IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


අක්කර 5000 ට රඹකැන් ඔයෙන් දියවර

ආණ්ඩු කිහිපයකින් ම අතපසු කැරුණු රඹකැන් ඔය ජලාශයේ මංගල දියවර මුදා හැරීම මහින්ද රාජපක්ෂ ජනපති අතින් මහඔය කුරුඳුවින්නේදී අද පස්වරුවේ සිදුවිය. ඉතාමත්ම නොදියුණු පෙදෙසක් වූ මුංදෙනි මිටියාවතේ කුරුඳුවින්න අවට ගම්වල වැඩි දෙනා හේන් ගොවියෝ ‍වූහ.

මාසයකට රුපියල් 1000 ක් උපයාගත නොහැකි තරමට ඔවුහු පත්ව සිටියහ. රඹකැන් ඔය ජලාශය ඉදිකිරීමත් සමග ගොවි පවුල් දෙදහසකට සෘජුව ද තවත් පවුල් 23,000 වක්‍රව ද ප්‍රතිලාභ ලැබෙන මෙම ජලාශය යටතේ අක්කර 3500 ක් කුඹුරු ද අක්කර 1200 ක ගොඩ ඉඩම් ද වගා කිරීමට නියමිතය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඉදිකැරුණු මෙහි වියදම රුපියල් කෝටි 397 ක් විය. රඹකැන් ඔය හරස්කැර අඩි 3600 ක් දිග අඩි 81 උසට නිර්මාණය කළ ජලාශයේ ධාරිතාව අක්කර අඩි 45500 කි.

සද්ධාතිස්ස රජ සමයේ මේ ප්‍රදේශ සශ්‍රීකව පැවති බව ඉතිහාසය කියයි.  

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉන්ජිනේරු භද්‍රා කමලදාස මහත්මිය මේ යෝජනා ක්‍රමයේ ඉදිකිරීමේ මෙහෙයෙව්වාය.

 



අදහස් (0)

අක්කර 5000 ට රඹකැන් ඔයෙන් දියවර

ඉස්මෛල් හුසේන් Sunday, 21 July 2013 08:04 AM

කොළඹ කාර් රේස් තියන්න සල්ලි විසිකරනවට වඩා මේවා තමයි කරන්න ඕන දේවල්. චන්දි ඔයා හිතන විදිය හොඳයි එත්, ගමක මිනිස්සුන්ට මෙහෙම උත්සවයක්වත් දකින්න දෙන්න ඕනා. රටට ජය පතමි. (නදී)

:       0       0

මනෝජ් -සාජා Sunday, 21 July 2013 04:33 PM

මගේ ප්‍රාර්ථනයත් ඒකමයි සදරුවන්.මට නැතත් මගේ රටේ ඉන්න අපේ අයට හොද අනාගතයක් තියෙන්ට ඕනෑ. (දී)

:       0       0

කවී Sunday, 21 July 2013 08:21 AM

උතුරේ ජනතාවටත් සතුටු වෙන පුළුවන් විදියේ මොනවාහරි කරනවා නම් ඒ මිනිස්සු කවදාවත් ජයලලිතලාගේ පැත්ත ගන්නෙ නැතිබව මට විශ්වාසයි. ඒක නිසා ඒ මිනිසුන් ගැනත් අපි හොයා බැලිය යුතුයි (නි)

:       0       0

කෙවින් Sunday, 21 July 2013 08:46 AM

ෆොටෝ දකින විට සතුටේ බැරුවා. රටේ නීතිය දුෂණය දකිනකොට නම් කේන්ති යනවා.(නදී)

:       0       0

අසේල ඕමානය Sunday, 21 July 2013 08:51 AM

තව නොබෝ කලකින් කෘෂි කර්මාන්තය තමයි හොඳම ආදායම් මාර්ගය වෙන්නේ. මිනිස්සු පරිසරය විනාස කරගෙන යන විදිහට ඉදිරියේදී කන්න දෙයක් නැති වෙනවා. දැන් මම අපි ඒකට ලැස්ති වෙන එකනම් හොඳයි ජනපති තුමනි. හැබැයි ඊට කලින් ඔය ඔබ තුමා වටේ ඉන්න කැලා පාලුවොයි අපරාධ කාරයොයි ටිකට දඬුවම් කරලා ඉන්න. නැතිනම් අසුබ අනාගතයක් තමයි අපි හැමටම දකින්න වෙන්නේ.(නදී)

:       0       0

නුවන් Sunday, 21 July 2013 09:38 AM

දුසිම් ගනන් ඇමති මණ්ඩල හිටියත් එයාලා කරන බොහොමයක් දේවල් අසාර්ථකයි. රටේ මුදල් කාබාසිනියා කරනවා විතරයි වෙන්නේ. අපිට හැගෙන ආකාරයට නම් රටේ අනාගතය වෙනුවෙන් යම් කිසි දෙයක් කළානම් ඒ ඔබතුමා පමණයි. චිරන් ජයතු! (නි)

:       0       0

දිමුතු Sunday, 21 July 2013 11:21 AM

මී රටේ මිනිස්සු හොයන්නේ ඇමතිවරු ,ලොකු ලොක්කෝ කියක් කොමිස් ගැහුවද, කැසිනෝ කියක් පටන් ගතද කියල විතරයි, මී හොඳ වැඩ ගැන වැඩි සද්දයක් නෑ ,මින්හෙක්ව මැරුවොත් ,ගස් බැන්දොත්, තමයි බොහෝ අයගේ ප්‍රතිචාර. අයි මේ වගේ සවර්දන වැඩ ගැන කතා නොකරන්නේ. (දී)

:       0       0

අමිල කටුනායක Sunday, 21 July 2013 11:33 AM

රඹ කැන් ඔයෙන් රන් දිය කැන් (දී)

:       0       0

අමිල කටුනායක Saturday, 20 July 2013 09:20 PM

මට සන්තෝසයි (දී)

:       0       0

ඩයස් Sunday, 21 July 2013 12:03 PM

ජනපති තුමනි, මේ සංවර්දනය උතුරු පළාතටත් ගෙනියන්ඩ. ගුවන් තොටුපොළ හදන්ඩ තුබුණේ උතුරු නැගෙනහිරයි. උතුර ආර්ථික වශයෙන් දියුණු කලොත් මේ ප්‍රශ්නය විසදිය හැකියි.(නදී)

:       0       0

ගාමිණී-සිරි Saturday, 20 July 2013 09:32 PM

මේ ගමන්ම ප්‍රදේශයට අවශ්‍ය විදුලිය සපයා දීම සඳහා කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාරයක් ද ඉදිකලා නම් තමා වටින්නේ. (දී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 21 July 2013 12:29 PM

මෙහි වියදම රුපියල් කෝටි 397 ක්.... කෝටි 397 ක් කියන්නේ ස්වල්ප ගාණක්ද? (දී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 21 July 2013 12:32 PM

නොරොච්චෝලේ විදුලි බලාබාරය හදලා මහජන අයිතියට පත් කරනකොට කිව්වේ දැන් ඉතින් ඉන්දියාවට වුනත් විදුලිය දෙන්න පුළුවන් කියලනේ.හදපු දවසේ ඉදලා දැන් කී වාරයක් කැඩුනද? මේ ව්‍යාපෘතිය ගැන නම් එහෙම දේවල් අහන්න ලැබෙන්න එපා කියලා පතනවා (දී)

:       0       0

තිලක් ඩුබායි Sunday, 21 July 2013 06:40 PM

මනෝජ් - සාජා.රටේ ඉන්න අපේ අයට හොද අනාගතයක් හදලයි තියෙන්නේ. ගිහින්ම බලා ගන්නකො.(අ)

:       0       0

තිලක් Sunday, 21 July 2013 12:33 PM

බන්දුල-කටාර්, හීනෙන්වත් බය වෙලාද නැගිට්ටේ? (දී)

:       0       0

ටිකිරි Sunday, 21 July 2013 12:35 PM

රටේ අනාගතය වෙනුවෙන් යම් කිසි දෙයක් කළානම් ඒ ඔබතුමා පමණයි. චිරන් ජයතු ජනපතිතුමනි.රටේ අනාගතයට කරලා තියෙන සේවය වචනයෙන් විස්තර කරන්න බැහැ. (දී)

:       0       0

අනුර Saturday, 20 July 2013 10:55 PM

සුබ අනාගතයක් රජ තුමනි (අ)

:       0       0

එමිල් Sunday, 21 July 2013 02:10 PM

දැන් අපි යන්නේ අදි වේගේ. ගුවන්තොටුපොළ 2 යි. සමහරු බොරුවට බනිනවා. පළාත් ඡන්දෙදි 80% ආණ්ඩුවට ෂුවර්.(නදී)

:       0       0

කොස්තා Sunday, 21 July 2013 12:25 AM

මේවා කරනවා වගේම රටේ වල් වැදිලා තියෙන නිතිය ගැනත් සොයලා බලන්න ජනපති තුමනි. අපිත් දැන්නම් ඔබ තුමාගේ රජය ගෙන කලකිරිලා ඉන්නේ.(නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 21 July 2013 12:32 AM

ගොඩක් සතූටූයි! අති ගරු ජනාධිපති තූමනි, අප ඔබ සමගයි.(නදී)

:       0       0

කුමාර් Sunday, 21 July 2013 01:35 AM

රට බේරාගත් එකත් හොඳයි. රට සංවර්ධනය කරන එකත් හොඳයි. හැබැයි ඉන්දියාව ඉදිරියේ දන ගහලා 13 දීලා රට ඉන්දියාවට පාවාදෙන එකනම් හොඳ නෑ.(නදී)

:       0       0

බන්දුල-කටාර් Sunday, 21 July 2013 01:47 AM

දුසිම් ගනන් ඇමති මණ්ඩල හිටියත් එයාලා කරන බොහොමයක් දේවල් අසාර්ථකයි. රටේ මුදල් කාබාසිනියා කරනවා විතරයි වෙන්නේ. අපිට හැගෙන ආකාරයට නම් රටේ අනාගතය වෙනුවෙන් යම් කිසි දෙයක් කළානම් ඒ ඔබ තුමා පමණයි. චිරන් ජයතු ජනපති තුමනි.(නදී)

:       0       0

සඳරුවන් Sunday, 21 July 2013 02:24 AM

අපි පිට රට මැරුණත් කමක් නෑ මව්බිමට ජයෙන් ජය !(නදී)

:       0       0

චන්දි Sunday, 21 July 2013 05:09 AM

සියලුම දේවල් හොදයි ,බොරු සෝබන පුහු ආටෝප නැතිව මේවා කෙරෙනවා නමි තවත් හොදයි.(නදී)

:       0       0

චාන්දි Sunday, 21 July 2013 05:30 AM

සංස්කරණයට තුති.(නදී)

:       0       0

කුමාර Monday, 22 July 2013 10:50 AM

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම සැලසුම් කර ඉදි කලාට පසුව මෙය මහවැලි අධිකාරියට පැවරීමට වැරදි තීරණයක් ගන්නා ලදී. දැනටමත් නඩත්තු කර ගැනීමට නොහැකිව සුදු අලියෙක්ව තිබෙන මහවැලි අධිකාරියෙහි රෙගුලාසි ලිහිල් බැවින් අක්‍රමිකතාවයන් කිරීමේ පහසුව නිසා මෙසේ සිදුවී ඇති සැකයක් ඇත.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2305 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1511 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2299 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 555 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3201 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site