20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ශක්තිය හා ධෛර්ය ලැබේවායි කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ අද (05) පන්නිපිටියේ පැවැති පිංකමක දී සෙත් පැතූහ.
පන්නිපිටිය මාකුඹුර පුරාණ විහාරයේ නව ධර්ම මන්දිරය විවෘත කිරීම මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ජනපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දිනේෂ් ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු හිටපු මන්ත්‍රීවරු පිරිසක් ද ඊට එක්ව සිටියහ.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප වැනි ඡන්දදායකයන් නම් ප්‍රාර්ථනය කරන්නේ මුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම වෙනස් කරන්නට මහින්ද ප්‍රමුඛ සන්ධානයට බලය සහ වාසනාව ලැබේවායි කියාය. (නි)
ඔබවහන්සේගේ බලාපොරොත්තු ඉටුවේවා! (නි)
අයියෝ ජගත්දේව, ඔයා වගේ අදහස් තියෙන අය තාමත් ඉන්නවනේ. ව්‍යවස්ථා වෙනස් කරලා රජ පවුල ආයෙත් රජ කරවන්න ඔයා ප්‍රාර්ථනා කළාට මිනිස්සු ඒකට ඉඩදෙන එකක් නැහැ. (නි)
දේශපාලනය යහපත් මං පෙතකට මග පෙන්වූ ඔබවහන්සේට තුති. තවදුරටත් ඒ උතුම් සත් කාර්ය සදහා දායක වීමට සවි ලැබේවා. (නදී)
එතකොට හාමුදුරුවනේ හිටපු හොරු ටික අල්ලන්නේ නැද්ද? (නදී)
පෙරලෙන පිට හොඳ කිව්වලු (ම)
සදා මිතුරන් හා සතුරන් නැති අපේ රටේ දේශපාලනයක මහිමය.(නදී)