ශ්‍රී ලංකා ජනාධිපතිවරයා 2010 වසරේ දී පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව බහුතරයක් ජීවත්වන පළාත්වලට පුළුල් බලතල දෙන ලෙස ඉන්දියා නව අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනපතිට අවධාරණය කළ බව හින්දු පුවත්පත කියයි.
ඉන්දියාවේ හිටපු අගමැති මන් මෝහන් සිං හා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කි මූන් සමඟ 2010 මාර්තු මාසයේ පැවැති සාකච්ඡාවක දී බලය බෙදීම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය විසඳුමක් ලබා දීමට ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු විය.
ඉන්දියා අගමැතිවරයා උපුටා දක්වමින් එරට විදේශ ලේකම්වරිය සඳහන් කළේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය හා ඊට වඩා එහා ගිය විසඳුමක් මඟින් මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගත හැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
13 දුන්නා නම් ලංකාවත් ඇෆ්ගනිස්ථානයක් වෙනවාමයි. ඉන්දියානු පදයට අපි නටන්න අවශ්‍ය නැහැ. ජනාදිපතිතුමා එහෙම පොරොන්දුවක් වෙලත් නැහැ.(නදී) .
ඔන්න දැන් හොදම වෙලාව ජන මතයක් තියන්න.(අ)
අගමැති වෙනස් වුණාට රටේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ. බලන්න අපට ඉගෙන ගන්න තියෙන දේ. ලංකාවේ අයට දෙන පොරොන්දු වගේ නෙවේ, රාජ්‍ය නායකයෙක් රජයකට උන පොරොන්දුවක් මේක. දැන් ඉතින් ඉන්දියාව පතුරු ගහයි මාධ්‍ය ඉස්සරහ. නමුත් ඉන්දියාවට ගිහින් රාජ්‍ය තාන්ත්‍රිකව මේ ප්‍රශ්නේ විසදන්න පුළුවන් විද්වත්තු ආණ්ඩුවේ ඉන්නවද කියන එකය් ප්‍රශ්නේ. (අ)
17 වැනි සංශෝදන වෙනස් කරලා 18 ගෙනාවා වගේ මොකද 13 වෙනස් කරන්නේ නැත්තේ? (නි)
ඔහොම යමු, මොකද වෙන්නේ බලන්න (නි)
ඔය කෙහෙම්මල් පළාත් සභා අහෝසි කළාම ඉවර නේ. ඉන්දියන් කාරයෝ කොහොමද අපේ ප්‍රශ්න වලට ඇගිලි ගහන්නේ. ඒ අයට කුද ගහගන්නයි කියනවා. ඔය මල ඉලව් වලට අපි යන්න ඕනේ නැහැ,එත් ඉතින් උගන්ඩාවයි, සිම්බබ්වෙයි ,ඇරුනම කොහේ යන්නද?. (අ)
බලමුකෝ අන්තිමට ගන්න තීරණය මොකක්ද කියලා (නි)
ඉතින් එහෙනම් පොරොන්දු වුණා කියලා කියන්නේ මොකක්ද? (නි)
ඉන්දියාවේ ආණ්ඩු වෙනස් වුනාට විදෙස් ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. (ස)
මාලා ඔයා කොයි ලෝකෙද ඉන්නේ ? මහින්ද 13 දෙනවා කියලා ලංකාවේ ජනතාව ගොනාට ඇන්දුවේ නැ . මොකටද සිංහල ඡන්ද වලට 13 , මේ කතාව කිව්වේ යුද්දේ ඉවර කරන්න ඉන්දියාවේ උදව් ලබා ගන්න . කරුණා කර කරුණු නොදැන රට පාවා දෙන කතා කරන්න එපා .(ස)
13 දෙනවා කියලා අපේ ජනාදිපති තුමා පොරොන්දු වුනාද? එ්ක තමා ඔය ඉල්ලන්නේ. කාලා වරෙල්ලකෝ.(නදී)
බොහෝ දෙනා පොරොන්දු දෙන්නේ එදා දවසේ තත්ත්වය බලා එම වාතාවරණයට ගැළපෙන අන්දමටයි. එම යෝජනා ක්‍රියාත්මක කරන කාලය එනවිට, වසර ගණනක් ගත වූ විට, සමහරවිට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා තියෙන්න පුළුවන්. එම යෝජනාවන් මුළුමනින්ම නුසුදුසු වෙන්න පුළුවන්. එම වෙලාවට දේශපාලකයෝ කරන්නේ එම යෝජනාවන් දැන් සුදුසු නොවෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන එකයි. (නි)
හැබැයි දෙනවා කියලා පොරොන්දු වෙලා නම් ඉතින් දෙන්න වෙනවා නේද? (නි)
මම නම් කියන්නේ අපි නොබියව ඍජු මතයක සිටිය යුතුයි කියායි (නි)
ඉන්දියාවේ කිසිම පාලකයෙක් ලංකාව ස්වාදීනව ගොඩ නැගෙන්නට කිසිදාක ඉඩ දෙන්නේ නැහැ. එය හිතේ තියාගෙන අපේ පාලකින් උපාය උපක්‍රම තෝරන්න ඕනි. (අ)
සිංහල මිනිස්සු අකමැති නම් කොහමද දෙන්නේ ? බලෙන් ගන්න පුලුවන්ද ? (අ)
මහින්ද ලංකාවේ ජනතාව ගොනාට අන්දලා බොරු බෙගල් කියල ඡන්දෙ අරගත්තට, බොරු කියල මෝධි රවටන්න බෑ වගේ. (අ)
ආරාධනාවක් කරලා ළඟටම ගෙන්නලා දුන්නේ නැතැයි ටොක්කක් (දිල්)
හේමන්ත වරදවා තේරුම් ගන්න එපා . මේක මේ මහින්ද ජනාධිපති දුන්න පොරොන්දුවක් නොවේ . ජාත්‍යන්තර බලපෑම නිසා මහින්ද ට දෙන්න වෙන පොරොන්දුවක් . නමුත් මේ ජනාධිපති තුමා කවදාවත් ජාත්‍යන්තරයට ඔලුව නමලා මේ රට පාවා දෙන්නේ නැ . නමුත් අද අපිව කොන්කරලා අපිට ආර්ථික සම්බාධක පනවන්න යුඑන් එක හරහා කුමන්ත්‍රණයක් ඇති බව හොදට මතක තියා ගන්න . කරුණා කර පාට කන්නාඩි වලින් මේ ප්‍රශ්නය දිහා බලන්න එපා (අ)
දැන් මෝඩිට හොඳ කියපු කට්ටියට මොනවා හිතෙනවද දන්නේ නැහැ. (නි)
එහෙම කියන්න එයා අපේ රටේ නායකයෙක් නොවෙයිනේ, එය නායකයා වෙන්නේ ඉන්දියාවට. (නි)
මෝදිට ඕනේ බලය විතරයි.. අපේ රට ගැන කියන්න එයා මොනවද දන්නේ? (ස)
පොරොන්දු උනා නම් දෙන්න ඕනා. කඩ උන පොරොන්දු දුන්නොත් නම් ඉන්දියාවෙන් ඉල්ලගෙන කන්න වෙනවා.(නදී)
එයාට අපේ රටට ඇගිලි ගහන්න තියෙන අයිතිය මොකක්ද ? (නදී)
හෙමෝම පටන්ගන්නකොට ඔහොම තමයි.(නදී)
මේ ඉන්දියාවේ ඉන්න අයට ලංකාවට ඇඟිලි ගැහුවේ නැත්නම් තමන්ට පැවැත්මක් නැති විදියටමනේ වැඩ. එ්ක එහෙම නම් අපිටත් එයාලට යම් බලපෑමක් සුළුවෙන් හෝ කරන්න පුළුවන් වගේ. අදාල පොයින්ට් එක හරියටම අල්ලගත්තා නම් අපිව නටවන්න එන්නෙත් නැහැ නටවන්න අවොත් කරන්න ඕන දේ අපිට හොයාගන්න පුළුවන්. නිදහසේ බලපෑම් නැතුව ජීවත් වෙන්නත් පුළුවන්.(නදී)
අන්තිමේදී මේ මොනවද වුණේ? (නි)
මදැයි වෙච්ච දේ? (නි)
ශමිලා බැරිද අපේ අයිතිය වෙනුවෙන් කතාකරන්න? (අ)
ශමිලාට බැරිද අපේ අයිතිය වෙනුවෙන් කතාකරන්න? (ස)
දැනටම ඕනවට වඩා බලය දීලා.. සිංහලයෙකුට කිසිම අයිතියක් නැහැ මාලුවෙක් අල්ලන්න බැහැ සිංහල නම්. ඇත්ත තත්වේ කතාකරනවා පාටලී චම්පික නම්... හමුදාව හිටියට වැඩක් නැහැ. තරහින් බලාගන ඉන්නවා විතරලු.(ස)
අපි නොදුන්නොත් ? එදා ලැබුන පොලුපරින් තේරෙනවා නේද අපි අකමතී කියල. එහෙම දෙන්න මේ රට කාගෙවත් බූදලයයක් නොවෙයි. මේක සිංහලයාගේ රට. රටේ ජනතාව අකමැතිනම් කොහොමද දෙන්නේ? (ස)
අනේ මෙහෙම ලිඳේ ඉන්න ගෙම්බෝ ටිකක්. රුසියාව යුක්රේනයට කරපු දේ කර ගන්න මේ ගොල්ලෝ ලෑස්ති වෙන්නේ. (ස)
මේ වෙලාවට තමයි අපේ සර් ජෝන් මහත්තයාගේ අගය තේරෙන්නේ. 13 දෙන වගක් පොරොන්දු වුනේ නැත්නම් ඇයි කෙලින්ම කියන්න බැරි? කවුද දැන් විශ්වාස කරන්නේ? එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා සහ හිටපු ඉන්දීය අගමැතිවරයාද නැත්නම් අපේ ජනාධිපතිතුමාද? (ස)
මෝඩි කියනවට වඩා ඇත්තටම මේක අපි සැමගේ ජීවිත වලට යහපතක් වෙනවා නම්, දෙනවා කිව්වා නම්, දෙන්න ඕන, නැත්නම් දැන් කියමු පැහැදිලිව ම අපි බලය බෙදන්නේ නෑ කියල. (ස)
මෝඩි මහත්තයෝ ලංකාව නිදහස් ස්වෛරී රටක් ......(ස)
13 ලු, 17 වෙලා 18 වුනා වගේද? මට නම් තේරෙන්නෙම නැහැ මේවා. ඒ වුනාට මම උදාරගේ පළමුවන අදහසට කැමතියි. (ස)
මෝඩි, කරුණාකර ප්‍රථමව වැසිකිලි ටිකක් හදන්න. ඉන්දියානු ජනතාව ලෝකයේ දුප්පත්ම ජනතාව. 80% වැඩි ජනගහනයකට ස්ථිර පදිංචියක් නැත. ඔවුනට ගෙවල් ටිකක් සාදා දෙන්න.(නදී)
එක එක්කෙනාගෙන් ණයට ගත්තහම ඕව අහන්න වෙනවා. (ස)
දැන් අපේ වාසුදේව ඩියු ගුණසේකර රාජිත දිලාන් ප්‍රමුක පෙඩරල් බලකායට හරි සතුටු ඇති.දයාන් ජයතිලක මහත්තය විශ්ලේෂණ හදනවා ඇති මාධ්‍ය වලට දෙන්න. ඔය කියන ඒවා පළාත් සභාවකට දුන්නම මධ්‍යම ආණ්ඩුවක් මොකටද මේ රටට. කට්ටිය බය වෙන්න එපා. මෝඩි ඔලුවෙන් හිට ගෙන කිවත් අපේ රටේ බලය ගන්න අය ඔය බලතල දෙන්නෙත් නැහැ. දෙන්න මිනිස්සු ඉඩ දෙන්නෙත් නැහැ. අනෙක මෝඩි කවුද අපිට එහෙම කියන්න.මේක එයාගේ ප්‍රාන්තයක් නෙමෙයිනේ. ලංකාවට පරිප්පු දාන කොට තිබුණු විදියේ වාතාවරණයක් නෙමෙයි අද ලෝකේ තියෙන්නේ. කට්ටිය හදන්නේ නැති බිල්ලෝ මවල මැරිච්ච 13 ට පන දෙන්න, මොදිව ඉස්සරහට දාල. (ස)
කවුරු මොනවා කිවුවත් සේනාව සමඟ සිංහල බෞද්ධයා එකතු වුණොත් ගොඩක් දේවල් කළහැකියි (නි)
පුදපු ගමන් කාපි යකා. (නදී)
එයා ඉන්දියාවෙ අගමැතිද? අපේ රටේ ජනාධිපතිද? ඉන්දියාවෙ මෙච්චර ප්‍රශ්න තිබියදී එනවා අපේ රටේ ප්‍රශ්න වලට අතදාන්න. (නි)
මට නම් හිතෙන්නේ ඡන්ද ගන්න ජාති ආලය සමග දේශප්‍රේමය පතුරුවාලීමේ ප්‍රතිපල කියල මේ ඔක්කොම. (ස)
ඔන්න විමල් මහත්තයෝ කෙලින් කතා කරන්න වේලාව. ජාතියම ඔබ තුමා පස්සෙන්. (ස)
මෝඩි අවොත් ලංකාවට විශේෂයෙන් සිංහල ජනතාවට හොඳයි කියපු කට්ටියට දැන් මොනවා හිතෙනවද දන්නේ නෑ. (ස)
හිතාගෙන ඉන්නේ ලංකාව උන්ගේ ප්‍රාන්තයක් කියලද දන්නේ නෑ. අපිට චීනෙත් උදව් කරනවා. 13 නෙවෙයි වැඩිය දැගළුවොත් මේ බලතලත් නැති කරන්න ඕනේ. (ස)
දෙනවා ක්ව්වනම් දෙන්න ඕන, නැත්නම් දැන් කියමු පැහැදිලිව ම අපි බලය බෙදන්නේ නෑ කියල. හොඳම දේ තමයි මැතිවරණයකින් ජනතා අදහස් ගැනීම (ස)
මොදි මහත්තයා බලයට පත් වෙච්ච ගමන් ඉන්දියාවේ ප්‍රශ්න විසඳන්නේ නැතුව ලංකාවේ ප්‍රශ්න විසඳන්න පටන් අරගෙන වගෙයි. (ස)
ඔන්න පැනල කරගෙන ආපු දෙයක්. මෙයා ඉල්ලන ඒවා දෙන්නම වෙයිද ? (ස)
ලොකු ටොපියක් නේ දීලා තියෙන්නේ.(නදී)
ඔහෙප්පල්යන්! (නදී)
තව ටිකක් කල් යනවිට අපේ අයට කියන්න සිදුවෙනවා මන මෝහන් සින් හිටියා නම් හොදා කියලා.(නදී)
බඩු මිල වැඩිවේ.(නදී)
දහතුනෙන් එහාට ගිහිල්ල තමා 18 එන්නේ. (ස)
ඔය බොරුවට.(නදී)
මේ ලෙඩේ මුලින්ම දා ගත්තේ කව්ද? (නදී)
ඉතින් එයාලට ඉන්දියාවෙන් දෙන්න පුළුවන්නේ ..කොච්චර හොදද ...ඉන්දියාවේ ඉඩම් බෙදල දීල ඡන්දෙ ගන්නත් පුළුවන් (නදී)
ඕක නේ අපි කිව්වේ. දැන් මොකද කියන්නේ? (නදී)
පාට පාට දේශපාලනය පිටු දකින්න තාලය ඇවිත්. මේ රට හැර වෙනත් මව් රටක් අපට නැත. සාමය, සමගිය සමානාත්මතාවය කියමින් මුළු රටම විනාශ වෙන්න ඉඩ හරිනාවදි? නැතිනම් රැක ගන්නවාද? (නදී)
එතකොට මෝදි මහත්තයා, සිංහල ජනතාව ඉන්න පළාත් වලට වැඩ්පුර බලතල දුන්නට නමක් නැහැ නේද? (නදී)
මේ මොකද්ද මේ වුණේ ? (නදී)
ඇත්තටම මේක අපි සැමගේ ජීවිත වලට විතරක් නොව ඉන්දියාවේ පැවැත්මටත් බලපාන අතිසංවේදී ප්‍රශ්නයක්.ලෝකයේ ප්‍රබල රටවල් එකක්වත් ජාතික ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ.දැන් අපි පොරොන්දු වෙලා තියෙනවානේ 13 කියලා එකක් දෙන්න.ඉන්දියාව ඔය කොච්චර කෑගැහුවත් අරක දෙන්න මේක දෙන්න කියලා, එයාලා කවදාවත් අදහස් කරන්නේ නැහැ නිදහස් රාජ්‍යක් දෙන්න කියලා. අපි බලාගෙන ඉඳිමු දැන් අපේ රටෙන් මොනවාද මේකට කරන්නේ කියලා. (නි)
ඕක තමයි ගිහිල්ල ඉල්ලා ගත්තේ නේද? (ස)
ඔය ඉතින් (ස)
සේනාව මේ ගැන මොකද කියන්නේ ? (ස)
අල්ලපු රටේ එදා මෙදා තුරා ආපු හැම දේම හැදුවේ අපේ රටට වින කරන්න මිසක් අපට හොඳක් කරන්න නොවන බව අමතක වීම කණගාටුවට කරුණක්.(ස)
හොඳ වැඩේ, බොරුව හැමදාම බැහැ. ලංකාවේ මිනිස්සුන්ට බොරු කිව්වට ලෝකෙට බොරු කියල බේරෙන්න බැහැ. දැන් දීපල්ලකෝ. (ස)
නුගත් මිනිහ හිතනවා ලංකාවේ ගොන්නුන්ට වගේ පිටරටවල ඉගෙනගෙන දේශපාලනය කරන අයත් රවට්ටන පුළුවන් කියල. දෙනවා කිව්වනං දෙන්න ඕනනේ.(ස)
කරුණු කාරණා කෙසේවෙතත් එකී ව්‍යවස්ථාව සහ ගිවිසුම් ඇති කළේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොවෙයිනේ. (නි)
13 දුන්නම ඉඩම් සහ පොලිස් බලතල ලැබුනොත් ඒකෙන් විශාල ප්‍රශ්නයක් ඇතිවේවි. (අ)
ඉතින් දැන් අපි මේක දුන්නොත් මොකද වෙන්නේ? (නි)
ඔන්න මහත්තයෝ ලොකු අයියා පොල් තෙල්වත් නොගා තමයි ගේමට එන්ටර් වෙන්න යන්නේ.(නදී)
පටන් ගන්නකොටම අපට නම් හිතුනා මෙහෙම දෙයක් වෙයි කියලා (නි)
මේ මොනවද දෙයියනේ ඒ ගමන වෙන්න යන්නේ? (නි)
කොහොමද මම කියූ දෙය? දැන් ඉන්දියාව ආයෙත් හොඳ නැහැ. දවස් කීයද ඉන්දියාව හොඳ වුණේ? (නි)
මහත්තයෝ,ලංකාවට ඇඟිලි ගහන්න පෙර තමන්ගේ වැඩක් බලාගත්තොත් නේද හොඳ (නි)
කොහොමද මෙහෙම පොරොන්දුවක් වුණේ? (නි)
දැන් අපි මේ ඉල්ලන දේවල් දෙනවද? (නි)
හේමන්තට මමත් එකඟ වෙනවා (නි)
පුදනකොටම කාපි යකා කියන්නේ ඔන්න ඕවට.(දිල්)
ඔන්න ඉතින් අපි කිව්වා. කියපු විදියටම සිද්දිය පරණ පුරුදු විදියටම වෙන්ඩයි යන්නේ. ඉන්දියන්කාරයා කියන්නේ කවදත් ලංකාවේ සිංහල අපිට කෙනෙහිලිකම් කරන්ඩ බලාගනම ඉන්න සතෙක්.(නදී)