IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අකුරැස්සේදී මහින්දට අකරතැබ්බයක්

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දකුණේ ඡන්ද රැස්වීම් අමතමින් අඟහරුවාදා අකුරැස්ස නගරයට ගියේය. එහි පරණ බස් නැවතුම්පළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රචාරක රැලියකි. සවස 4ට පමණ එය ඇරැඹිණි. මහින්ද එහි ආවේ සවස 5.30ට පමණය. වෙඩි නොවදින බෙන්ස් රියෙන් බැස සෙනග අතරින් යද්දී පුද්ගලයෙක් රැස්වීම බැලීමට පැමිණ සිටි පුද්ගලයකු ඔහුගේ අතින් අල්ලන්ට ආවේය.

එවිට කුමක් හෝ පැටලිල්ලක් සිදුවී මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුණේ ඉරියව් වෙනස් විය. ඔහු දෙතොල විකාගෙන මිට මොලවාගත් අත ඔසවා ප්‍රහාරයකට මෙන් සැරසුණේය. ඔහුගේ ආරක්ෂකයෝ තිදෙනෙක් එම ප්‍රහාරය වැලැක්වීම සඳහා රාජපක්ෂ මහතා පසෙකට තල්ලු කළේය. ඔහු වැටෙන්නට ගියේය.

පිටුපසින් සිටි ආරක්ෂකයෝ ඔහු අල්ලා ගත්හ. ඉන්පසු අකුරැස්සේ සන්ධාන අපේක්ෂක මනෝජ් සිරිසේන මහතා මහින්ද වේදිකාවට කැඳවාගෙන ගියේය. මිනිත්තු 25ක් පමණ මහින්ද කථා කළ නමුත් එම සිදුවීම ගැන කිසිත් කීවේ නැත.

හිටපු ජනපති මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට කියනුයේ බීමත්ව එහි සිටි පුද්ගලයකුගේ ග්‍රහණයෙන් මිදීමට මහින්ද රාජපක්ෂ මහතා උත්සාහ කළ බවයි. රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් රජයෙන් සලසා නැතැයිද ඔහුට හිරිහැර කිරීම සඳහා සන්ධ‍ානයේ රැලිවලට බීමත් පුද්ගලයින් එවන බවද වැලිවිට කීවේය.

‘අකුරැස්ස රැලියේදී බීමත් පුද්ගලයකු රාජපක්ෂ මහතා බදාගන්න හැදුවා. ඔහු අත්දෙකම අල්ලාගත් පසු රාජපක්ෂ මහතා ඔහුගෙන් අත් දෙක මුදා ගත්තා. හිටපු ජනාධිපතිට ආරක්ෂකයන් දී ඇතත් ජංගම දුරකථන හා වාහන වැනි පහසුකම් සලසා දී නැහැ. ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසන්නේ නම් මෙවැනි දේ සිදුවන්නේ නැහැ‘ 

web1 web2 web3 web4 web5

 

(වීඩියෝ අනුග්‍රහය - ප්‍රියන්ත දසනායක සහ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය)

 



අදහස් (0)

අකුරැස්සේදී මහින්දට අකරතැබ්බයක්

තුෂාර Wednesday, 22 July 2015 09:06 AM

අනාධිමත් කලක සිට පවතින හොස්ස ලඟින් මැස්ස යන්න බැරිකම ආරක්ෂාව ගැන කියලා වත් වහන්නකෝ. (ම)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 22 July 2015 02:34 PM

හරි හරි දැන් යහපාලන මහත්තුරු කියන්නේ මේ සිදුවීම හින්ද මහින්ද මහත්තයට ඡන්දෙ නොදී පෝලිමේ ගිහින් අලියට කතිරේ ගහන්න කියලනේ. හරි හරි ගහන්නම්. කතිරේ නෙමෙයි .. (ර)

:       0       0

තිලක නවරත්න - ඉතාලිය Wednesday, 22 July 2015 02:56 PM

ඔබේ කතාවට සිරස්තලය දාන්න තිබුණේ ආරක්ෂකයන් පිරිවරාගත් මෝරෙක් නිරායුධ හාල්මැස්සකුට ගහයි යනුවෙන් නොවේදැයි සිතා බලන්න (බ)

:       0       0

ජෙහාන් Wednesday, 22 July 2015 05:44 AM

අපි ජන්දේ දුන්නේ අනෙක් අපේක්ෂකයාට කියලා දන්නවා නම් අපේ ඇඩ්‍රස් නැති වෙන්න ඉඩ තිබුන බව දැන් සක් සුදක් සේ පැහැදිලියි. (ම)

:       0       0

සරසි Wednesday, 22 July 2015 05:48 AM

අප්පච්චියේ හොඳ වෙලාවට මෙතන අර නිතර වෙනදා කරක් ගහපු පන්සලක් එහෙම නෙවෙයි. නැති නම් මේවා දකින දායකයන් වික්ෂිප්ත වී ඒ පන්සලේ ඇත්තන්ට හෙට ඉඳල දානේ ලැබෙන එක විශ්වාස නැහැ. (බ)

:       0       0

ඩිලාන් Wednesday, 22 July 2015 05:50 AM

දේශපාලනයට එන අයගේ පවුල් පසුබිම කොච්චර ඉහලින් පුම්බා ඒ මිනිසුන් ජනතාව ඉදිරියේ තියනවාද ? එ්ත් ඒ සැඟවුන දේවල් වතුර යට හංගපු රබර් බෝලයක් වගේ උඩට එනවා. (බ)

:       0       0

අසංක Wednesday, 22 July 2015 05:50 AM

හොදට බලන්න අතේ ඇගිලි අත ගගා යන හැටි.කවුරු හරි අතෙන් මුද්දක් ගලවන්න ට්‍රයි කරලා වගේ (ම)

:       0       0

අමාරිස් Wednesday, 22 July 2015 10:57 AM

අත තමන්ගේ වගේ නෙමේ විදියට ඉන්න තිබුනේ... (ර)

:       0       0

ගාමිණී Wednesday, 22 July 2015 07:59 AM

අද තීරණයක් ගත්තා - මගේ ඡන්දය මහින්ද රාජපක්ෂට දෙන්නේ නැහැ . සහතිකය (බ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 22 July 2015 08:41 AM

ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් වෙන්න මහින්ද මහත්තයෝ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 589 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 76 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 474 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 281 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 999 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 952 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21646 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21319 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site