ඌව පරණගම ඩවුන්සයිඩ් වත්තේ වසා දමා තිබු තේ කම්හලක අකුණු සන්නාහකය හොරෙන් ගැලවීමට ගියැයි සැකපිට වැලිමඩ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු හා තවත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඌව පරණගම පොලීසිය කියයි.
වත්තේ මුරකරුට ලොකු අල්ලසක් දී අකුණු සන්නාහකය ගලවා ගැනීමට උදව් ඉල්ලා ඇතැත් මුරකරු වතු අධිකාරීට දන්වා ත්‍රිරෝද රියත් සමඟ ඔවුන් දෙදෙනා පොලීසියට අල්ලා දී ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකුණු සන්නාහක වසර 100 වඩා පරණ උන විට මෙහි චුම්බක ශක්තියක් ගොඩ නැගෙනවා. මෙම ශක්තිය නාසා ආයතනයෙන් මිලදී ගන්නවා. ඔවුන් මෙය යොදා ගන්නේ ඔවුන්ගේ අභ්‍යවකාස ගමන් වලටයි. මෙය ආලෝක වර්ෂයේ වේගය අභිබවා යාමේ පරික්ෂණ සඳහා යොදා ගන්නවා. මෙවැනි සන්නායකයක් රුපියල් ලක්ෂ 150 පමණ වෙනවා. මෙය විදේශ විනිමය ලැබෙන මාර්ගයක්.(නදී) මේ පිළිබඳව දැනුවත් කල ය්තුඉ
ඊළඟ මැතිවරණයට පෙර ගෙදර ගිහින් සවිකර ගන්න වෙන්න ඇති. පව්. දැන් ඉතින් ගහක්, ගලක් අස්සටවත් රිංගන්න වෙයි (නි)
ඔය කොඉ පක්ෂය අයත් එකයි .මම සමහර වෙලාවට හිතනවා ඔය ඕකොම පක්ෂ වල අය එක තැනක ඉන්න වෙලාවකට අකුණක් පාත් වෙන්න කියල . (අ)
අකුණු සන්නායක සදහා යොදාගන්නේ තඹ ලෝහය නේද? (නි)
මොනවා වුණත් අවංක මුරකරුවෙක් (නි)
මට නම් පෙනෙන්නේ මෙතුමාට තමන්ගේ ආණ්ඩුවක් එනතුරු ඉවසන්න බැරුව ඇති. නැත්නම් "ඉවසුවා ඇති " කියල හිතුනද දන්නේ නැහැනේ. තමන්ගේ ආණ්ඩුවක් ආපු දාට එක අකුණු සන්නායකයක් වත් ඉතුරු නොකිරීමේ මෙහෙයුමක් ආරම්භ කරාවි.(නදී)
ප්‍රදේශීය සභාවක මන්ත්‍රී කෙනෙකුට ලැබෙන සොච්චම් වැටුපෙන් මොනවා කරන්නද, ඔන්න ආණ්ඩු පක්ෂේවත් උනානම් කමක් නැහැ. විරුද්ධ පක්ෂේ ඉන්න කොට කිසි ගතියක් නැහැ. ලැබෙන්නේ බැනුම් විතරයි. ඒ නිසා පොඩි පහේ හොරකමක් වත් කලේ නැත්නම් මන්ත්‍රීකමේ දිස්නය වත් පවත්වාගෙන යන්න බැහැ. පාලක පක්ෂේ ඉන්නකොට කරන ඒවා හොරකම් හැටියට සැලකෙන්නේ නැහැ නොවැ. මටමයි වෙන්නේ.(නදී)
ලේක්කෝ ගලබඩ ඔබ ඉතාලියේ සිටත් ඔවෙනි බොරු කියමින් නොමග යවන්නේ කාවද ? ලංකාවේ අකුණු සන්නායකයක් ඇමරිකාවේ නාසා ආයතනයට විකුනලා ? නාසා ආයතනය එපමණ බංකොලොත් වෙලා ? අපේ පරණ අකුණු සන්නායක මිලට ගැනිමට. මේවට කියන්නේ අලි ඩෝන් කියලා.(නදී)
එක්සත් ජාතික පක්ෂය සන්දානයේ ප්‍රාදේශීය සබා මන්ත්‍රී වරුන්ට දොස් නගනවා හොරුන් තක්කඩියන් මැරයන් කියා . දැනු බැලුවම ඔවුනුත් එසේමයි. . උණ පුරුකේ දමලත් බලු වලිගේ ඇද අරින්න බැහැ කියන්නේ ඒකනේ. (ස)
අකුණු සන්නායක බිස්නස් එක පිරමීඩ බිස්නස් එකක්. අහුවෙන්න එපා. අකුණු සන්නායාකයේ ඉරිඩියම් තියෙනවා කියලා, ශුද්ධ ඉරිඩියම් වලට වඩා ලොකු මිලක් කියනවා බොරු කතා ගොඩක් එක්ක. ඔය වගේ එකක් කලින් ඉන්දියාවේ තිබුනා තඹ-ඉරිඩියම් කාසි කියලා. copper iridium coins කියලා ගූගල් සර්ච් කරලා බලන්න.(නදී)
හෙට වෙන කොට අපේ ගෙවල් වල සවි කල ඇන්ටෙනාවල් ගලවා ගෙන යන්නත් පටන් ගනීවි. (දිල්)
එයා දන්නවා කොහොමටත් එයාට හෙන ගහනවා කියල ..එකෙන් බේරෙන්න හිතාගෙනයි ගෙට උඩින් සවිකර ගන්නම් කියල ඔය ගලවන් යන්න ඇවිත් තියෙන්නේ...? දැන් හොදයිනේ. මහා දවල් හෙන ගහල තියෙන්නේ වහින්නේත් නැතිවම.(නදී)
අපිට තමා දැන් අකුණු වැදිලා තියෙන්නේ. මේ උදවිය නඩත්තු කරන්න බදු මුදල් සපයා දෙන අපිටම තමා මඩු වලිගෙන් තලන්න ඕනා. එක්කෝ හොරකමක්, වංචාවක් නැතිනම් ස්ත්‍රී දුෂණයක්.(නදී)
ලක්සිරි, මෙම අකුණු සන්නායකයන් ලක්ෂ දෙසීයකට පමණ විකිනු අවස්ථා මම දැක තිබෙනවා. කොළඹ කොටුවේ එක්තරා පරණ ගොඩනැගිල්ලකින් නොමිලේ මෙන් ගලවා ගත් එම සිංගප්පුරු ජාතික ගොඩනැගිලි කොන්ත්‍රාත් කරු මෙය ජපාන ගැනුම් කරුවෙක් ලවා 'නාසා ' ආයතනයට විකුණා ඉහත මුදල ලබා ගත්තා.(නදී)
පක්ෂ සාමාජිකත්වය ගැනත් දැන් තීරණයක් ගත්තොත් හොඳයි (නි)
මේ අයට තමයි 'වැහි නැති හෙණ' වදින්නේ. (නදී)
හොරකම, මැරකම, වංචාව හැරුණු කොට, ජනතාවගේ මුදලින් වැටුප් ලබන කුමන දේශපාලන පක්ෂයකහෝ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුගෙන් රටට ගමට වෙන සේවය හා ඔවුන්ගේ කාර්යය කුමක්ද කියල කාට හරි විස්තර කරන්න පුලුවන්ද? රටේ රාජ්‍ය අදායම මදි ඇති ඉන්න මන්ත්‍රීලට වැටුප් ගෙවන්න. බලාගෙන ගියාම නියම අකුණ වැදිලා තියෙන්නේ ජනතාවටයි. (නදී)
අද කාලේ වෙන දේවලුත් එක්ක මේකත් ඒ වගේ සාමාන්‍ය දෙයක් (නි)
වෙන්න බැහැ. (නදී)
අපේ රටේ ඔය මැති ඇමතිවරු කව්රුත් ඔලුවට උඩින් අකුණු සන්නායකයක් සවිකරගත්තොත් තමා හොඳ. (නදී)
අකුණු සන්නායක සවිකරන්නේ හෙණ ගහන එකෙන් බේරෙන්න. ජනතාවට, පොදු දේපලට හෙණ ගැහුවහම දේශපාලකයින්ට මොකද මඩිය පිරෙනවා නම්? (නි)
අනේ මන්ද (දිල්)
මේ පළාත් සභාවලට පත්කරන මිනිස්සු ගොඩක් අය නුගත් ද ? (නදී)
අවංක මුරකරුවෙක් නැත්නම් මේවා අපිට ආරංචි වෙන්නේ නැහැ. (නදී)
නියමයිනේ.එයාට අකුණු නොගැහුව එක ඇති (නි)
හොද මුර කරුවෙක් (අ)
නියම මුරකරු! (නි)
නියම වැඩේ තමයි වෙලා තියෙන්නේ. (නි)