2026 වසර සඳහා නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කිරීම මේ වනවිට ආරම්භ වී ඇත. අද (5) දින පළමුවෙන්ම ප්‍රකාශයට පත් කෙරුණේ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමිවන්නේ කවුරුන්ටදැයි යන්නය.
2026 වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකුට හිමිවෙයි. කාල් ඩයිසෙරොත් (54), පීටර් හෙගමන් (71) සහ ජෝර්ජ් නාගල් (73) යනු එම විද්‍යාඥයන්ය.
ජර්මනියේ සහ ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලවල පදනම්ව සිටින මෙම විද්‍යාඥයන් විසින් ආලෝකය මඟින් පාලනය කරනු ලබන අයෝනික නාලිකා (light-gated ion channels) සහ ඔප්ටොජෙනටික්ස් (optogenetics) පිළිබඳව පුළුල් පර්යේෂණ සිදු කර ඇත. එය මොළයේ අභිරහස් අනාවරණය කර ගැනීම උපකාරී වී ඇත.
මෙය සැලකිල්ලට ගනිමින්, නොබෙල් මණ්ඩලය, මෙම විද්‍යාඥයන් තිදෙනාට මෙවර වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය පිරිනැමීමට තීරණය කළ බව පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd