IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


'2016 World Miss University' සඳහා ලංකාව වෙනුවෙන් මම ඉදිරිපත් වුණා

2016-08-07-ent-14

ඇය නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වුවද, මේ වනවිට ඇය තම රටට කීර්තියක් ගෙන දී හමාරය. ඒ, "2016 World Miss University" තරගයෙන් 06 වැනි ස්ථානයට පත්වීමත් සමගය. ඇය නමින් ප්‍රමෝදි කෞශල්‍යාය. මේ වනවිට ගීතමය රූප රචනා තුළින් ප්‍රේක්ෂක ආදරය දිනා ඇති ඇය නිවේදිකාවක ලෙසද කටයුතු කරන්නීය. ඒ පිළිබඳව සහ ඇගේ තොරතුරු පිළිබඳව පැවසීමට "තරුණයා" සමග ඇය මෙලෙස එක්විය.

 

මේ දිනවල කටයුතු කොහොමද?

2016-08-07-ent-13මියුසික් වීඩියෝ එකක් කළා. ඉදිරියෙදි අලුත් මියුසික් වීඩියෝ දෙකක් සඳහා දායක වෙන්න නියමිතවෙලා තියෙනවා. ෆොටෝ ෂූට් කිහිපයකුත් කළා. ඒ කටයුතුවලට අමතරව මම නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා.

 

ඔබව කොහොමද රසිකයන් හඳුනා ගත්තේ?

"2016 World Miss University Pageant" එක සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මම ඉදිරිපත් වුණා. ඒ තරගයෙන් 06 වැනි ස්ථානය මට හිමිවුණා. ඊට පස්සේ තමයි බොහෝ දෙනා මාව හඳුන ගත්තේ. ඒ තරගයෙන් පස්සෙ තමයි නිරූපණයට එන්න මට අවස්ථාව ලැබුණෙ. දැනට මගේ වයස 22යි. ඉතිං මේ අඩු වයස තුළදී මෙවැනි දෙයක් සඳහා දායක වීමට අවස්ථාව ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.

 

නිවේදිකාවක් වුණේ කොහොමද?

මේ දිනවල නිවේදිකාවක් වශයෙන් ස්ටයිල් ටීවී එකේ වැඩකටයුතු කරනවා.

 

නිවේදනය කියන දේ හොඳයිද?

නිවේදනයට මම ගොඩක් කැමති. ඒ පිළිබඳව හදාරන්නත් කැමතියි. නමුත් ඒ සඳහා වෙලාවක් නැති එක තමයි ප්‍රශ්නයකට තිබෙන්නෙ. ඒත් මම පුළුවන් විදිහට ප්‍රවීණයන්ගෙන් නිවේදනය ඉගෙන ගන්න බලනවා.

 

ෆේස්බුක් නැත්නම් නිරූපණ ශිල්පීන් බිහිවෙන් ප්‍රමාණය අඩුයි නේද?

තාක්ෂණය දියුණු වෙනවත් එක්කම ඒ අයටත් දියුණුවක් තියෙනවා. ඒ වුණත් ෆේස්බුක් නිරූපිකාවන් ගොඩක් වැඩියි. ෆොටෝ ෂූට් එකක් දෙකක් කරපු පළියට නිරූපිකාවක් වෙන්න බැහැ. තමන් ඒ ගැන අධ්‍යයනය කරලා දැනුමක් හදාගෙන මෙම ක්ෂේත්‍රයට එනවානම්, කමක් නැහැ.

 

ඔබ රැකියාවට අමරතව, නිරූපණය, නිවේදනය, අධ්‍යාපන කටයුතු කරනවා. මේ කටයුතු කොහොමද සමබරව කරගෙන යන්නේ?

සමබරව කරගෙන යන්න බැරි තත්ත්වයක් තමයි දැන් තියෙන්නෙ. සතිඅන්තේ තමයි මම නිරූපණ කටයුතු සඳහා වෙන් කරලා තියෙන්නෙ. නමුත් ඒ දේවල් කරගෙන යනවා.

 

ඔබ තෝරාබේරා ගෙන වැඩකටයුතු සඳහා දායක වෙන කෙනෙක්ද?

ඔව්, අනිවාර්යෙන්ම. මම බොහෝ වැඩ කටයුතු කරන්නෙ තෝරා බේරා ගෙනයි.

 

රංගනය පැත්තට ආරාධනා ලැබුණේ නැද්ද?

එක නාට්‍යයක් සඳහා ආරාධනා ලැබුණා. නමුත්, ඒ පැත්තට ලොකු කැමැත්තක් නැති නිසා ඒ ගැන අවධානය යොමු කළේ නැහැ.

 

අධ්‍යාපනයෙන් ලබන දෙයද වෘත්තිය කරගන්න බලාපොරොත්තු වෙන්නේ?

ඔව්, මම මේ වනවිට ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධියක් හදාරනවා. මම ඒ පැත්තට ගොඩක් කැමති. මගේම ව්‍යාපාරයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

 

ඔබට මේ ගමනට උදව් කරපු අය?

ගොඩක් අය ඉන්නවා. ඒ අය ගැන වෙන වෙනම කියන්න බැහැ. මගේ අම්මා, මල්ලි, තාත්තා තමයි මට ගෙදරින් සහයෝගය දෙන්නෙ. ඒ වගේම මගේ යාළුවෝ සහ මට උදව් කරලු හැමදෙනාවම මම මේ මොහොතේ මතක් කර සිටිනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවිත් මිලින්ද

 

2016-08-07-ent-11
2016-08-07-ent-19
2016-08-07-ent-18
2016-08-07-ent-17
2016-08-07-ent-16
2016-08-07-ent-15
2016-08-07-ent-12
 



අදහස් (0)

'2016 World Miss University' සඳහා ලංකාව වෙනුවෙන් මම ඉදිරිපත් වුණා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 122 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 192 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 100 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 135 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 455 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති
2024 ඔක්තෝබර් මස 06 501 1

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39154 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site