ජනතා සේවකයකු ලෙස අනාගතයේදී සියලු ජනවර්ඝවලට අවශ්‍ය වන යටිතල පහසුකම් සංවර්ධන හා අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, ජල සම්පාදන, විදුලිබල, කෘෂිකර්මාන්තය නැංවීම, තොරතුරු තාක්ෂණ පහසුකම් වැඩි දියුණු කිරීම කෙරෙහි වැඩි අවධානය යොමු කරන බව මධ්‍යම පළාත් සභාවට සංධානයෙන් තේරීපත් වූ නීතීඥ අනුරාධ ජයරත්න මහතා කියයි.
ඔහු අගමැති දි මු ජයරත්න මහතාගේ පුත්‍රයාය.
‘මෙවර මැතිවරණයේදී මා හට නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට මාගේ ගෞරවය පුද කරමි. එමෙන්ම විපක්ෂ කුමන්ත්‍රණ හමුවේ නොබියව ඡන්දය ප්‍රකාශ කළ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට මාගේ ස්තුතිය පළ කරමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ‘සතුටයි-නිදහසයි‘ රජවී ඇත.‘
ජනතාවට අවශ්‍ය ආර්ථිකමය ශක්තිය ලබා දීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද සියලු දෙනාට සුබ අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරන බව ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලුවක් ඇති මිනිසුනේ, මෙම ඡන්ද ක්‍රමය වෙනස් කරනතුරු පාර්ලිමේන්තු යන්නේ හෝ ජනතාව නියෝජනය කරන්නේ වගකීම් විරහිත ධනේශ්වරයන් වටකරගත් අයයි. (නි)
හැමෝම ඡන්දෙට කලිනුත් ඡන්දෙන් පස්සෙත් කියන එක තමයි මෙයත් කියල තියෙන්නේ. ඕක කෙරෙන්නේ නෑ. බය වෙන්න එපා.(නදී)
මෙයා හොද කොල්ලෙක් (නි)
අපි සැමදාමත් ඔබ සමගයි (නි)
ලාංකීකයෙක් මිලානෝ වල සිට අප අමතයි. චන්ද්‍ර .
වහාම දළදා මාලිගාව අවට සහ පාසල් අවට ඇති සුරාසැල්, නීති විරෝධී තානායම්, මත් කුඩු මේ සියල්ලම නැති කරන්න ආයිබෝවන්..... (ස)
බොරුනම් කියන්න එපා අප්පොච්චිට බැරිවෙච්ටදේ පුතා කොහෙකරන්නද ? (අ)
ඇයි මේ කට්ටිය දිනුවට පස්සේ ස්තුති කරන්නේ? (නි)
අනිකුත් ඇමති පුතුන් මෙන් නොව මොහු උගත් පුතෙකි. මොහු ගැන ටිකක් සොයා බැලුවෙමි. ඔහු කියන දේම කිරීමට හැකිවේවායි පතමි. දැන්ම ඔහුව විවේචනය කිරීමට මා උත්සුක නොවේ. ඔහුගේ ක්‍රියාව ගැන බලා සිටිමි.(අ)
අපෙන් සුබ පැතුම්. (අ)
දැන් බලාගෙන යනකොට මේ තරම් නිදහසක් විරුද්ධ පක්ෂ වලට තියනවා කියන්නේ ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත වෙලා කියන එකයි. එහෙනම් ඉතින් ඔය කියන "සතුටයි-නිදහසයි" මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් රජ කරන එකේ රහස මොකක්ද? (නි)
මධ්‍යම පළාතේ විතරක් නෙමෙයි වයඹත් පුන්නක්කු හොදටම ලැබිලා වගේ (නි)
මහනුවර ජනතාවගේ සියලු ප්‍රශ්න විසදේවි. ජයවේවා! (නි)
බලමු පුතා කොහොමද කියලා (නි)
අපිට නම් ඕවා අහලා දැන් ඇතිවෙලා. (නි)
දැන් ඉතින් ලංකාව ආර්ථික ශක්තිය අතින් ඉහළට යයිද? (නි)
එහෙමවත් කරන්නකෝ (නි)
කොහෙද විපක්ෂයේ අය කුමන්ත්‍රණ කළේ? කව්රුත් දිනුව ගමන් කියන දේ තමයි ඔය (නි)
"එක පුන් සඳින් දුරුවෙයි ලොව ඝන අඳුරු" . ඔබට ජයෙන් ජය! (නි)
නුවර සැබෑ මහනුවරක් කරන්න. මත් කුඩු මත්ද්‍රව්‍ය වලින් තොර දැහැමි පුරවරයක් කරන්න ඔබතුමාට සැබෑ වුවමනාවක් තිබේ නම් ක්‍රියාවෙන් කරලා පෙන්වන්න. එහෙම කරනවා නම් අපි ඔබතුමා සමගයි (නි)
ඔබට මහඇමතිකම ලැබේවා! (නි)
දැන් මහත්තයට නම් හොදයි මහත්තයෝ. අපිට? (නි)
තාත්තා යනකොට පුතා එන්න වගේ බලන්නේ... (නි)
දැන් කියනවා වගේ ඒවා ඉෂ්ට කරනවා නම් තමා හොද (නි)
හැම තැනම තාත්තලා පුතාලානේ. අනිත් අයට දේශපාලනය අකැපද? (නි)
නව මහ ඇමතිතුමාට සුබ පැතුම් !! (නි)
සමස්ත මනාප ප්‍රතිඵල කොහොමද දන්නෙ නැහැ (නි)
පුතා මොනවා හරි කරන්න ලැහැස්ති වෙන එක හොඳයි (නි)
මුලදී කව්රුත් ඔහොම තමා කියන්නේ (නි)
ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළේ කවුද කියලා අපි දන්නවා. (නි)
හැම තැනම ඇමති පුත්තු තමයි ඉහළින්ම දිනලා තියෙන්නේ. (නි)