ක්‍රමය අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. 06 April 2018
වැඩ තහනම් කළ පොලිස් අධිකාරී යළි සේවයට පොලිස්පතිවරයා විසින් මීට වසරකට පෙර වැඩ තහනම් කරනු ලැබූ නුගේගොඩ හිටපු පොලිස් අධිකාරී එච් එම් ඒ ප්‍රියදර්ශන හේරත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත සේවයේ පිහිටුවන ලෙස පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම් දුන් බව එහි ආරංචි මාර්ග කියයි. 06 April 2018
ඉන්දිකගෙන් රිදී පදක්කමක් විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය වන අද (6 වැනිදා) පැවැති බර ඉසිලීමේ තරගයකදී කිලෝ ග්‍රෑම් 69 ඉසව්වේ රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක සමත් විය. 06 April 2018
තිලංග - නවීන් ගැටුම ගැන විශේෂ පරීක්ෂණයක් තිලංග සුමතිපාලට නවීන් දිසානායක පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පහරදුන් බවට වන පැමිණිල්ල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් අතර අද වාද විවාද ඇති විය. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කථානායක දැනුම් දුන්නේය. 06 April 2018
ශ්‍රිලනිප 16ට එරෙහි විශ්වාසභංගයට එජපෙ සහාය අගමැතිවරයාට හා රජයට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය දුන් කැබිනට් ඇමතිවරු 6දෙනා ඇතුළු මැති ඇමතිවරුන් 16 දෙනාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ සියල්ලක්ම ඒකමතිකව තීරණය කර තිබේ. 06 April 2018
උඩුවේ ධම්මාලෝක හිමි නිදහස් කරනවාදැයි තීන්දුව මැයි 11 බලපත්‍රයක් නොමැති අලි පැටවෙකු සන්තකයේ තබා ගත් බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන් විත්තිවාචකයක් කැඳවීමකින් තොරව නිදහස් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන මැයි 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද දැනුම් දුන්නේය. 05 April 2018
ජනපති - අගමැති හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද සවස සිදු විය. 05 April 2018
මහින්ද කල්ලි දෙකකට මැදිවෙලා - අනුර කුමාර දේශපාලනයේ මේ ගතවෙන්නේ අර්බුදකාරී , ගැටුම්කාරී වාතාවරණයක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (05) පැවසීය. 05 April 2018
ලෙස්ටර් ජේම්ස් පීරිස්ට මසකට ලක්ෂ 5ක දීමනාවක් ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ප්‍රතිකාර කටයුතු සහ අනෙකුත් වියදම් වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ 5 බැගින් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. 05 April 2018
විශ්වාසභංගය හොඳ ලකුණක් විශ්වාසභංගයක් ගෙන ඒම ප්රජාතන්ත්රවාදී වශයෙන් යහපත් යැයි මෙරට සංචාරයක නිරත වී සිටින යුරෝපා සංගම් පාර්ලිමේන්තු නියෝජිත පිරිසේ සභාපති ජාන් සහ්රාදීල් මහතා කොළඹදී අද (5) පැවැසීය. 05 April 2018
තේ වලට සීනි දැමුවේදැයි සොයන්න තව පරීක්ෂණයක් තේ නිශ්පාදනයේදී සීනි සහ ග්ලූකෝස් මිශ්‍ර කරන බවට අනාවරණය වූ කර්මාන්ත ශාලා සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් කිරීමට තමා නියෝග කළේ යැයි වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 05 April 2018
ශ්‍රීලනිප 16කට එරෙහිව එජාපෙන් විශ්වාසභංග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයට විරුද්ධව ගෙන ආ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කැබිනට් , රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 16 දෙනාට එරෙහිව විශ්වාසභංග 16ක් පාර්ලිමේන්තුවේදී හෙට (6) කථානායකවරයාට බාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. 05 April 2018
මේජර් ජනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට නේෂන් පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී වද හිංසා කිරීමට අනුබල දුන්නේයැයි සැකපිට ජාතික ආරක්ෂක විද්‍යා පිඨයේ සේනා විධායක සහ යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා අද (05) සවස අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 05 April 2018
අල්ලස් ගත්තැයි රිමාන්ඩ් කර සිටි ආයුර්වේද නිලධාරීන්ට ඇප අල්ලස් සිද්ධියකට රක්ෂිත භාරයේ පසුවූ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නාවින්න කාර්යාලයේ නීති නිලධාරීවරයා සහ ආයුර්වේද වෛද්‍යවරයා එක් අයකුට රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 05 April 2018
ඇඹිලිපිටිය මහරෝහලේ සේවකයෝ අතිකාල සේවාවෙන් ඉවත් වෙති ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ කනිෂ්ඨ සේවකයන්ගේ හිඟයට විසදුමක් ඉල්ලා අද (05) දහවල් සිට රෝහල් සේවකයින් අතිකාල සේවා වලින් ඉවත්ව ඇත. මේ හේතුවෙන් රෝහලේ සාමාන්‍ය කටයුතු අඩාලවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 05 April 2018
ශ්‍රීලනිපයත් රටත් බේරාගැනීමට ඡන්දය දීමෙන් වැළකුණා - විජිතමුණි සොයිසා අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් ගෙන ආ විශ්වාසභංගය ජයග්‍රහණය කළේ නම් එයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම රටටත් අනතුරක් විය හැකි බව පෙණුනු නිසා පක්ෂයේ බහුතරය ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පැවසීය. 05 April 2018
මහින්දානන්දගේ අභියාචනයට කරුණු දක්වන්න නීතිපතිට නොතීසි තමන්ට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය අද (05) නීතිපතිවරයාට නොතීසි නිකුත් කළේය. 05 April 2018
2017 ශ්‍රී ලන්කන් එයාර්ලයින් පාඩුව මිලියන 100 යි ඉකුත් මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී පමණක් ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් සමාගම ලැබූ පාඩුව ඩොලර් මිලියන 100 ඉක්මවන බව එම සමාගමේ නව සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා කොළඹදී අද (5) පැවැසීය. 05 April 2018
දෙකෝටියක ගංජා සමඟ සැකකරුවෝ දෙන්නෙක් කොටු වෙති පුත්තලමේ සිට කොළඹ දක්වා ගමන්කළ සුඛෝපභෝගී වෑන් රියක රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංඡා කිලෝ 220 ක් රැගෙන ගිය පුද්ගලයින් දෙදෙනකු අද (05) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. 05 April 2018
‘ගම්මන්පිලට කැබිනට් ඇමැති ධුරයක් දෙන්න හිතෙනවා‘- අගමැති මහින්දට කියයි පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීම සඳහා අවස්ථාව දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අවසථාවක් ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. 05 April 2018
උණ වැළඳී ඇත්නම් ගැබිණි මව්වරුන් රෝහල් ගත කරන්නැයි ඉල්ලයි ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණු මව්වරු පළමු දිනයේම රෝහල් ගතකරන්නැයි පවුල් සෞඛ්‍ය කාර්යංශය උපදෙස් දෙයි. 05 April 2018
එජාප ප්‍රතිසංවිධානයට අධීක්ෂණ මණ්ඩලයක් විශ්වාස භංගයට පෙර ප්‍රකාශ කළ ආකාරයටම එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන කටයුතු 6 සහ 7,8 දින වල සම්පුර්ණයෙන්ම අවසන් කෙරෙන අතර ඒ සඳහා පුර්ණ බලැති අධීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. 05 April 2018
ගෝනෙකු මැරූ තිදෙනෙක් අත්අඩංගුවට උල් ආයුධයකින් ඇන ගෝනෙකු මරා මස් පිණිස කදෙන් රැගෙන යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු කොස්මෝදර ඉලුක්පිටිය මහදෙණිය ප්‍රදේශයේ දී අද (5) අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලිසිය කියයි. 05 April 2018
‘දේශපාලනයේ කැත මජරකම විශ්වාසභංගයේදී පෙන්නුවා‘- අනුර කුමාර විශ්වාසභංග යෝජනාවලිය සම්බන්ධ ක්‍රියාවලියෙන් අපේ රටේ දේශපාලනයේ කැත මජරකම පෙන්නුවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (05) පැවසීය. 05 April 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026