IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


270 කට ලංකා දොර ඇරේ

එල්.ටී.ටී.ඊ සංවිධානය හා සම්බන්ධකම් පවත්වන්නේයැයි චෝදනා පිට එතෙර වාසය කරන ශ්‍රීලංකා දෙමළ (ඩයස්පෝරා) සංවිධාන 8 ක් හා පුද්ගලයින් 260 කට අධික සංඛ්‍යාවකට ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක වීමට එරෙහිව පසුගිය වසරේ සිට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බව සඳහන් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය කටයුතු කර තිබේ.

පසුගිය සිකුරාදා නිකුත් කර තිබෙන මෙම ගැසට් පත්‍රයට අනුව 2014 මාර්තු මස නිකුත් කර ඇති ගැසට් පත්‍රයකින් තහනම් කර තිබූ සංවිධාන 16 ක් හා පුද්ගලයින් 426 දෙනෙකු අතරින් සංවිධාන අටක හා පුද්ගලයින් 260 දෙනෙකුට අධික සංඛ්‍යාවකගේ තහනම මෙසේ ඉවත් කර ඇත.

බ්‍රිතාන්‍යයේ දෙමළ සංසදය,කැනඩා දෙමළ කොංග්‍රසය,ඕස්ට්‍රේලියා දෙමළ කොංග්‍රසය,ගෝලීය දෙමළ සංසදය,ඊළාම් දමිළයින්ගේ කවුන්සිලය,දෙමළ ජාතික කවුන්සිලය,තරුණ දෙමළ සංවිධානය,ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධාන මත පනවා තිබූ තහනම මෙසේ ඉවත් කර තිබේ.

පුද්ගලයින් 269 කට අධික සංඛ්‍යාවක්ද මේ අතරට ඇතුළත් අතර ඔවුහු උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ වාසය කරති.

ඉතිරි සංවිධාන අට හා පුද්ගලයින් 155 ක් පමණ දෙනා සම්බන්ධයෙන් තහනම දිගටම ක්‍රියාත්මක වන බව සඳහන් වන ගැසට් නිවේදනයේ එල්.ටී.ටී.ඊ ය යුදමය වශයෙන් පරාජයවී ඇතත් එය හා සම්බන්ධව සිටි මුල් පෙළ සංවිධාන විදේශයන්හි සිට තවමත් ක්‍රියාත්මක වන බවත් එම සංවිධාන එල්.ටී.ටී.ඊ යේ අරමුණ වූ වෙනම රාජ්‍යයක් පිහිටුවාගැනීමේ සංකල්පය වෙනුවෙන් පෙනී සිටින බවත්, වැඩිදුරටත් දැක්වේ.

2012 - 2014 කාලයේ විදේශයන්හි සිට ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායම් ශ්‍රීලංකාවේ බෙදුම්වාදී ක්‍රියාකාරකම් නැවත වරක් ආරම්භ කිරීමට උත්සාහ කළ අවස්ථා තුනක් පැහැදිලිව අනාවරණය කරගැනීමට හැකිව තිබෙන බවද එම ගැසට් නිවේදනයේ සඳහන්වේ.

දෙමළ පුනරුත්ථාපන සංවිධානය,(ටී.ආර්.ඕ)  තහනම තවදුරටත් ක්‍රියාත්මක වන සංවිධාන අට අතරේ සිටී.මෙම සංවිධාන වල ක්‍රියාකාරීත්වය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව හඳුනාගෙන ඇත.

ටී.ආර්.ඕ හි ශ්‍රීලංකා ශාඛාව ඇතුළු වෙනත් රටවල ක්‍රියාත්මක ශාඛා වලට මේ අනුව ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක වීමට අවසර නැත.තහනම් ලැයිස්තුවේ ඇති පැරිසියේ දෙමළ සම්බන්ධීකාරක කමිටුව,ඔටාවා නුවර ලෝක දෙමළ ව්‍යාපාරය,සහ සංක්‍රාන්තික රජයක් සඳහා වන දෙමළ ඊළාම් ව්‍යාපාරය , ත්‍රස්ත කටයුතු වලට මුදල් ආධාර දෙන හා ත්‍රස්ත කටයුතු හා සම්බන්ධ ක්‍රියාකාරකම්හි නියැළෙන බව පැහැදිලිව අනාවරණයව තිබෙන සංවිධානයෝය.

දෙමළ ඊළාම් ජනතා එකමුතුව,ලෝක දෙමළ සහන අරමුදල හා එම අරමුදලේ මූලස්ථානයද තහනම් තවදුරටත් ක්‍රියාත්මක වන සංවිධාන අතර සිටී.

ඇතැම් සංවිධාන හා පුද්ගලයින් මත පනවා තිබූ තහනම ඉවත් කිරීමට කටයුතු කළේ ඔවුන්ගේ අතීත හා වර්තමාන ක්‍රියාකාරකම් සම්බන්ධව ආරක්ෂක අමාත්‍යංශයේ,විදේශ කටයුතු අමාත්‍යංශයේ,රාජ්‍ය බුද්ධි ආයතන්ගේ,සංහිදියාව සම්බන්ධ අමාත්‍යංශයන්ගේ තිබූ වාර්තා ගැඹුරින් අධ්‍යනය කිරීමෙන් පසු බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කිවේය.

‘‘මේ තීරණය ගෙන තියෙන්නේ හොඳින් සොයාබැලීමෙන් පසුව.තහනම ඉවත් කළ සමහර සංවිධාන හා පුද්ගලයින් කිසිම අයුරකින් ත්‍රස්ත කටයුතු වල නියැළුණු හෝ නියැළී සිටි හෝ සංවිධාන නොවෙයි.ඒ වගේ සංවිධාන හා පුද්ගලයින් තහනම් ලැයිස්තුවක තියාගෙන සිටීම සාධාරණ නැහැ.‘‘

‘‘තහනම ක්‍රියාත්මක වෙන සංවිධානවල ක්‍රියාකාරකම් ගැන තවදුරටත් අධ්‍යනය කළ යුතුව තිබෙනවා.‘‘ ඔහු වැඩිදුරටත් පැවසීය.

‘‘මම හිතන්නේ අපි දැනටමත් පැති ගණනාවකින් සංහිදියා ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා.ආරක්ෂක අංශ අත්පත් කරගෙන සිටි ඉඩම් ඒවායේ නියම හිමිකරුවන්ට භාරදෙන්න අපි වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.යුද්ධයෙන් හානියට පත්වුනු පළාත් ආර්ථික වශයෙන් සංවර්ධනය කරන්නත් එම පළාත්හි ජීවත් වන ජනතාවට ඒ හරහා රැකියා අවස්ථා ඇතිකරන්නත් අපි කටයුතු කරමින් සිටිනවා.මෙහෙමයි අපි ඉදිරියට යා යුත්තේ ‘‘. ආරක්ෂක ලේකම්වරයා සදහන් කළේය.

තහනම ඉවත් කෙරුණු සංවිධාන වලට දැන් ශ්‍රීලංකාවේ කටයුතු වල නියැළීමට අවස්ථාව ඇතත් රටේ නීතිය උල්ලංඝණය නොවන අයුරින් කටයුතු කිරීමට ඔවුන් වගබලා ගත යුතුව ඇතැයිද ලේකම්වරයා පැවසීය.

තහනම ඉවත් කර ඇති සංවිධාන හා පුද්ගලයින් ත්‍රස්ත කටයුතු වල නියැළී හෝ ඒවාට ආධාර දී ඇති බවට බුද්ධි තොරතුරු හෝ පැහැදිලි සාක්ෂි නැතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ (21) නිකුත් කර තිබෙන නිවේදනයකද දැක්වේ.

ජනවාරි මස පාලන කටයුතු ආරම්භ කළ දා පටන් ගෝලීය දෙමළ සංසදය වැනි මධ්‍යස්ථ මතධාරී දෙමළ ඩයස්පෝරා සංවිධාන සමග සහයෝගයෙන් වැඩකටයුතු කිරීමේ පිළිවෙතක් නව රජය අනුගමනය කරන බව දක්නට හැකිවිය.

දෙමළ ඩයස්පෝරා සංවිධාන අතරින් විශාලතම සංවිධානය වන ගෝලීය දෙමළ සංසදය 2009 වසරේ යුද්ධයේ අවසානයත් සමගම ඇතිවූවකි.එස්.ජේ එම්මානුවෙල් පියනම නායකත්වය දරන එහි සාමාජිකයෝ ලොව පුරාම විසිර සිටිති.ජාතික ගැටලුව විසඳීමට ප්‍රචණ්ඩත්වය නොව නීතිය,සංහිදියාව හා සාධාරණත්වය පදනම් කරගත් දේශපාලන විසඳුමක් අවශ්‍ය බව එම සංවිධානයේ මතයයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලන්ඩනයේ කළ සංචාරකයදී කළ ආරාධනාවක් අනුව සංහිදියා කටයුතු වලට දායකත්වය ලබාදීමට ශ්‍රීලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව එම්මානුවෙල් පියතුමා පෙර අවස්ථාවකදී පැවසුවේය.

ආගමන විගමන පාලක එම්.එන් රණසිංහ මහතා පවසනුයේ තහනම ඉවත් කෙරුණු පුද්ගලයින් හා සංවිධාන පිළිබදව මෙතෙක් තමන්ව දැනුම්වත් කැර නොමැති බවයි.

‘‘හරි විදිහට අමාත්‍යංශ ක්‍රියාපටිපාටියට අනුව ඒ කටයුත්ත සිදුවිය යුතුයි.මේ අලුත් ගැසට් නිවේදනය ගැන අපිට තවමත් නිල වශයෙන් දැනුම්දී නැහැ.‘‘ ඔහු කීය.



අදහස් (0)

270 කට ලංකා දොර ඇරේ

චමිල Monday, 23 November 2015 08:30 AM

පිරිසිදු බුදු දහම පැවති, වසර දහස් ගණනක ඉතිහාසයක් තිබුණු, සිංහල නම් ජාතිය විසූ එකම රටේ අවසන් කාල පරිච්චේදය...(ම)

:       0       0

ජයවර්ධන Monday, 23 November 2015 02:17 PM

තව කොපමණ කාලයක් මේ බේදය තියාගන්නද? මේක එ් මිනිස්සු ඉපදුන රට. අපිත් ඉපදුන රට. අපි කාටත් මේ රට අයිතියි. (ර)

:       0       0

ප්‍රසන්න Monday, 23 November 2015 03:17 AM

ඇත්තම තමා ඉඳුනිල් මේ වගේ දේවල් වෙන්න දීල බලන් ඉන්න නායකයෝ කොහොම අයද (ම)

:       0       0

විපුල Monday, 23 November 2015 05:50 AM

හිතට නිවනක් නැහැ බඩට කමත් නැහැ.(ම)

:       0       0

කුසුම් Monday, 23 November 2015 05:53 AM

ඉඳුනිල් අපිට මුහුදට පනින්න තමයි වෙන්නේ. (ම)

:       0       0

ප්‍රනාන්දු Monday, 23 November 2015 10:42 PM

ශ්‍රී ලංකාවේ අභිමානය විනාශ මුඛයට ළඟාකරන්න නම් එපා (නි)

:       0       0

තිළිණ Monday, 23 November 2015 06:38 AM

රට බේරාගැනීමට කැප වූ නිලධාරීන් සහ නායකයන්ගේ නම් යුද අපරාද ලැයිස්තුවට එක්වන අතරේ ත්‍රස්තවාදීන් ලෙස නම් කර තිබු අය නිදහස් වන අරුම පුදුම රටක්..අපමණ අගයක්..රටකට සිදු වූ විපතක් ..(බ)

:       0       0

දිල්ෂාන් Monday, 23 November 2015 06:45 AM

මට දුක රණවිරුවන් ගැන. මොනතරම් දුකක් විඳ නිදහස් කර ගත් රටක්ද මේ සතුරාට බන්දේසියක තබා දෙන්න යන්නේ? (ම)

:       0       0

ඉඳුනිල් Sunday, 22 November 2015 10:20 AM

මම නම් වෙන රටක් හැකි ඉක්මණින් ජීවත්වීමට සොයාගන්න තීරණය කළා (නි)

:       0       0

උද්දික Tuesday, 24 November 2015 03:00 PM

මට නම් හිතාගන්න බැහැ කිසිම දෙයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2789 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2367 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2945 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5860 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1976 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6675 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18616 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 146 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site