‘ලංකා ඉතිහාසයේ සාමාන්‍යයෙන් සිදුවන්නේ ප්‍රධාන මැතිවරණයකින් ජයගත් පක්ෂය ඊළඟ මැතිවරණය ජය ගැනීමයි. ඒ අනුව ලබන 17 වැනිදායින් පසු මහින්ද රාජපක්ෂට හොම්බෙන් යාමට සිදුවෙනවා‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල මාළිගාපිටියේ පැවැති රැලියකදී පැවසීය.
‘ලංකා ඉතිහාසයේ සාමාන්‍යයෙන් සිදුවන්නේ ප්‍රධාන මැතිවරණයකින් ජයගත් පක්ෂය ඊළඟ මැතිවරණය ජය ගැනීමයි. ඒ අනුව ලබන 17 වැනිදායින් පසු මහින්ද රාජපක්ෂට හොම්බෙන් යාමට සිදුවෙනවා‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල මාළිගාපිටියේ පැවැති රැලියකදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කී පාරක් පැරදුණත් මේදා පාරනම් දිනනවා. එතකොට ඔය කියන අයටම තමා හොම්බෙන් යන්න වෙන්නේ. (ම)
හොම්බෙන් ගිහිල්ලා බේරුනොත් ඇති (නදී)
මේ කවුරු දිනුවත් 17 න් පස්සෙ හොම්බෙන් යන්න වෙන්නේ පොදු ජනතාවටයි. බලයට එන්න දඟලන හොරු සහ කම්බහොරු අතරින් අපිට තෝරගන්න කිසිම පිලක් නැහැ. දැන් තිබෙන ජවිපෙත් ඊට විකල්පය නොවෙයි. ඒකත් දැන් මුක්කු පක්ෂයක් වෙලා. අද රට පාලනය කරන්නේ වෛරයයි. ඒක රටකට හිතකර නැහැ. බලය ඉල්ලන අයත් වෛරය සපුරා ගැනීමට බලය ඉල්ලනවා. ප්‍රතිපත්තියට වඩා පුද්ගලයෙකු වටකර පහර දී බිම දමන්න හදන්නේ ඇයිද යන්න ජනතාවනි කල්පනාවට ගන්න. (නි)
නිකන් කියවන්නන් වාලේ කියන්නේ නැතුව මට දන්නා කවුරුහරි කියන්නකෝ බලන්න රනිල් 29 පාරක් පැරදුන විදිය. මම දන්නා විදියට රනිල් එච්චර පාරක් තරඟ කරලා නැහැ (නි)
හොඳයි අපි බලමුකෝ... (නි)
ඒක ඇත්ත. හැබැයි ඒ තර්කය මෙතෙන්ට හරියන්නේ නැහැ. මොකද ජනාධිපතිවරණය දිනුවේ එජාප අපේක්ෂකයෙක් නෙමෙයි, එහෙනම් ඒ වාසිය යන්නේ ඔවුන්ට. (නි)
අපේ අය මෙහෙම එකිනෙකාට බැණගන්නකොට ,ඒ අය ඒ පැත්තේ ඉඳලා හරි සතුටින් බලා ඉන්නවා ඇති නේද? හිතනවා ඇති ඔවුන් ඇනකොටා ගන්නා තරමට අපිට වාසියි කියලා. (නි)
අපි බලමුකෝ කාටද යන්න වෙන්නේ කියලා (නි)
අන්තිමට අපිට තමයි යන්න වෙන්නේ හොම්බෙන්. (නි)
ඉතිහාසයේ සිදුවුණු විදියට මෙදාපාරත් වෙනවා නම් අපරාදෙනේ මේ මඩ ගගහා දඟලන්නේ. (නි)
එතුමා හොම්බෙන් ගියේ එකපාරයි (ම)
ඔන්න ඔහේ ඔබතුමා ගෙදරට වෙලා 18 වෙනිදා වෙනතුරු විවේක ගන්න.. (නි)
මහින්දට හොම්බෙන් යන්න සිංහල අපි ඉඩ තියන්නේ නැහැ කියන එක දැනටමත් ප්‍රත්‍යක්ෂයි. (නි)
1977 දී රාජ්‍ය සේවකයෝ වැඩ වර්ජන කරලා හොම්බෙන් ගෙදර ගිය ආකාරය මතක් කරගන්න. 1983දී සෑහෙන ජනතාවක් හොම්බෙන් ගියා. 1988 දී 60,000 පමණ විශ්ව විද්‍යාල තරුණ තරුණියන් වගේම පවුල් ජීවත් කරවන ගෘහ මුලිකයනුත් හොම්බෙන් ගියා දැන් නැවත 2015 ඇවිල්ලා. කැමති නම් නැවත හොම්බෙන් යන්න අවස්ථාව ඇති කරගන්න පුළුවන්. (නි)
සෙනඟ දැක්කහම මහින්ද හොම්බෙන් යන එක සිකුරුයි. ජයවේවා! යුන්පී එක්සත් ඒකීය රටක් උදසො යුන්පීය ස්ථිරවම වැඩි බලය ගන්නවා. (නි)
මහින්දට නම් එහෙම වෙන එකක් නැහැ (නි)
සමහරු නම් පුරුදු පාරේම යාවි (නි)
රට ජාතිය වෙනුවෙන් වැඩක්කළ එකම මිනිසා වන මහින්දට ජයවේවා! (නි)
මහින්දට විතරක් නොවේ එයාගේ පස්සෙන් යන අයටත්. (නදී)
රනිල්ට හින දැකල එපා වෙලා නැද්ද? (බ)
ඔබතුමාටද 29 වැනි වරටත් හොම්බෙන් යන්න දේවි 17 වැනිදා (බ)
29 වරක් පැරදිලත් සමහරු යහතින් ඉන්නේ (අ)
අනිත් අයට පස්සපත්තෙන් යන්න වෙන්නේ . (අ)
ඔබ කී සැරයක් හොම්බෙන් ගියාද (බ)
28 වතාවක් පැරදුන අය ඔහොම ගියානම් මුහුණක් ඉතිරිවේවිද (බ)
අනගාරික ධර්මපාලතුමා කිව්වා ලංකාවෙන් සුද්දෝ ගියාම කළු සුද්දෝ පාලනය කරනවා කියල. මේ එහෙම කළු සුද්දෙක්. මිනිස්සු මේවා තේරුම් ගන්න ඕන. (බ)
ඉතිහාසයේ කුණු බක්කියට යනවා නියතයි. (නදී)
මෙහෙම වාචාල කයිවාරු ගහන්ට ගියොත් හොම්බෙන් යන්ට වෙන්නේ ඉතින් ඔබ..තුමාට ! (බ)
හොම්බෙන් හරි කොහොම හරි ගිහින් අයෙත් ජනේලේ උඩ නැග්ගොත් තමා වැඩේ ආයිබෝන්...! (අ)
මේ දෙදෙනාගේ පමණක් නොව,මේ ගොල්ලන්ගේ දේශපාලන බලපොරය නිසා කවද හරි හොම්බෙන් යන්න වෙන්නේ සිංහලයාට. (අ)
සාමාන්‍යයෙන් අසාමාන්‍ය දේවල් වෙන කාලයක් මේක (බ)
ඔබතුමා වගේ අගමැති කෙනෙක් 30 වතාවට හොම්බෙන්ම යනවාමයි (බ)
අපි බලමුකෝ ඒක එදාට (නි)
ඔබතුමාට හොඳටම විශ්වාසද? (නි)
මෙතන ලියන සමහරුන්ට මිනීමරුවන්, හොරුන් කව්ද කියල දන්නේ නෑ වගෙයි. පහුගිය දේ මතක් කරන්න.(නදී)
මෙම මැතිවරණයෙන් රනිල් පැරදුනොත් පක්ෂ නායක කම නැතිවෙනවා. සජිත් ඊළඟ නායකයා යයි ඔහු විසින්ම කියගානී. සජිත් ගේ පැතුම එයයි. එනිසා හොම්බෙන් යාම ගැන දෙපාරක් සිතුවොත් තමයි හොඳ (නදී)