(දයාරත්න ඇඹෝගම)
වසර 88 ක සිරදඬුවමක් නියම වී ජනාධිපති සමාවෙන් නිදහස් වී පැමිණ අනියම් සැමියා සමග ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් අළෙවිකරමින් සිටි කාන්තාවක හෙරොයින් ග්‍රෑම් 12 ක් සමග පෙරේදා (12) අනුරාධපුර නගරයට ආසන්න රත්නායකපුරදී අත් අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය පවසයි.
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 35 ක කාන්තාවක් හා ඇගේ අනියම් ස්වාමි පුරුෂයා බව කියන වයස අවුරුදු 40 ක තැනැත්තෙකි.
සැකකාර කාන්තාව කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිය වන අතර සැකකරු පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම කාන්තාව හා ඇගේ නීත්‍යනුකූල සැමියා විසින් ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල අයවළුන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමත් මත්ද්‍රව්‍ය අළෙවිය ආදී දූෂණ ක්‍රියාවන් සඳහා වරදකරුවන්වීමත් නිසා වසර 88 ක සිරදඬුවමක් නියම වී ඇත.
එම සිරදඬුවම වසර 13 ක් ගෙවා දැමීමෙන් පසු මීට මාස හතර හමාරකට පෙර කාන්තාවට පමණක් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබිණ.
මොවුන් දෙදෙනා මාස හතර හමාරකට අධික කාලයක් අනුරාධපුර හා ඒ අවට ප්‍රදේශවලට ඊසිකෑෂ් ක්‍රමය යටතේ හෙරොයින් අළෙවිකර ඇති බව පොලීසිය පවසයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
88 වසරකට හිරේ ගිය කත ජනපති සමාවෙන් ඇවිත් කුඩු විකුණලා
Sri Lanka Tuesday, 13 July 2021 04:56 PM
සමාව දෙන්න. හැබැයි ප්‍රජා අයිතිය අහෝසි කරන්න. ස්තුතියි...!!!
Gunawardana Tuesday, 13 July 2021 05:24 PM
සමාව දුන් අයට කළ නිගාවක්ද?
Nandalal DE SILVA- FranceWednesday, 14 July 2021 12:15 AM
‘‘අපෝ නැහැ.., සමාව දුන්න ක්‍රමයේ වැරැද්ද රටට පෙන්වා දීමටයි... !!! නියම වැරැදිකාරයන් එළියේ... නිදොස් අය මහගෙදර කූරු ගණින‘‘ ප්‍රතිපත්තිය නියමෙට ක්‍රියාත්මක බව ලොවට හඬගා කීමටයි.
අතුල Tuesday, 13 July 2021 06:35 PM
ජනාධිපති සමාවෙන් එළියට ආපු තවත් කෙනෙක් හෙට අනිද්දාට, ඔන්ලයින් ක්‍රමයට කුඩු විකුණන කොට... ඕවා මොනවාද කියලා හිතේවි..!
Sama Tuesday, 13 July 2021 07:20 PM
තව බලලා සමාව දෙමු... කවුද මේ අයට සමාව දෙන්නේ?
kamal Tuesday, 13 July 2021 07:51 PM
මෙවැනි අය සිරගතව සිටින විට යම් වෘත්තීමය පුහුණුවක් ලබා දිය යුතුයි. එසේ නොකළොත් සිදුවන්නේ නිදහස් වීමෙන් පසු ජීවත්වීම සඳහා ඔවුන් නැවත තමන්ගේ සුපුරුදු වෘත්තියට යොමු වීමයි.