IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


38 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ හොකී ශූරතා දෙකම මධ්‍යම පළාතට

ක‍්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන 38 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ හොකී තරගාවලියේ පිරිමි හා කාන්තා ශූරතා දෙකම මධ්‍යම පළාත් කණ්ඩායම් විසින් දිනාගන්නා ලදි. මෙම තරගාවලිය කොළඹ කෘතිම හොකී පිටියේදී පසුගියදා පැවැත්විණ. මධ්‍යම පළාත් පිල සහ දකුණු පළාත් පිල අතර පැවැති පිරිමි අවසන් මහා තරගයෙන් මධ්‍යම පළාත් ක‍්‍රීඩකයෝ ගෝල 3/2 ක ජයක් ලැබුහ. මධ්‍යම පළාත් පිල තරගයේ පළමු අර්ධයේදීම ගෝල 2/0 කින් ඉදිරියෙන් සිටියේය. ජයග‍්‍රාහී මධ්‍යම පළාත් පිල වෙනුවෙන් එම්.එම්. මුලාෆර් (1), ඞී. ගුණවර්ධන (1) සහ ධම්මික අබේරත්න (1) ගෝල ලැබුහ. කේ. අතුරලිය (1), එන්.ටී. මහේෂ් (1) දකුණු පළාත් පිල වෙනුවෙන් ගෝල ලබාගත්හ. අවසන් පුර්ව වටයේදී මධ්‍යම පළාත් පිල විසින් බස්නාහිර පළාත් පිල (ගෝල 7/1) ද, දකුණු පළාත් පිල විසින් ඌව පළාත් පිල (ගෝල 6/2) ද පරාජය කරන ලදී. බස්නාහිර පළාත තෙවැනි ස්ථානය ලැබීය. මධ්‍යම පළාත් පිලේ දිලූක වීරසුරිය, දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. කාන්තා අවසන් මහා තරගයේදී බස්නාහිර පළාත් පිල ගෝල 5/0 කින් පරදවා පහසු ජයක් ලබා ගැනීමට මධ්‍යම පළාත් ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. එහිදී මධ්‍යම පළාත් ක‍්‍රීඩිකාවන් තරගයේ පළමු අර්ධයේදීම ගෝල පහ ලබා ගැනීම කැපී පෙනේ. චතුරිකා විජේසුරිය (1), යමුනා විජේසුරිය (1), මධුෂාණී ජයනෙත්ති (1), මදුරා ධර්මරත්න (1) සහ බුද්ධිකා ගුණරත්න (1) මධ්‍යම පළාත් පිලේ ගෝල ලාභිණියෝ වුහ. අවසන් පුර්ව වටයේදී මධ්‍යම පළාත් පිල විසින් ඌව පළාත් පිල (ගෝල 12/0) ද, බස්නාහිර පළාත් පිල විසින් දකුණු පළාත් පිල (ගෝල 6/2) ද පරාජය කරන ලදී. දකුණු පළාත් පිල තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. මධ්‍යම පළාත් පිලේ ජී.ජී.දමයන්ති දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස තේරීපත් වුවාය. පිරිමි ශූරතාව දිනාගත් මධ්‍යම පළාත් පිල..කාන්තා ශූරතාව දිනාගත් මධ්‍යම පළාත් පිල..



අදහස් (0)

38 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ හොකී ශූරතා දෙකම මධ්‍යම පළාතට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1456 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1953 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1500 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8511 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2466 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10470 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site