IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


Befikre


දෙසැම්බර් මාසයේ තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට කිහිපය අතරින් ආදිත්‍ය චොප්රාගේ "Befikre" චිත්‍රපටය කෙරෙහි මේ වනවිට බොහෝ රසික පිරිසකගේ අවධානය යොමුව ඇති අතර, එය දෙසැම්බර් 09 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය.

 

නළුනිළියන්

2016-12-15-ent-58මෙහි ප්‍රධාන නළු චරිතය වන "ධරම්" ලෙස චරිත නිරූපණය කරනු ලබන්නේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රන්වීර්සිං විසිනි. ඔහුගේ පෙම්වතිය වන "ශයිරා" ලෙස වානි කපූර් චරිත නිරූපණය කරයි. ඔවුන්ට අමතරව එල්සා බැචර්, ජූලි බර්ඩන්, හිගෝ ගර්සියා, මිලා ලුන්සික්, සැන්ඩ්‍රා රෝසින්ස්කයි යන පිරිස සෙසු චරිත සඳහා එක්වෙති.

 

සෙසු සහයකයන්

චිත්‍රපටය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ආදිත්‍ය චොප්රා විසිනි. "බේක්රේ" චිත්‍රපටයේ සංස්කරණ කටයුතු නම්රතා රාඕද, කැමරාකරණයෙන් කනමේ ඔනයෝමාද, දෙබස් සරත් කටාරියාද, ඇඳුම් නිර්මාණයෙන් නටාලි යුක්සිල්ද එක්ව සිටිති. මෙහි කතාව හා තිර රචනයද චිත්‍රපට අධ්‍යක්ෂක ආදිත්‍ය චොප්රා විසින් සිදු කර ඇත.

 

කතාව

පැරීසියේ ජීවත් වන "ධරම්" හා "ශයිරා" ඉන්දියානු ජාතිකයෝය. ඔවුහු පෙම්වතුන් වෙති. පැරිසියේ සංස්කෘතියට හැඩගැසෙන්නට උත්සාහ කරන ඔවුන් දෙදෙනා විවාහ වීමට පෙර සිටම සිය ජීවිතය එකට ගෙවාදමයි. ඉන්දීය සංස්කෘතියට පටහැනිව ක්‍රියා කරන ඔවුන් පසුව ගෙවාදමන මේ පැරිස් ජීවිතේ ගැන කනගාටුවට පත්වේ. නමුත්, මෙහි කතාව දර්ශනයෙන් දර්ශනය වෙනස් අර්ථකථන මතුවේ.

 

රූපගත කිරීම්

මෙහි සියලු රූපගත කිරීම් කටයුතු සිදු කොට ඇත්තේ ප්‍රංශයේ පැරිස් නගරයේදීය. මේ වසරේ මාර්තු මාසයේදී ආරම්භ කරනු ලැබූ මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු දින 50ක කාලයක් තුළ පැරිසියේදී සිදු කර තිබුණි. එමෙන්ම ඉන්දියාවේ මුම්බායි නගරයේදී මෙහි අවසන් දර්ශන කිහිපයක රූපගත කර තිබුණ බව සඳහන් වේ.

 

විශේෂත්වය

මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන රන්වීර් සිං හා වානි කපූර් දෙදෙනා පළමු වතාවට බොලිවුඩ් චිත්‍රපටයක පෙම්වතුන් ලෙස දක්නට ලැබීම විශේෂත්වයකි. 2008 වසරේ තිරගත වූ "රබ් නේ බානා ඩී ජෝඩි" චිත්‍රපටයෙන් පසුව ආදිත්‍ය චොප්රා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනු ලඉන චිත්‍රපටය මෙය වීම විශේෂත්වයකි. එමෙන්ම ඔහු විසින් මේ වසරේ නිෂ්පාදනය කළ තෙවැනි චිත්‍රපටයද මෙය වේ. රන්වීර් හා වානි මෙහි තොල්සිප ගැනීම දර්ශන 34කට පෙනී සිටින අතර, බොලිවුඩ් චිත්‍රපටයක එවැනි දර්ශන වැඩි ප්‍රමාණයක් ඇතුළත් පළමු චිත්‍රපටයද මෙය වෙයි.

 

නළුනිළියන් තෝරා ගැනීම

රන්වීර් සිං මෙම චිත්‍රපටයේ එන ප්‍රධාන නළු චරිතයට තෝරා ගත්තද, මෙහි ප්‍රධාන නිළි චරිතයට නිළියන් කිහිප දෙනෙකුගේ නම් යෝජනා වී තිබුණි. මුලින්ම මෙම චරිතයට සම්බන්ධ කරගෙන තිබුණේ ක්‍රිති ෂැනොන්ය. ඇය %රබ්තා^ චිත්‍රපටය වෙනුවෙන් කාර්ය බහුල වී තිබීම නිසාවෙන් පසුව ආලියාට මෙම චිත්‍රපටයේ චරිතය ලැබුණි. ඇය %ඩියර් සින්දගී^ චිත්‍රපටයේ රූපගත කිරීම්වලට සම්බන්ධ වීමත් සමග මෙම චිත්‍රපටය සඳහා දින වෙන්කරන්නට ඇයට නොහැකි විය. පසුව රන්වීර් සමග මෙහි ප්‍රධාන නිළි චරිතයට වානි කපූර් සම්බන්ධ කර ගෙන තිබුණි.

 

සංගීතය

මෙහි සංගීතය නිර්මාණය කොට ඇත්තේ විශාල් හා ශේකර් දෙදෙනාය. පසුබිම් ගීත ගායනයෙන් අර්ජිත් සිං, බෙනී දයාල්, නිකිල් ඩී සූසා, හර්ෂ්දිප් කෞර්, යෝ යෝ හනි සිං හා තුල්සි කුමාර් දායක වෙති. මේ වනවිට බොලිවුඩ් චිත්‍රපට ගීත දර්ශකයන්හි මුල් ගීත දහය අතරට පැමිණීමට "යූ ඇන්ඩ් මී" ගීතය ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

 

නිෂ්පාදනය

මෙම චිත්‍රපටයේ සියලු නිෂ්පාදන කටයුතු සිදු කර ඇත්තේ චිත්‍රපට අධ්‍යක්ෂක ආදිත්‍ය චොප්රා විසිනි. එමෙන්ම මෙම චිත්‍රපටයේ සියලු බෙදාහැරීම් කටයුතු ආදිත්‍ය චොප්රාට අයත් "යශ්රාජ්" චිත්‍රපට සමාගම විසින් සිදු කර තිබේ. වාර්තා වන අන්දමට මෙම චිත්‍රපටය සඳහා වියදම් වූ මුදල ඉන්දියානු රුපියල් කෝටි 54කි.

 

තිරගත කිරීම්

විනාඩි 132ක් පුරා විකාශය වන මෙම චිත්‍රපටය තිරගත වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 09 වැනිදාය. ඉන්දියාවේ සිනමා ශාලා 759ක් තුළදී හා විදෙස් රටවල් කිහිපයක සිනමා ශාලා 376කදී මෙම චිත්‍රපටය තිරගත කිරීමට මේ වනවිට සැලසුම් කොට ඇත. සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටය තිරගත වන කාලයේදී කිසිදු බොලිවුඩ් චිත්‍රපටයක් තිරගත නොවීම චිත්‍රපටයේ සාර්ථකත්වයට වාසියක් බවය.

 



අදහස් (0)

Befikre

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 351 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 532 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 271 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 865 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 171 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site