දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අනිකුත් දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීම ආරම්භ කළ බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.
එහි පළමු පියවර ලෙස දෙහිවලදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා ඇතුළු පිරිසක් සමග සාකච්ඡා වටයක් පැවැත්වූ බව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා කියයි.
උතුරේ මැතිවරණය පිළිබව ද මෙහිදී සාකච්ඡා කළ බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය.
මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඹෙයිකලනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා මේ සාකච්ඡාවලට එක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින්ට අවරුදු 30ක් යුද්ධ කරලා ගන්න බැරි වෙච්ච දේ නිකන්ම ගන්නද හිතාගෙන ඉන්නේ? හොඳට මතක තියාගන්න මේ රටේ 13.75% දෙමල අය ඉන්නේ. 11%ක් මුස්ලිම්. අනිත් ඔක්කොම සිංහල තාම... (නි)
ලංකාවට අහිතක් වෙන වැඩක් නම් කරන්න එපා (දී)
අපි සමග සාකච්චා කරන්නේ කවදද? මොවුන්ගේ සිහින සැබෑ වෙයිද? (නි)
සාකච්චා මොනවා වුනත් කමක් නැහැ. පොලිස් සහ ඉඩම් බලතල පළාත් සබා වලට ලැබිය යුතු නැත. (නි)
යම් කෙනෙක් හෝ පක්ෂයක් විදෙස් රටවලට ගොස් මේ සිංහලද්වීපය පාවා දී ඇත්නම් ඔවුන්ට මේ හෙළබිමේ ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරන්න තිබෙන අයිතිය කුමක්ද? මම නම් හිතන්නේ මේ සියල්ලන්ටම වඩා අපේ 'වන්නිලා ඇත්තොන්ට' මේ ගැන කතා කරන්නට වැඩි සුදුසුකමක් ඇත. (නි)
ඔය ඉල්ලන්නේ පොලිස් සහ ඉඩම් බලතල. (නි)
13වැනි සංශෝදනය කරන්න එපා කියා කෑගහන, අර වමේ එක්කෙනත් එක්ක ඉන්න අනිත් ටිකදෙනා මේ සාකච්ඡාට එන්නේ නැද්ද? (නි)
හොදින් ඇහැ ගහගෙන ඉම්මු මොකද කියන්නේ කියලා (දී)
මෙයාලට මේච්ර කතා කරන්න මේ තරම් ඉඩ දෙන්න එපා මේ අපේ සිංහල රට (අ)
රංග ශානි, ඔවුන්ට අදහස් සාකච්චා කිරීමට ඉඩ දිය යුතුයි. (නි)
මේ ගොල්ලෝ ඉල්ලන්නේ මස් රත්තලමයි. පොලිස් සහ ඉඩම් බලතල පළාත් සබා වලට ලැබුනොත් ඒ පළාත්වල ජීවත්වෙන සිංහල සහ මුස්ලිම් සුළුතරයට ලොකු අසාධාරණයක් වෙනවා.(නදී)
මෙය පටන් ගැනීමක් පමණි .ඉදිරියට වෙන දේ බලන්නකෝ... දවසක අපිටත් බෝට්ටුවක් අරන් අපහු නොඑන්න යන්න වේවි (නි)
මේ පසුබිමේ ඉන්දියාවත් ඉන්නවා. යුද්දෙන් බැරි වූ දේ සාමයෙන් ගන්නයි උත්සාහය. සාමයෙන් බැරිවුනොත් නැවත පරණ ක්‍රමය භාවිත කරන්න ඉඩ තියෙනවා. හැබැයි දැන් තත්වය බොහොම වෙනස්. අපි බනිනවා තමයි රට කන දේශපාලුවන්ට. එත් ජාතික ප්‍රශ්නයේදී අපි ඔක්කොම එකා වෙන්න ඕනැ. (නදී)
ඇත්තම කියනවනම් මම දන්නේ නෑ මොකක්ද මේ 13 කියන්නේ කියලවත් කවුරුහරි පැහැදිලි කරලා දෙනවද?(නදී)
සිංහල අපිත් එක්ක මොනම රජයක් යටතේ හෝ සමගියෙන් සමයෙන් ජීවත් වෙන්න සුදානම් අහිංසක,දෙමල සහ මුස්ලිම් ඛක්තික මිනිසුන් කොටසක් ඉන්නවා.අපි ඒගොල්ලන්ට සලකන්නේ අපේම අය විදිහට. සිංහල බලලෝභීන් දේශපාලකයන් තමන්ගේ යහපත මුල්කොටගෙන සිංහල අපිව දේශපාලන පක්ෂ වලට බෙදුවා සේ මේ අහිංසක දෙමල සහ මුස්ලිම් අයව රවටාගෙන,සුළු ජාතික ජාතිවාදී නායකයන් ඒ ගොල්ලන්ගේ බඩ වඩා ගැනීමට කටයුතු කරනවා. තමන්ට දේශපාලනය කිරීමටත් සිංහලයන් මේ රටේ ඉතිරිවිය යුතු බව අපේ සිංහල නායකයන් දැනගත යුතුයි. අනාගතයේදී ඔය දෙමල බස කතාකරන දෙගොල්ලොම ,සිංහල නායකයන්ගේ අත පය බඩ ශක්තිමත් කිරීම පසෙක තබා දෙමල බස මුල් කරගෙන එකතුවේවි. දැනටමත් එහෙම වෙමින් පවතිනවනේ. (නි)
අවුරුදු 30ක් යුද්ධ කරලා ගන්න බැරුව ගිය රටද ආයේ ගන්න හදන්නේ... ඔයාලට රට දීලා අපිට බලන් ඉන්න කියලද කියන්නේ? ඒවා නම් හරියන්නේ නැහැ.දැන් ඔය ඉන්න ටිකත් නැති කර ගන්නයි යන්නේ..... (නි)