IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


Mohenjo Daro චිත්‍රපටයේ අසාර්ථකත්වයට හේතුව ඇයද?

2016-08-19-ent-05

2016-08-19-ent-07මෙම වසරේ බොලිවුඩය තුළින් නවක තරු බොහෝ ප්‍රමාණයක් දැක ගැනීමට හැකියාව තිබේ. එයට හේතුවන්නේ ඉදිරියේදී මෙන්ම මේ වනවිටත් එළිදැක්වූ ඇතැම් චිත්‍රපටවලින් ක්ෂේත්‍රයට බිහි වීමට ඇති නවකයන්ගේ දස්කම් දැක ගැනීමට හැකියාව තිබෙන බැවිනි. ඇතැම් රංගන ශිල්පීන් නවක නොවුණත් ඔවුන්ව විශාල වශයෙන් ප්‍රසිද්ධියට පත් වී නොමැත. එයට හේතුව ලෙස සඳහන් කරන්නේ ඔවුන් දායක වූ චිත්‍රපට ආදායම් නොලැබූ හෙයිනි. එවැනි රංගන ශිල්පිනියක ලෙස Pooja Hegde හැඳින්විය හැකිය.

පසුගියදා එළිදැක්වූ Mohenjo Daro චිත්‍රපටයේ රිතික් රෝෂන් සමග ප්‍රධාන චරිතයට පණපොවන ඇය, මේ දිනවල ඉතාමත් ජනප්‍රිය චරිතයක් වී හමාරය. මේ වනවිට ආදායම් ලබමින් සිටින මෙම චිත්‍රපටය සඳහා මෙවැනි නවක නිළියන් තෝරාගැනීම පිළිබඳව ඇතැමුන්ගේද අප්‍රසාදය පළ වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

නිරූපණ ක්ෂේත්‍රයෙන් රංගනය අවතීර්ණ වූ ඇය, මුල්ම වශයෙන් රංගනයට දායක වූයේ 2012 වර්ෂයේදී තිරගත වූ Mugamoodi නම් දෙමළ චිත්‍රපටය ඔස්සේය. 2010 වර්ෂයේදී Miss Universe India තරගයෙන් අවසත් තිදෙනා අතරට පැමිණි ඇයට චිත්‍රපට රංගන වරම හිමිවූ අතර, තෙවැනි ස්ථානයට හිමි කිරුළ ඇයට හිමිවිය. මේ දිනවල යූටියුබ් ජාලයේ උණුසුම් ප්‍රතිචාර ඇති Mohenjo Daro නම් චිත්‍රපටය නිසා ඇය පිළිබඳව බොහෝ දෙනා කරුණු සොයන බව ඉන්දියානු මාධ්‍ය පෙන්වා දෙයි. 2009 වර්ෂයේදී Miss India රූ රැජින තරගය සඳහා අවතීර්ණ වී තම ජීවිතයේ නිරූපණ ගමන සඳහා මූලික අඩිතාලම දමා ගත් Pooja Hegde මීට පෙර දමිළ චිත්‍රපට සඳහා සිය රංගනයෙන් දායක වූවාය.

Mohenjo Daro යනු ඇයගේ පළමු හින්දි චිත්‍රපටයයි. ඇය දායක වූ පළමු චිත්‍රපටය හේතුවෙන් ඇයව Best Female Debutant සම්මානය ඔස්සේ SIIMA Award සම්මාන රාත්‍රිය සඳහා නිර්දේශ වූවාය. කෙසේ නමුත් Mohenjo Daro චිත්‍රපට එළිදැක්වූ දිනම ආක්ෂේ කුමාර රංගනයෙන් දායක වූ "Rustom" චිත්‍රපටය හේතුවෙන් මෙහි ආදායම දැඩි හානියක් වූ බව සඳහන් කළ හැකිය.

 

ඩිලාන් ක්‍රිෂාන්ත‍

 

2016-08-19-ent-09

2016-08-19-ent-06
2016-08-19-ent-04



අදහස් (0)

Mohenjo Daro චිත්‍රපටයේ අසාර්ථකත්වයට හේතුව ඇයද?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1260 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 253 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2188 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1221 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 658 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 443 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site