
(නිමල කොඩිතුවක්කු)
වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනා ගැටලු ඇතුලු ඉල්ලිම් සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් විසදු නොලැබිම හේතුවෙන් හෙට(23) සිට වෘත්තිය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඒ අනුව අද සිට ඉදිරි සතිය තුල දහවල් 12 සිට 2 දක්වා පැය දෙක තුළදී දිවයින පුරා සියලු රෝහල් ආවරණය වන පරිදි හදිසි සේවා පමණක් පවත්වා ගැනීමටත් එම කාළය තුළ ශාඛා සමිති පැවැත්වීමට තීරණය කර ඇති බවද එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ලසිත ධම්මික මහතා ප්‍රකාශ කළේය.
අයවැය යෝජනාවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ වෛද්‍යවරුන්ට බලපාන කිසිදු ගැටලුවකට සාධනීය විසදුමක් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බැවින් හදිසි මධ්‍යම කාරක සභාවක් මගින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවද කොළඹදී අද( 22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වෛද්‍යවරයා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර තිබුණත් මදි. අපි තමයි පොරවල්. කක්කා හත්තාක් මේ සංගම් දොස්තරලා ටික.
මුන්ට කොච්චර දුන්නත් මදි. රටේ බදු වලින් ඉගෙනගෙන, පුළුවන් තරම් රටට බරක් වෙවී, හැමෝටම ඉහළින් ඉන්න වරප්‍රසාද ඉල්ලනවා. හීනමානය හුඟක් එවුන්ට.
හෙට ඉතින් එහෙනම් එක එක මාදිලියේ අදහස් ප්‍රකාශ කිරීම් දෙකක් ගන්න පුළුවන්. අයිතිවාසිකම් දිනා ගැනීමට තිබෙන එකම ප්රජාතන්ත්රවාදී මාර්ගය වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වීමයි. ඒ ගොල්ලන්ගේ අයිතියක්. මම එහි කිසිම වැරැද්දක් දකින්නේ නැහැ.