(ගයාන් සූරිය ආරච්චි)

වැලිගම මිදිගම ප්‍රදේශයේ ගුරු බැබිල දුම්රිය හරස් මාර්ගයේදී පොලිස් විශේෂ විශේෂතාවය බලකාය ජීප් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදු වූඅනතුරකින් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් හතර දෙනකු  තුවාල මාතර රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසයි.

ජීප් රථයේ සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ පාදවලට හානි සිදු වී ඇතිි බව පොලිසිය කියයි.

එම ජීප් රථය තුළ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් හතර දෙනෙකු සිට ඇති බව පොලිසිය කීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.