(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

විදේශ රටක රටක සැඟව සිටියදී මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුකු වන  ලියනගේ මනෝජ් සුරංග නොහොත් බටුවත්තේ චාමර නමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී බටුවත්ත පොදු සූසාන භූමිය තුළ සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක් සහ   ජීව උණ්ඩ තොගයක් සොයාගත් බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි

එම ස්ථානයේ වළ දමාතිබූ  එම ගිනි අවියට අමතරව මැගසිනයක් සහ ජිව උණ්ඩ 24ක් පොලිස් බාරයට ගෙන තිබේ.

සොයාගත් එම ගිනි අවියේ  හඳුනා ගැනීමේ අංකය අපැහැදිලි බව පොලිසිය කියයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලියනගේ මනෝජ් සුරංග නොහොත් බටුවත්තේ චාමර නමැත්තා  අසර්බයිජාන් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙරටට රැගෙන ඒමෙන් ඉකුත් මැයි මස 05 වෙනිදින  කොළඹ දිසා අපරාධ  කොට්ඨාසය වෙත භාරදීමෙන් අනතුරුව  දින 90 ක රැඳයුම්  නියොග ආරක්ෂක අමාත්‍යංශයෙන් දෙවන වරටත් ලබාගෙන සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව  රාගම පොලිස් වසමේ බටුවත්ත පොදු සුසාන භූමියතුළ   ප්ලාස්ටික් බටයක් තුළ  සඟවා වළදමා තිබූ විදේශීය රටක නිෂ්පාදිත  ගිනි අවිය මැගසිනය සහිත ජීව උණ්ඩ තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි 

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි  උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක  අසංක සුරවිර  මහතාගේ  සෘජු අධීක්ෂණය යටතේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.