අකුරට වැඩකරන දුම්රිය රියදුරන්ට අලව්වේදී හිරිහැර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රිය මඟියකුට හොදටම පහරදී ඔහු පොලීසිය භාර දී ඇතැයි සිද්ධිය දුටු දුම්රිය මඟිහු කියති.
නිල්පාට ඇඳුමකින් සැරසී සිටි පහළොවක් විස්සක් පමණ එම තරුණයාට පහර දී ඇතැයි සිද්ධිය සියැසින් දුටු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයෙක් කියයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල් පාට නිල ඇඳුම අඳිනුයේ දුමිරිය රියදුරෝය.
අකුරට වැඩකරන දුම්රිය රියදුරන්ට අලව්වේදී හිරිහැර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රිය මඟියකුට හොදටම පහරදී ඔහු පොලීසිය භාර දී ඇතැයි සිද්ධිය දුටු දුම්රිය මඟිහු කියති.
මහව කාර්යාල දුම්රිය නියමිත වේලාට නොපැමිනෙන්නේ ඇයි දැයි දුම්රිය රියදුරන්ගෙන් විමසීමට මගීන් පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී සුදානම් වු අවස්ථාවේදී තමන් දුම්රියට නංවා නොගෙන දුම්රිය ගිය බවත් එම මඟින් පිරිස පිටුපසින් පැමිණි වෙනත් දුම්රියක නැගී අලව්වේදී නැඟ නැවත එම දුම්රිය නවතා ඇත.
එහිදී ඇති වු කලබලයෙන් පසු දුම්රිය තවත් පැය හතරක් පමණ ප්‍රමාද වු බව මඟීහු පවසති.පසුව එහි පැමිණි පොලීසිය හා දුම්රිය නිලධයෝ තත්ත්වය සමථයකට පත් කළහ.
එම සිදු වීමෙන් පසුව දුම්රිය මරදාන දුම්රිය පොළට පැමිණෙද්දී නිල්පාට ඇඳුමකින් සැරසී එහි සිටි පහළොවක් විස්සක් පමණ පිරිසක් ‘අන්න අරූ එනවා’ යැයි පවසමින් එක් තරුණයකු අල්ලාගෙන ‘අපේ කට්ටියට ගහන්නේ කොහොමද?’ යනුවෙන් පවසමින් බිම
වැටෙන තුරු හොඳටම පහර දුන් බවත් පසුව පොලීසියට භාර දුන් බවත් සිද්ධිය ඇසින් දුටු දුටු මාධ්‍යවේදියකු ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරන්ගේ වැරැද්දක් නැහැ. වැඩට යන්න ප්‍රමාද වෙනවා නම් පැය බාගයක් පෙර පිටත්වෙන්න පුළුවන්. ඔය දුම්රිය ප්‍රමාදය ගැන කතා කරන ගොඩක් අය හරියට රැකියා කරන අය නෙමෙයි (නි)
මේ වෘත්තීය සමිතිය අරගෙන තියෙන ක්‍රියාමාර්ගය හරිම අදුරදර්ශීයි. ගුටි කන ක්‍රමයක් හදාගෙන තියෙන්නේ. වෙනස් බුද්ධිමත් ක්‍රියාමාර්ගයකට ගියොත් නේද හොද? (නදී)
කෝච්චි රියදුරන්ට පහර දෙන අය වීඩියෝ කරලා දඩුවම් කරන්න ඕනේ.(නදී)
ඔය වෘත්තිය සමිති පිටුපස ඉන්න අන්තවාදී බංකොලොත් පක්ෂ නායකයෝ ටික හිරේ දාලා පොඩිදේටත් වර්ජන කරන සමිති ටික තහනම් කරලා මිනිස්සුන්ට ගන්න පඩියට වැඩ කරන්න පුරුදු කරවන්න ඕනෑ. නැත්නම් මේ රට කවදාවත් ගොඩයන්නේ නැහැ (නි)
පෙඩ්රික්, හෙදියො නිසාද වෛද්‍යවරු නිසාද ලෙඩ්ඩු මැරෙන්නෙ? හෙදි වර්ජනය,සම සෞඛ්‍ය සිසු ගැටළුව,වින්නඹු ගැටළුව හැම දෙයක්ම පිටුපස ඉන්න කණ්ඩායම නැත්තෙ මේක පසුපස පමණයි.හැබැයි මඟියො තමයි දන්නෙ තියන ප්‍රශ්න. (නි)
ඇත්ත නැත්ත කතා කරලා වැඩක් නැහැ. මෙතන බනින මිනිස්සු වුණත් ඔතනට ගියා නම් ඕකමයි කරන්නේ (නි)
එකතු වෙලා මහවදී ගැහුවට ගුටිකන්න වෙලා තියෙන්නේ තනියම.ඒකයි මට නම් පෙනෙන කතාව (නි)
පහන් කියන විදිහට, ඔය රඹුක්කන දුම්රියේ යන ලොකු ලොක්කාව නැවැත්තුවොත් වැඩේ ටිකක් හරියයි. (නි)
ඔය දුම්රිය වල එන වැඩිදෙනා රජයේ සේවකයෝ.වැඩක් කර ගන්න රජයේ ආයතනයකට ගියාම තියෙන රස්තියාදුව කොහොමද? (නි)
අපි යන්නේ ටිකට් අරගෙන. අපේ සල්ලි වලින් මේ අය පඩි අරගෙන අපිටම ගහනවා. වෙලාවට දුම්රිය ටික අරගෙන යන්න බැරි නම්, දුම්රිය දෙපාර්තමේන්තුව විසුරුවා හරින්න. (නි)
71, 89 මිනිස්සු රට හදන්න හැදුවා නෙමෙයි , තියෙන දේවලුත් විනාශ කළා (නි)
කව්ද ගුටි කාලා නිකම් ඉන්නේ? (නදී)
ප්‍රනීත්, වැඩ නොකරන මිනිස්සු ඇති. එහෙත් බහුතරය එහෙම නෙමෙයි. දුම්රිය ප්‍රමාද වෙනවා කියලා කලින් එන එකද විසඳුම? ප්‍රනීත්ට නම් වෙන වැඩ නැතුව ඇති. (නි)
අර මනුස්සයට ගහනකම් දුම්රියේ ගිය කට්ටිය බලාහිටියද? (නි)
ඉන්දික,මමත් කාර්යාල දුම්රියක අවුරුදු දහයක් පමණ ගිය කෙනෙක්. දුම්රිය රියදුරන් හැමෝම කියන්නේ වේග සීමා ඉක්මවා ධාවනය නොකළොත් වෙලාවට යන්න බැහැ කියලා. ඉන්දික මහතාණෙනි, තමුන්ට වැඩට වෙලාවට යන්න ඕනෑ නම් තමුන් දැනගන්න ඕනෑ වෙලාවට යන විදියක් ගැන (නි)
පිටබැද්දර ජයා, ශානක,සුසිර,සත්‍යපාල,අනුර,ලුම්බිණි, ඔයාලත් සමඟ මාත් එකඟයි. (නි)
හෙටම ප්‍රතිප්‍රහාර ගෙවල්වලට ගොස් හෝ දෙන්න ඕනේ..(ස)
ඉතින් අර ගුටි කාපු කොලුවට පොලිසියෙනුත් ගැහුවද? එයා තවම ඉන්නවද? පොලිසියට භාර දුන්නා කියලා නේ කිව්වේ.හපොයි අසරණ කොලුවා. (ස)
සමහර දුම්රිය රියදුරන් හීනමානයෙන් පෙළෙන්නන් විය යුතුයි. බහුතරයක් අවංක රියදුරන් අතරේ මේ වගේ හීනමානයෙන් පෙළෙන උදවිය ඉන්නකොට වෙන්නේ අර කිරි කළයට ගොම දානවා වගේ වැඩක්. (නි)
වෙන්න ඕන පුද්ගලිකව ගහගන්න එක නෙවෙයි.සේවය හරියට සිදුවීමයි. දුම්රිය ප්‍රමාද වීමේ නම් වරද තියෙන්නේ ඒක නිවැරදි වීමයි විය යුත්තේ. මාර්ග විනයක් නැති මේ රටේ අපිට තියෙන්නේ ගමනාගමන ප්‍රශ්නවලට ගහගන්න ඒවා බලන් ඉන්න විතරයි. (ස)
මේවට බලධාරීන් නැද්ද? (නදී)
දැන් ඉතින් කුලල්කා ගනිමු ,වෙන කරන්න දෙයක් නැහැ මේක තමයි රටේ ප්‍රශ්න විසදගන්න තියන අලුත්ම " මෙතඩ් "එක ! (ස)
රටේ නීතිය සදාචාරය නම් බල්ලටම ගියා නේද? (ස)
ඒගොල්ලන්ට ගහනකොට බලා ඉඳීවිද? කොහොම වුණත් ප්‍රශ්න චණ්ඩිකම් වලින් විසඳෙන්නේ නැහැ මිනිසුනේ. (නි)
වැඩේ දුරදිග යන පාටයි (නි)
මෙයාලා පාරට බැස්සහම මඟීන්ට පිළිතුරු දෙන්න තියෙන්නේ ඒ භාෂාවෙන්ම. මොකද ජනතා බලය ඔය හැම එකටම යටයි. (නි)
ප්‍රේමදාස මහත්තයාගේ අගය දැනෙනවා (නි)
නීතිය අතට ගත්ත එක් අවස්තාවක්. (ස)
මෙයාලා හිතාගෙන ඉන්නෙ මේවා පවුලේ බූදල් කියලා. මේවා පාඩුවට දුවන මහජන මුදලින් යැපෙන බව අමතක වෙලා. ඔය විධියට නම් එන්නෙ එවයින්ම තමයි උත්තර දිය යුත්තෙ. (ස)
මෙන්න ඇත්තම කතාව.. හැමදාම පරක්කු වෙන මහව අදත් පොල්ගහවෙලට ආවේ 6.33ට.. ඒකටත් හේතුව අපි දන්නවා. රඹුක්කන දුම්රිය කලින් යවන්නේ යුනියන් එකේ ඉහල තනතුරක් දරන මහතෙක් රඹුක්කන කෝච්චියේ යන නිසා. කොහොම හරි මහව පොල්ගහවෙලට අාවහම මිනිස්සු අදත් බැස්සේ මේ ප්‍රශ්නෙට විසදුමක් හොයා ගන්න.. මිනිස්සු බහිනවත් එක්කමරියදුරු කෝච්චිය ඇද්දුවේ මිනිස්සු ගැන නොහිතා. පෙට්ටි ගැලවෙන තරම් වේගෙකින්. ඒ වේගෙන් කොටුවට ගියානම් හත වෙද්දී යනවා.. කොහොමහරි කෝච්චිය ගොඩක් පොල්ගහවෙලදී මගහැරුනා. ඉතුරු කට්ටිය අලව්වෙන් බැහැලා ඩ්‍රයිවර් අල්ලගන්න එළියට ආව. ඩ්‍රයිවර් බැහැලා හොරෙන් පදුරු අස්සෙන් එළියට දිව්වා. ඒක දැකපු මිනිස්සු ඔහු පන්නගෙන ගිහින් ගෙයක් ඇතුලට දාගෙන ගැහුවා මදි නොකියන්නම. කෝච්චි පාරට කොන්ක්‍රීට් කොට දැම්මා.. දාද්දීත් කෝච්චිය ඇද්දුවා.. නමුත් පස්සේ ඔහු කෝච්චිය නැවැත්තුවා. එතකොටම යාල් දේවි අලව්වට ආවා. යාල් දේවි නැවැත්තුවා. නමුත් පොලිස් ආරක්ෂාව මැද යාල් දේවි සහ පොඩි මැණිකේ අලව්වෙන් නික්මුනා. එහෙත් එම මගටත් කොටයක් දැමු පසු උදය දේවි හසු වුවා. චායාරූප ගතකල කීපයකට පහර දුන්නා. පසුව අලව්ව සහ පොල්ගහවෙල පොලිසිය එම ස්ථානයට පැමිණියා. අපට අවශ්‍ය වුවේ නිසි පිළිතුරකි. පොලිසියට පහර දුන්නේ නැත. දුම්රිය ප්‍රවාහන සාමාන්‍ය අධිකාරී රත්නායක මහතා මෝටර් ට්‍රොලියෙන් එම ස්ථානයට පැමිණ හෙට සිට මහව නියමිත විදියට ධාවනය වන බව පැවසුවා. ඉන් පසු දුම්රිය ධාවනයට ඉඩ ලබා දුන්නත් මහවේ ගිය මගීන්ට මරදානෙන් දුම්රිය රියදුරන් ප්‍රහාරයක් එල්ල කළා. බොහෝ මිනිසුන් ආපසු නිවෙස් බලා යාමට පොල්ගහවෙලට ගියත් මහව බලා ධාවනය වන මන්දගාමී දුම්රිය අවලංගු කළා.. තීරණය ඔබට බාරයි.. ඇයි චන්ඩි බයේ දුවන්නේ. බලමු හැප්පිලා.. එක්කෝ කොච්චි දුවයි. නැත්නම් ජොබ් එක පැත්තක දාලා යයි.. හමුදාවෙන් කොච්චි බාර ගනීවි. එදාට තමයි... මහව.. පටන් ගැනීම කලේ මීට වසර 30 හ 40 කට පෙරය. ලංකාවේ නව කතාවක් ලියවුනු එකම දුම්රිය මහව දුම්රියයි.. නමුත් ලගකදී සිට ඇයි සියලු කුඩම්මාගේ සැලකිලි මහවට..? මිනිස්සුන්ගෙන් කාලා බීලා මිනිස්සුන්ටම කොකා පෙන්නන අයට වෙන දේ හිතා ගන්නත් බැරි වේවි..! අපිත් ආදරෙයි කොච්චි වලට.. හරියට කොච්චි හැප්පුවේ අපි වගේ. මිනිස්සුන්ට දඩුවම් දෙන්නේ. පාරක කොච්චි ධාවනය කරන්න බැරි තරම් දුර්වලයි නම් ඇයි මෙතෙක් කල් කොච්චි ධාවනය කලේ..? (ස)
පිටබැද්දර ජයා, නීතියයි සදාචාරයයි දෙකම විනාශ කරලා. එකයි මෙහෙම වෙලා තියෙන්නේ. (ස)
එයාල කෝච්චි හප්පගෙන එයාලම වර්ජන කරලා මගීන් ඒවාට එරෙහි උනාම ගහනවා. ..කොයිතරම් සධාරණද.... (ස)
මගීන් කරන්නේ හරි වැඩද ? සමහර රජයේ ආයතන වල වැඩකරන මගීන් මිනිස්සු රස්තියාදු කරනවා මේ වගේම. රට හදන්න තමන් හැදිලා ඉන්න ඕනා. 71, 89 මිනිස්සු රට හදන්න හැදුවා හරි ගියාද. දුම්රිය පොළ විනාස කරන්නෙත් මගීන්, බන්නිනෙත් මගීන්. (නදී)
තියන කෝච්චියක නැගල වැඩට යන්න. අපිට බැහැ රට හදන්න. ඉස්සරලා අපි හැදිලා ඉමු.(නදී)
මේ දෙගොල්ලම තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. සියලු දෙනා එකතුවෙලා ගහල එලවන්න ඕන කෙනා කව්ද කියන එක. මහව කොච්චියේ ප්‍රශ්න විසඳන්න පොරොන්දු දීපු කෙනෙක් ඉන්නවනේ. ඒක ගොඩක් පරන ප්‍රශ්නයක්. පොතුහැර සිද්ධියෙන් ඒක යටපත් වෙලා දැන් ප්‍රශ්නය රියදුරන්ට විතරක් එල්ලවෙලා. (නදී)
හැමදාම කෝච්චියේ යන මගියෙක් විදියට මම දන්නවා මගීන් කොච්චර කෝච්චිවලට හානි කරනවද? ඒ වගේම රියදුරන් කොච්චර මහින්සි වෙනවද මිනිස්සු වෙලාවට ගෙනත් දාන්න. රියදුරන්ට ජය වේවා ! (නදී)
ජනතාවගේ ආණ්ඩුව කියල හරි නම් කරන්න ඕනා,පොලීසි සහ හමුදාවලට වගේ දුම්රිය ප්‍රමුක ප්‍රවාහනය, සෞඛ්‍ය සහ රාජ්‍ය ආයතන සේවා සියල්ල අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කරලා නීතිය ක්‍රියාත්මක කරන එක. එතකොට රට නිකම්ම දියුණු වේවි.(නදී)
මගීන්ට පහර දෙන්න තරම් මෙයාල චණ්ඩි වුණේ කොහොමද. ලක්ෂ ගණන් පඩි ගන්නේ කාගේ බදු සල්ලි වලින්ද කියල මතක නෑ වගේ (දිල්)
මම හිතාගෙන උන්නේ මේවා බාරව ඇමැති කෙනෙක් ඉන්නවා කියල. එහෙම උන්න නම් මෙහෙම ප්‍රශ්න දුර දිග යන්න දෙන්නේ නැහැ නේ. (දිල්)
අකුරට වැඩ කරන එක වැරද්දක්ද ?. අනික මේ ප්‍රශ්න රජය මගින් විසදිය යුතු බව මිනිස්සු තේරුම් ගන්නේ කවදාද? . මොනවටද මෙච්චර ලොකු කැබිනට් එකක් තියාගෙන ඉන්නේ. ප්‍රවාහන ඇමතිලා මොකටද. (නදී)
දුම්රිය රියදුරන්ට ගහන්නේ ඇයි? ඔවුන් දුම්රිය පුමාද කළ කියා රැකියාව අහිමි වුනාද? ඒ වුනාට හෙදියෝ නිසා ලෙඩ්ඩු මලා. (නදී)