ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධන මර උගුලෙන් මව් බිම සුරැකීමට ඉදිරිපත් වන්නැයි ඉතාලි ඒකාබද්ධ සිංහල සංවිධානය කියයි.
පොලිස් හා ඉඩම් බලතලඑම සංශෝධනයෙන් ඉවත කළ යුතු බවද එම සංවිධාන කියයි. සංවිධිනයේ රැස්වීමක් ජුලී 07 වැනි ඉරිදා රෝමයේදී පැවැත්වේ.ඉතාලි ඒකාබද්ධ සංවිධානයේ සභාපති දඹදෙණියේ ධම්මාරාම ,මෝදනා විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන යන හිමිවරුන්ද ඉතාලි ඒකාබද්ධ සිංහල සංවිධානයේ ලේකම් ලාල් ගමගේ ,භාණෟඩාගාරික කෙනඩි කොස්තා යන මහත්වරුන්ද එදින කතා කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හාමුදුරුවනේ වැඳලා කියන්නම් මේ වාසනාවන්ත රටේ ඉඳගෙන මේවා නොකර ලංකාවේ පාර්ලිමේන්තුව අබියසට ගිහිල්ල මේ දේවල් කරොත් නරකද ?(නදී)
මම නම් 13 යන්න දන්නේ 12ට පසුව එන පූර්ණ ඉලක්කම කියා පමණයි (දී)
ඉතාලියේ ලංකාවේ අය පවත්වන විවිධ තරග ,සංගීත සංදර්ශන වලට යනවට වඩා නම් හාමුදුරුවන්ගේ මේ වැඩේ හොදයි (දී)
මේ අයට පිස්සු. මේවා කලා කියලා මොකද වේන්නේ.(නදී)
සිංහලයිනි ඔබල ඉතාලියට ගියානම් රටට කරදරයක් නොවී කියක් හරි හොයාගෙන පුලුවන්නම් තමන්ගේ දුප්පත් නෑදෑයින්ට ටිකක් උදවු කරන්ඩ්. 13 13- කරන්ඩ ඔහේ ඉඳන් කරන්ඩ එපා. අපි මේක දේශලාලකයින්ට බාර දෙමු. අපිට ඕනවටත් වැඩිය දේශප්‍රේමී දේශපාලකයින් මෙහෙ ඉන්නවා. මේ රටේ මිනිස්සු තමන්ගේ රාජකාරිය පැහැර හැර ,අනුන්ට අයිති වගකීම් බාර ගන්ඩ ගිහින් තමයි රට බල්ලට ගිහින් තියෙන්නේ.(නදී)
අනේ මේ.....අපේ අය දන්න දහතුන? (නි)
ඔය ඉතාලි ජාතික සිංහල දේශප්‍රේමීන් ඔච්චරටම අපේ රටට අදරෙයි නම් ඇයි ඉතාලි ගිහින් එහෙ පුරවැසිබාවය අරගෙන ඉන්නේ ? ඇවිල්ලා ලංකාවේ ජීවත්වෙන්න පුළුවන්නේ.(නදී)
නැවත වරක් ජාති වාදීන් ලංකාව විනාශ කරන්න හදන්නේ.(නදී)
ඉතාලියේ ඉන්න ලංකාවේ මෝඩයෝන්ට දහතුන තවත් ඉලක්කමක් විතරයි. දහතුන නැති කරොත් දොළහට පස්සේ තියෙන්නේ දාහතරද කියල අහයි.(නදී)
ඉතාලියේ නොවෙයි කොහේ හිටියත් තමන්ගේ රටට ආදරේ කිරීම දේශප්‍රේමීන්ගේ සිරිතයි. අපි මෙහේ හිටියට අපි හැමදාමත් රට ගැන හිතුවා. මේ වෙලාවේ අපේ වගකීමයි මේ සංවිධානය ඉටු කරන්නේ.අපිත් මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධයි. මෙය අපේ රටට බලෙන් පටවපු දෙයක්. (නි)
ලේක්කෝ ගලබඩ ඔබ හරි. මේවට ලියන අදහස් වලින්ම පේනවා නේද අපේ අය හිතන පතන විදිහ. මේ වගේ අයනේ අපේ රටේ පාලකයින්ව තෝරලා යවන්නේ.(නදී)
ගලබඩ, ලෙක්කෝ තියෙන්නේ කොහේද?ඉතාලියේ නෙමෙයිද? එහෙම හිතුවොත් ඔබත් මෝඩයෙක්නේ. උඩ බලන් මොනවද කළාම තමන්ගේ මූණට වැටෙන බව දන්නෙ නැද්ද? ඔයා ගැන දුකයි අනේ.. (නි)