
(නිමල කොඩිතුවක්කු)
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි දැයි ජනාධිපති වරයාගෙන් ප්‍රශ්න කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දැනටමත් දිනපතා වෙඩි තැබීම් සිදුව නීතියේ ආධිපත්‍ය අවම වී ඇති රටේ 22 වැනි ආණඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි වී නිතියේ ආධිපත්‍ය වල් වැදෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි වනිතා බලවේගයේ, රත්තොට ආසන බල මණ්ඩලය පිහිටවීමේ රැස්වීම අමතමිනි.
අනුර කුමාර ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට එවක රජය 20 වැනි සංශෝධනය ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ 2/3ට අමතර ව ජනමතවිචරණයක් අවශ්‍ය බව පැවසුවත් අද ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට රජයේ අයම කියමින් යන බවද විපක්ෂ නායකවරයා පැවසීය.
මාලිමා රජය මානුෂීයත්වය නැති මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන ජනතා සෛරීත්වයට තැනක් නැති අධිකරණයේ නිදහස ගණන් නොගන්නා රජයක් බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ ජයග්රහණයෙන් පස්සේ රතිඤ්ඤ කරලක්වත් පත්තු නොකරපු, එකම එක විරුද්ධ පාක්ෂිකයෙකුටවත් පහර නොදීපු, ගෙවල් ගිනි නොතියපු, මාධ්‍ය ආයතන ගිනි නොතියපු, මාධ්‍යකරුවන් අතුරුදහන් නොකරපු මාලිමාව තමයි ප්රජාතන්ත්රවාදය, අධිකරණේ ස්වාධීනත්වය නැතිකරන්නේ. මානුෂීය විදිහට ක්‍රියා නොකරන්නේ. හැම වෙලේම වගේ, මෙතනදීත් ඔබතුමා හරි.
මේ විහිළුකාරයා අමුම අමු විකාර දොඩවන්න හරිම දක්ෂයි.
නීතිය වල් වැදෙන්නෙ කොයි අයුරින්ද කියල පැහැදිලි කලානම්
20කරේ තමන්ගෙ ගොඩ වැඩි කරගන්න එකට . 22 ඔ්නෙ මහජනතාවගේ සුභසිද්දියට. ඒකවත් තේරෙන්නෙ නැති විපක්ෂ නායකය පවු.
මෙයාගේ ඔළුව හහහා ජප්පිලාවගේ. 20ට ජනමත විචාරණයක් තිබ්බලු. කවද්ද? කොහෙද? කොහොමත් ජනමත විචාරණයක් තිබ්බත් ආණ්ඩුව 2/3කින් දිනාවි.