
(අංජුල මහික වීරරත්න)
22 සංශෝධනයක් ගෙනැල්ලා ආණ්ඩුව බොහෝ අය තරහා කරගෙන ඇතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ තංගල්ලේ පැවැති ජන හමුවක් අමතමිනි.
ආණ්ඩුව නීතිඥ සංගමය තරහ කරගෙන, මහාධිකරණ විනිශ්චකාරවරුන්, පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය, ලංකාවේ වෘත්තිකයෝ මේ හැම කෙනෙක්ම තරහ කරගෙන.
ඉතිහාසයේ වැඩියෙන්ම බොරු කියපු ආණ්ඩුවක් තියෙනවා නම්, බලයට එන්න බොරු කියපු පුද්ගලයෙක් ඉන්නවා නම්, බලයට බොරු කියලා ඇවිල්ලා බලයේ රැඳී පවතින්නත් බොරු කියන කෙනෙක් ඉන්නවා නම් ඒ තමයි අපේ වර්තමාන අතිගරු ජනාධිපතිවරයා. අසීමිත බොරු කිව්වා. මඩ ගැහුවා. තරුණ පරම්පරාවට බොරු බලාපොරොත්තු දුන්නා. බොරු බලාපොරොත්තු දුන්නා පමණක් නෙවෙයි බලයට ඇවිල්ලා ඒ සියලු බලාපොරොත්තු බිඳවට්ටන්න කටයුතු කළා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ලා තරම් ටොම් පච ගහලා ජනතාව රවට්ටපු උන් ලොවෙත් නැතුව ඇති.මහින්දය ච්න්තනය 1,2, ,තාරුණ්‍යයට හෙටක්,,ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය ,ආසියාවේ ආස්චර්ය ,සෞභාග්‍යයේ දැක්ම .අන්තිමට පව්ලේ උන්ව කිට්ටූ කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂන ,නාස්තිය කරලා රට හැම අතින්ම විනාශම කෙරුවා.සාටකයෝ ,දුශිතයෝ ආර්තික ගාතකයෝ මිනිමරුවෝ පට්ට හොරු බලලෝබී බඩගෝස්තරවාදී අදමයෝ.ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කාපු ලේ මාපිල්ලු .ජනතාව එළවලාම දැම්මේ නිකම් නෙවෙයි.චන්දෙන් පැරදෙන බව දැනගෙම ජාතික ලැයිස්තුවෙන් රින්ග ගත්තු හොර පෙරකදෝරුවා ,ලැජ්ජයි .
රෙදි ඇඳගෙනද මේවා කියන්නේ?
බත් කන හරක් සෑහෙන්න ඉන්නවා වගේ.
මේ යකා වටේ ඉන්න ලොන්ත පෝනියෝ දැක්කම දුක හිතෙනව