(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

දැදුරුඔය ජලාදයේ වන් දොරටු 08 ම  අද (22) උදෑසන 8.00; වන විට විවෘත කිරීමට කටයුතු කළ බව ජලාශය බාර වාරි ඉංජිනේරු කාර්යාලය කියයි. ඒ හේතුවෙන් මේ වනවිට දැදුරුඔය ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝණ අඩි 19600 ක විශාල ජල පරිමාවක් මුදාහැරෙමින් පවතී. 

දැදුරුඔය ඉහළ සහ මධ්‍යම ජලධාරා වෙත ඊයේ (21) සවස් කාලයේ සිට ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් අද (22) අළුයම සිට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අදියරෙන් අදියර විවෘත කිරීමට සිදුවූ බව ජලාශය බාර වාරි ඉංජිනේරු කාර්‍යාලය පවසයි. 

ඒ අනුව අද උදෑසන 9.30 වනවිට ජලාශයේ වාන්දොරටු 06 ක් අඩි 04 බැගින් සහ ඉතිරි වාන් දොරටු දෙක අඩි 02 බැගින් විවෘත කර ඇත. මෙම තත්වය මත දැදුරුඔයේ ජල මට්ටම ඉහළ ගොස් ජල පහරේ වේගය වැඩිවී ඇති බැවින් දැදුරුඔය ද්‍රෝණියේ පහළ පදිංචි ජනතාව විමසිල්ලෙන් යුතුව කටයුතු කළ යුතු බව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දන්වා සිටී.