IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘අගමැතිට නඟන අවලාද අසාධාරණයි‘ - දයාසිරි ජයසේකර

ඉතිහාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ කිසිම කෝප් වාර්තාවක් සම්බන්ධයෙන් බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව සම්බන්ධව තරම් කඩිනමින් ක්‍රියා මාර්ග ගෙන නැතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඇතැමුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයාට නඟන චෝදනා සාධාරණ නැතැයි කී දයාසිරි ජයසේකර මහතා දූෂිත නිලධාරීන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අගමැති  හෝ ආණ්ඩුවේ කිසිවෙක් කටයුතු නොකරන බව මෙම වාර්තාව කඩිනමින් නීතිපතිවරයා වෙත යැවීමට අගමැතිවරයා ගත් තීරණයෙන්ම පැහැදිලි වන බව ද සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

බරපතල වංචා දූෂණ පිළිබඳ  නඩු විභාගයන් කඩිනමින් අවසන් කිරීමේ ක්‍රියාදාමයක් අවශ්‍ය බව ද ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

‘අගමැතිට නඟන අවලාද අසාධාරණයි‘ - දයාසිරි ජයසේකර

ක්‍රිෂාන් Tuesday, 01 November 2016 07:14 PM

මෙයාලත් හැරෙන හැරෙන පැත්තට කියයි බයිලා (නි)

:       0       0

දසුන් Tuesday, 01 November 2016 07:33 PM

මේ කතාකරන්නේ අවුරුදු කීපයකට කලින් යු එන් පී එකේ ඉන්න බැහැ කියලා අඬාගෙන මහින්ද ගාවට දිව්ව දයාසිරිද? නැත්නම් යහපාලනය ආවහම කරණමක් ගහපු දයාසිරිද? (නි)

:       0       0

ලලිත් Tuesday, 01 November 2016 07:36 PM

ඇයි මේ වගේ තත්වයක් තියෙද්දී එෆ්.සී.අයි.ඩි එක මැදිහත්වෙලා අදාළ පුද්ගලයගෙන් ප්‍රශන් කරලා මෙයාවත් උසවියට ඉද්රිපත් නොකරන්නේ? නීතිය විපක්ෂයේ අයට විතරද සමාන? (නි)

:       0       0

නිම්මි Tuesday, 01 November 2016 07:40 PM

අගමැතිතුමා වෙනුවෙන් මොකද මෙච්චර කැපකිරීමක්? (නි)

:       0       0

ශාන්ත Tuesday, 01 November 2016 09:17 PM

තමන්ගේ අනාගතය වෙනුවෙන් ඕනෑම කතාවක් කියන්න අපේ දේශපාලකයන් සූදානම් (නි)

:       0       0

ශානක Tuesday, 01 November 2016 09:48 PM

මෙතුමාත් දැන් අර කට හැරෙන පැත්තට කතා කියන විහිළු සපයන්නෙක් වෙලා (නි)

:       0       0

ශාන්ත Tuesday, 01 November 2016 09:49 PM

අනේ පවු! මහත්තයෝ, මොළේ තියෙන්නේ යමක් තේරුම්ගන්න (නි)

:       0       0

වින්සන්ට් වර්ණකුල Tuesday, 01 November 2016 10:04 PM

හිටපු ජනපතිවරයාගේ පුතුන්ට එරෙහිව පවතින චෝදනාවලට දඬුවම් ලැබීමට මහින්ද මහතා වගේම ඔහුගේ පාර්ශවයද කැමති වන්නේ නැත. ඒවගේම වර්තමාන අගමැතිවරයාගේ මිත්‍රයාට පවතින චෝදනාවට දඬුවම් ලබාදීමට ඔහු වගේම ඔහුගේ පාර්ශවයද කැමති වන්නේ නැත. මේ දෙපාර්ශවයම වැරදි බව සිතුවත් තමන්ගේ පැවැත්ම ගෙන යායුතු බව සිතමින් ඒ තුළ රැඳෙමින් අදහස් ප්‍රකාශ කරන අයද මේ දිනවල අපට පෙනෙන්නට ඇත. කෙසේ නමුත් කෝප් වාර්තාවේ නිර්දේශයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවීම ගැන දැනට යම් සතුටක් අප වෙත පවතී. තවදුරටත් ජනතාව රවටනවාද විශ්වාසය දිනා ගන්නවාද යන්න යහපාලනයම තීරණය කළ යුතුව ඇත. (නි)

:       0       0

සිසිර Tuesday, 01 November 2016 10:59 PM

මෙයාලට ඇට නැති දිව හැම අතටම නමන්න පුළුවන්. (නි)

:       0       0

සිසිර Tuesday, 01 November 2016 11:01 PM

අගමැතිතුමාට හොඳටම පක්ෂපාතියි වගේ. (නි)

:       0       0

රත්නමාලා Tuesday, 01 November 2016 11:04 PM

මේ ගැන මීටපෙරද පරීක්ෂණ කමිටුවක් පත්කර කිසිම වරදක් නැති බවට තීන්දුවක් දුන් බව අමතකද ඔබට? (නි)

:       0       0

ටානි Tuesday, 01 November 2016 11:36 PM

සාධාරණද අසාධාරණද කියලා මහජනතාව හොඳට දන්නවා (නි)

:       0       0

රොහාන් Wednesday, 02 November 2016 12:27 AM

පසුගිය රජය කාලේ හංගපු කෝප් වාර්තා වලට මොකද කරන්නේ? (නි)

:       0       0

ජයන්ත Wednesday, 02 November 2016 12:41 AM

සුගා, මම සම්පුර්ණයෙන්ම ඔයත් එක්ක එකඟයි. මට එකක් කියන්න පුළුවන්. මෙතුමා වාර්තාවක් තියනවා පිනුම් වලින් පාර්ලිමේන්තු ඉතිහාසයේ. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 02 November 2016 12:58 AM

මහින්ද දිනයි කියලා මහින්ද ළඟට වෙලා සිටිය කෙනා දැන් රනිල් වෙනුවෙන් මොනවා කියවනවද දන්නේ නැහැ. කට හොඳ සින්දු කියන්න විතරයි වගේ. (නි)

:       0       0

ලාල් Wednesday, 02 November 2016 01:07 AM

රනිල්ව අපිට විශ්වාසයි. මේ කතාවෙන් එය 100%ක් ඔප්පු වෙනවා. ඔක්කොම ලෝක හොරු ටික ඉන්නේ ශ්‍රීලනිපයේ. මේකත් එයලගෙම සැළසුමක් වියයුතුයි. ආයෙ දෙකක් නැහැ. (නි)

:       0       0

ගිහාන් Wednesday, 02 November 2016 01:15 AM

ඔව්. කොයි පක්ෂයත් හොඳින් තියාගන්න එක නුවණට හුරුයි. පනින්න ඕනෑ වුණොත් එච්චර අවුලක් නැතිව සු‍ටුස් ගාලා යන්න පුළුවන්නේ. (නි)

:       0       0

අශිකා Wednesday, 02 November 2016 01:53 AM

සමහරු මෙයැ ගැන දන්නේ විශ්ව විද්‍යාලෙ ඉඳලලු. අපි නම් වැලිකෙළියේ ඉඳලා දන්නවා. නියම දේශපාලන ව්‍යාපාර තමයි මේවා (නි)

:       0       0

දසනායක Wednesday, 02 November 2016 02:13 AM

දේශපාලකයාට කටවල් දෙකයි. මේ කතා කරන්නේ දෙවෙනි කටයි. අර කවුද කරදර කරනවා කිව්වේ අනිත් කටින්. මොනවා වුණත් අගමැතිතුමා හැමදාම කතා කළේ එක කටින් (නි)

:       0       0

මාලක Wednesday, 02 November 2016 02:18 AM

අනේ මන්දා මෙයාලා කතාකරන්නේ කටින්ද කියලා (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 02 November 2016 02:29 AM

ඡන්දය දෙන දුප්පත් ජනතාව ගැන, විශේෂයෙන් සිංහලයාගේ අනාගතය ගැන නොසිතන බඩගෝස්තරවාදී දේශපාලකයන් ගැන කුමන කතාද? එවැනි දේශපාලකයන්ගේ කතා ගැන විශ්වාසය තැබීමට තරම් මේ රටේ සියලු පුරවැසියන් දේශපාලන ගැත්තන් නොවේ. අගමැතිතුමා ඉතාමත් අවංක නම පක්ෂයේම අය, ජනපතිතුමා පවා මෙතන වරදක් සිදුවී ඇති බව කියද්දී අර්ජුන මහේන්ද්‍රන් රැක ගැනීමට උත්සාහ කරන්නේ මන්ද? මේ තනතුර දීමට තරම් සුදුස්සෙකු මේ රටේ සිටියේ නැද්ද? (නි)

:       0       0

තුසිත Wednesday, 02 November 2016 02:33 AM

ඔබතුමා සරම ඇඳගෙන ඔලුවෙන් හිටගන්න වගේ වැඩක් කරන්න වගෙයි හදන්නේ ආයෙමත් (නි)

:       0       0

සේන Wednesday, 02 November 2016 03:37 AM

අප රටේ දේශපාලකයන්ට තියෙන ලොකුම අඩුපාඩුව ප්‍රතිපත්තියක් නැති එක. (ම)

:       0       0

ගයාන් Wednesday, 02 November 2016 05:06 AM

විමර්ශන අවස්ථාවේ ඇති ප්‍රශ්නයක් ගැන මෙසේ ප්‍රකාශ නිකුත් කිරීමේ තේරුම කුමක්ද ?බැංකුවෙන් ලබාගත් අශුද්ද මුදල් මෙවන් අය අතර බෙදී යනබව කියවේ .ජනතාව ප්‍රවේශමෙන් .(බ)

:       0       0

විජේසුන්දර Wednesday, 02 November 2016 06:11 AM

ඒක එහෙමයි කියලා ඔප්පුවෙන විදිහට අගමැති වැඩකළා නම් මේ ප්‍රශ්න නැහැනේ (නි)

:       0       0

ජීවන්ත Tuesday, 01 November 2016 01:17 PM

ඒකනේ.(හේ)

:       0       0

අනුර Tuesday, 01 November 2016 01:37 PM

කියන කතාව බොරු කියලද මෙයා කියන්නේ ? (හේ)

:       0       0

සුමිත් Tuesday, 01 November 2016 02:29 PM

දී කිරට බළල්ලුත් සක්කිලු! ලොක්කා ආපහු සැරයක් පනින්න වගේ! (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 01 November 2016 02:43 PM

අනේ ඇමතිතුමනි, මේ මහා බැඳුදුම්කර වංචාවේ මහා මොළකරු දන්නෙම නැද්ද? අපිට නිකම් සුදු ළුෑනු පොඩි කරන්න එන්න එපා (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Tuesday, 01 November 2016 02:51 PM

දැනට මාස ගණනක සිට රටේ මහා විශාල අවුලක් වෙලා තිබෙන ප්‍රශ්නයක්ව තිබෙන මේ ප්‍රශ්නය පිළිබඳව පරීක්ෂණයක් කර වැරදිකාරයො ඉන්නවා නම් අධිකරණයේ නඩුවක් ගොනුකරන්න කියලා පොලිස්පතිට සහ නීතිපතිට අණ කරන්න ජනාධිපතිට බැරි මොකද? දේශපාලන වේදිකා වල නම් හැමෝගෙම දේශප්‍රේමය කටින් දොරේ ගලනවා. ක්‍රියාවෙන් නම් හැමෝම හැසිරෙන්නේ බිහිරන් ලෙසයි. ඔබතුමාත් පෙරකදෝරු මහත්තයෙක්නේ. ඔබතුමාට බැරිද මෙතන වරදක් වෙලා තිබෙනවා නම් වැරදිකාරයට විරුද්ධව නඩුවක් ගොනු කරන්න (නි)

:       0       0

රමණි Tuesday, 01 November 2016 03:02 PM

එතකොට අර්ජුන් මහේන්ද්‍රන් ගැන ඔබතුමා මොකක්ද කියන්නේ? (නි)

:       0       0

සුගා Tuesday, 01 November 2016 04:09 PM

මෙයා ගැන අපි විශ්ව විද්‍යාල ඉන්න කාලේ ඉදන් දන්නවා (අ)

:       0       0

සෙනෙවි Tuesday, 01 November 2016 04:10 PM

එහෙනං මොන කෙං ගෙඩියකටද අර්ජුන බේරගන්න ඔය තරම් වලි කෑවේ ? (අ)

:       0       0

සුසන්ත Tuesday, 01 November 2016 04:35 PM

අප්පා හැබද දයාසිරි ඇමැති, ඒකද දන්නේ නෑ නේද කලින් කමිටුවේ වාර්තාව එන්න නියමිතව තියෙද්දී තකහනියේ පාර්ලිමේන්තුව විසිරෙවුවේ? මේක ගේන්න යද්දී පුළුවන් තරම් කකුලෙන් ඇද්දේ? (අ)

:       0       0

මධුසංක Wednesday, 02 November 2016 01:54 PM

අනේ අගමැතිතුමා, දැන් ඔය හැංගිමුත්තන් නැටුවා ඇති. ඔය තනතුරට සමුදී ගෙදර යන්න.පිං! අපිට තිත්තවෙලා. (නි)

:       0       0

සුසන්ත Tuesday, 01 November 2016 04:35 PM

අනේ ඔබට අමතක වුණාට අපිට මතකයි අනිත් පැත්තට පැනල ඉද්දි කියපු කතා. කටින්ද මේවා කියන්නේ? ලජ්ජා නැති කම මහමුදලි කමටත් උසයි කියන කියමන ලංකාවේ දේශපාලකයින්ට තරම් ලෝකේ කිසි කෙනෙකුට අදාල නොවේ! (අ)

:       0       0

අනිල් Tuesday, 01 November 2016 04:38 PM

ඇයි නීතිපතිට යවන්නේ? ඔවැනි වංචා හොයල නඩු දාන්න විශේෂ එෆ්.සී.අයි.ඩී තියෙද්දී, විශේෂ ජනාධිපති කොමිසමක් තියෙද්දී? ඕවට නෙවෙයිද ඒවා හැදුවේ? ආ වැරදුනා, ඒව විපක්ෂේ ඉතුරු වෙලා ඉන්න උදවියට විතරනේ නේද. (අ)

:       0       0

නිමල් රණසිංහ Tuesday, 01 November 2016 05:04 PM

ඇත්ත තමා ඉතිහාසයේ හිටපු පාලකයන්ගේ රටේ මුදල් බිලියන ගණන් හොරකම් කලත් රටේ පාලකයා අධෝ වාතයක් තරම්වත් ගණන් ගත්තේ නෑ.අද ඒක ඇස් පනා පිටම දැක ගන්න පුළුවන් පාවිච්චි කරන යාන වාහන ගෙවල් දොරවල් දැක්කම. අද කෝප් කමිටුව සක්‍රියව පවත්වාගෙන යමින් හොරුන් හෙළිදරවු කිරීම සතුටට කරුණක්.(අ)

:       0       0

ජනහිත Tuesday, 01 November 2016 05:51 PM

ඕක නීතිපතිට දාන්නේ එතන හිරකරලා තියන්නනේ. නීතිපතිගේ අවසරය නැතුව ඕකට ඇක්ෂන් ගන්න බැරි නැහැනේ. ඔය වංචාව මහා බරපතල දෙයක්. වැඩේම හැම පැත්තටම කට අරින එකමයි. ගම කනවා. එක පැත්තක ඉන්නම බැහැ නේද? (නි)

:       0       0

ලක්ෂි Tuesday, 01 November 2016 06:05 PM

අැමතිතුමා මේ ටික කිව්වේ කටින්ද කියලා සඳහන් කළොත් හරි වටිනවා අපිට. (නි)

:       0       0

අජන්ත Tuesday, 01 November 2016 06:29 PM

මෙයාලට වරදාන දෙන එක ගැන පුදුමයි අපිට (නි)

:       0       0

ලංකා Tuesday, 01 November 2016 07:02 PM

එෆ්සීඅයිඩී එකට කෙළින්ම නඩු දාන්න බලයක් නැහැ. නඩු ගොනු කරන්න පුළුවන් නීතිපතිට පමණයි. අපේ අය පරණ වාර්තාවක් ගැන කතා කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 795 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1650 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 916 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 308 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1417 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 994 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39787 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site