IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


17 න් පහළ I කොටසේ ක‍්‍රිකට් ශූරතාව පානදුර රාජකීය විදුහලට

වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ශූරතාව දිනාගැනීමට පානදුර රාජකීය විදුහල සමත් විය. කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (11) පැවැති අවසන් මහ තරගයේදී රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ කොළඹ ආනන්ද විදුහලට එරෙහිව කඩුලූ 2 ක තියුණු ජයක් ලැබූහ.

පානදුර රාජකීය විදුහල වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වන අතර මීට පෙර 1997 වසරේදී 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ශූරතාව දිනා තිබේ.

ලකුණු 104 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 35.1 කදී කඩුලූ 8 ක් දැවී සම්පූර්ණ කිරීමට රාජකීය විදුහල සමත් විය. දිවා විවේකයට තරගය නතර කරන විට ලකුණු 49 කට එක කඩුල්ලක් දැවී රාජකීය විදුහල ප‍්‍රබල තත්ත්වයක පසු වූ අතර දමිඳු අෂාන් ලකුණු 25 කට දැවී යෑමත් සමග ආනන්ද විදුහල් පන්දු යවන්නෝ තරගයේ වාසිය ගැනීමට උත්සාහ කළහ. ලකුණු 56 කට කඩුලූ 4 ක් බිඳ වැටී තිබියදී පවන් එදිරිසිංහ (21) සහ ලක්ප‍්‍රිය ධනංජය (15) පස්වැනි කඩුල්ලට ලකුණු 28 ක සම්බන්ධතාවක් පවත්වමින් නැවතත් තරගය රාජකීය විදුහල වෙතට නතු කර ගැනීමට සමත් වූහ.

ආනන්ද විදුහල වෙනුවෙන් දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ සෙනාල් කෝරළේ ලකුණු 23 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය.

ආනන්ද විදුහල  ඕවර 33.4 කදී සියලූ දෙනා දැවී 103

(අදීෂ ද සිල්වා 27, සුචිර පරණාතල 34, රුසිරු රවිශංඛ 23/3, විමුක්ති මධුෂාන් 14/2, කලන චතුරංග 21/2)

රාජකීය විදුහල  ඕවර 35.1 කදී කඩුලූ 8 ක් දැවී 104

(දමිඳු අෂාන් 25, මාධව නිමේෂ් 16, පවන් එදිරිසිංහ 21, ලක්ප‍්‍රිය ධනංජය 15, සෙනාල් කෝරළේ 23/5, ඉෂාන් බණ්ඩාරනායක 17/2)

ඡයාරූපය : සුමින්ද සුදර්ශන පතිරණ  

 

පාසල් ක‍්‍රිකට් සංගමයේ සභාපති සහ ආනන්ද විදුහලේ විදුහල්පති එල්. එම්. ඞී. ධර්මසේන මහතා විසින් පානදුර රාජකීය විදුහල් නායක ලක්ප‍්‍රිය ධනංජයට ශූරතා කුසලාන පිරිනමන ලද අවස්ථාව. පාසල් ක‍්‍රිකට් සංගමයේ උප සභාපති සහ පානදුර රාජකීය විදුහලේ විදුහල්පති සරත්චන්ද්‍ර සිල්වා මහතා ද මෙහි සිටියි

 

ශූරතාව දිනූ රාජකීය විදුහල් ක‍්‍රිකට් පිල

 

පාසල් ක‍්‍රිකට් සංගමයේ සභාපති සහ ආනන්ද විදුහලේ විදුහල්පති එල්. එම්. ඞී. ධර්මසේන මහතා ආනන්ද විදුහල් පිලේ නායකයා කුෂිල් පෙරේරාට අනු ශූරතා කුසලාන පිරිනමන ලද අවස්ථාව. පාසල් ක‍්‍රිකට් සංගමයේ උප සභාපති සහ පානදුර රාජකීය විදුහලේ විදුහල්පති සරත්චන්ද්‍ර සිල්වා මහතා ද මෙහි සිටියි

 

අනුශූරතාව දිනූ ආනන්ද විදුහල් ක‍්‍රිකට් පිල



අදහස් (0)

17 න් පහළ I කොටසේ ක‍්‍රිකට් ශූරතාව පානදුර රාජකීය විදුහලට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 409 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 128 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1881 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2357 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3738 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site