IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අගමැතිකම දිනේෂ්ට දෙන්න

(සුජිත් හේවාජුලිගේ )

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා  වැඩබලන අගමැතිවරයා ලෙස පත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  සිසිර ජයකොඩි මහතා වැඩබලන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව එසේ කටයුතු කළ හැකි බවද ඔහු පෙන්වා දෙයි.

ජනාධිපති ධුරය හිස් වීමෙන් පසු ,  නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම අතර කාලයේදී ,  අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයේ වැඩ බැලිය යුතුය. එවිට අග්‍රාමාත්‍ය ධුරය හිස්වන බැවින්, එම ධුරයේ වැඩබැලීම සඳහා වැඩබලන ජනාධිපතිවරයා විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව   කැබිනට් මණ්ඩලයේ වෙනත් අමාත්‍යවරයකු පත්  කරනු ලැබිය යුතුව  ඇතැයි  හෙතෙම සඳහන් කළේය.

මේ බව සඳහන් වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, 40 (1) (ඇ) වගන්තියේ බවත්  ඔහු ප්‍රකාශ කරයි.

වත්මන් අගමැති, වැඩබලන ජනාධිපති නම්, ව්‍යවස්ථාවට අනුව ඔහු දැන් අගමැති ධුරය සඳහා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයකු  පත්කළ යුතුය. 1993දී මෙසේ අගමැති වූයේ එවකට සභානායක වූ රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය කිරීමත් සමග, එවකට  අගමැති ඩී.බී.විජේතුංග මහතා, වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමත් සමග, විජේතුංග මහතා, එවකට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා  අගමැති ලෙස පත්  කළේය. එහිදී සම්ප්‍රදාය වූයේ අගමැතිගෙන් පසු පාර්ලිමේන්තුවේ සභානායකවරයා ජ්‍යෙෂ්ඨ හා සුදුස්සා ලෙස සැලකීමේ ක්‍රමවේදයයි. ඒ අනුව මෙවර සභානායක වන, අමාත්‍යවරයකුද වන ජ්‍යෙෂ්ඨයාද වන, දිනේෂ් ගුණවර්ධන මහතා වැඩබලන අගමැති ධුරයට පත් කිරීම කළ යුතු බව ජයකොඩි මහතා සඳහන් කරයි.



අදහස් (17)

අගමැතිකම දිනේෂ්ට දෙන්න

Kamal Friday, 15 July 2022 06:38 PM

කලින් නොදුන්නේ ඇයි? රනිල්ට නොදී මෙයාට කලින් දෙන්න තිබ්බානේ...!

:       1       107

saki Friday, 15 July 2022 06:43 PM

අනේ දන්න කෙහෙල්මල...!

:       5       85

පුටුවෙ සිහිනය Friday, 15 July 2022 06:49 PM

එදා ප්‍රේමදාස ජනාධිපති පුටුවේ ඉඳගත්තු දවසේ අගමැති පුටුවේ ඉඳගත්තේ රනිල් මැතිතුමායි. අද රනිල් ජනාධිපති පුටුවේ ඉඳගත්ත දවසේ ඉඳලා සජිත් අගමැති පුටුවට එන්න බලන බව පාඨකයින් දනීද?

:       9       0

රනිල කුලය Friday, 15 July 2022 06:58 PM

උස නම් සෙකුරිටි, කොටනම් කම්කරු... නැත අදාල මෙතැනට වෙන්ට දිනුම්කරු... රටම බලා සිටියි ඩොලරයේ මැවුම්කරු... රනිල කුලය පණදෙයි රට ගැලවුම්කරු...

:       8       9

ගමේ එකාලා Friday, 15 July 2022 07:09 PM

ඔයිට වඩා වාසු හොඳ නැද්ද? වයසින් පොඩ්ඩක් වැඩියි.

:       0       0

surasena Friday, 15 July 2022 07:16 PM

එයාටත් පුළුවන් දේශපාලන මරළතෝනි දෙන්න විතරයි...!

:       0       0

ගමේ එකාලා Friday, 15 July 2022 07:22 PM

ඇයි ඊට වැඩිය ගමේ කෙනා ඉන්නේ ප්‍රසන්නයා...?

:       0       0

ravin Friday, 15 July 2022 07:35 PM

ලෝකෙම අපිට අනින්න ඉන්න වෙලාවේ කුළල් කාගනිල්ලා...!

:       0       0

ranjith Friday, 15 July 2022 08:06 PM

සරමෙ බඩ යනකම් යටි ගිරියෙන් කෑගහන්න නම් මෙයාට පුලුවන් , වෙන නම් මහජන යහපතට කරපු දෙයක් පේන්න නැහැ.

:       0       0

Sha Friday, 15 July 2022 08:10 PM

කෙහෙල් මල් පොහොට්ටුවෙ එකෙක්ට දෙන්න එපා . ෆොන්සේකට දෙන්න

:       0       0

ජයන්ත මිලානො Friday, 15 July 2022 08:39 PM

පොහොට්ටු රජයක්! ජනතාව බලාසිටි ආණ්ඩුවක්...!

:       0       0

දාස Saturday, 16 July 2022 03:58 AM

වහල් වැඩ නොකර දේශපාලනෙන්ම ගියා නම් රටට හොඳයි...!

:       0       0

ජයලත් Saturday, 16 July 2022 04:12 AM

පාර්ලිමේන්තුවේ හරියට කථාවක් කරන්න බැරුව කොහොමද අගමැතිකම කරන්නේ?

:       0       0

de silva Saturday, 16 July 2022 06:56 AM

ධම්මික පැණි බෝතලයක් එහෙම ගන්න පුළුවන්ද?

:       0       0

purawasi Saturday, 16 July 2022 07:00 AM

ඔබලාගේ හැකර කටක් තියෙනකොට ඔය වැඩේට හොඳ නැද්ද?

:       0       0

සැම් Saturday, 16 July 2022 07:34 AM

ඔය තනතුරු ටික ඌරු වරිගයේ වන්නිලා ඇත්තන්ට දෙන්න. අපට සශ්‍රීක රටක් ලැබෙනවා නොඅනුමානයි. රජකම් කළ හැක්කේ රජෙකුට පමණයි...

:       0       0

රවි Saturday, 16 July 2022 07:28 PM

සෑම ජනවර්ගයක්ම එකට එකතුවෙමින් නව ගමනක් යන්න හදන්නේ සාදාකාලිකව ජාතිවාදී ප්‍රතිපත්ති දරන කෙනෙක්ට ඒ තනතුර දෙන්න යොජනා කරන්නේ රට පිළිබඳ කිසිම අවබෝධයක් නැති කෙනෙක් වෙන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 150 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 942 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 445 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 278 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2838 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2035 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 313 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1746 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site