IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය කතානායකට?

ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් සඳහා රජයේ මන්ත‍්‍රීන් සියයට වැඩි පිරිසක් අත්සන් කැර ඇතැයි රජයට සමීප ආරංචි කියයි. අගවිනිසුරුවරියගේ ක‍්‍රියා කලාපයට එරෙහිව මේ යෝජනාව කතානායක චමල් රාජපක්‍ෂ මහතාට බාරදීමට නියමිතය. මෙවැනි යෝජනාවකට රජය අරඅදිතිය එක්සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පසුගිය දින කිහිපයේ චෝදනා කළේය. අධිකරණ විනිසුරුවරයකු ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තිය යටතේ පනවා ඇති විධිවිධාන මෙසේය. අධිකරණ ස්වාධීනත්වය 107 - (1) අග‍්‍රවිශ්චයකාරවරයා ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාවනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරවරයෙක් ද ජනරජයේ ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන යටතේ වූ අධිකාර පත‍්‍රයක් මගින් පත් කරනු ලබන්නාහ. (2) ඉහත කී සෑම විනිශ්චයකාරවරයෙක් ම යථා පැවැත්මෙන් සිටිනා තාක් ධුරය දරන්නේය. ඒ යම්කිසි  විනිශ්චයකාරවරයකු ඉවත් කිරීම සඳහා ඔප්පු වී ඇති විෂම පැවැත්ම හෝ අබලතාව හෝ පදනම් කොට ගෙන (නොපැමිණි මන්තී‍්‍රවරයන්ද ඇතුළුව) පාර්ලිමේන්තුවේ මුළු මන්තී‍්‍රවරයන් සංඛ්‍යාවෙන් බහුතර සංඛ්‍යාවක් විසින් සම්මත කරන ලද පාර්ලිමේන්තුවේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් කරන ලද නියමයකින් හැර ඒ විනිශ්චයකාවරයකු ඉවත් කළ නොහැක්කේය. එසේ වුවද එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ දැන්වීම පාර්ලිමේන්තුවේ මුළු මන්තී‍්‍රවරයන් සංඛ්‍යාවෙන් යටත් පිරිසෙයින් තුනෙන් එකක් විසින් අත්සන් තබා ඇත්නම් හා චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව පිළිබඳ සම්පුර්ණ විස්තර එහි දක්වා ඇත්නම් මිස කථානායකවරයා විසින් එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ කිසිම යෝජනා සම්මතයක් භාරගැනීම හෝ පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කිරීම හෝ නොකළ යුත්තේය. (3) ඒ යෝජනා සම්මත කිරීමේ කාර්ය පටිපාටියද ඇතුළුව එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව වූද චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව විමර්ශනය කිරීම සහා ඔප්පු කිරීම  සම්බන්ධ වූද විනිශ්චයකාරවරයාට පෞද්ගලිකවම හෝ නියෝජිතයකු මගින් හෝ පෙනී සිටීමට සහ කරුණු  දක්වා සිටීමට ඇති අයිතිය සම්බන්ධව වූ ද සියලූ කාරණා සඳහා පාර්ලිමේන්තුව විසින් නීති මගින් හෝ ස්ථාවර  නියෝග හෝ විධිවිධාන සැලැස්විය යුත්තේය.



අදහස් (0)

අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය කතානායකට?

ජානක Wednesday, 31 October 2012 04:56 AM

සමහරුන්ට කබරගොයිත් තලගොයි වෙනවා වගෙයි. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 31 October 2012 05:16 AM

මේක තමයි මේ ක්‍රමයේ තිබෙන ලොකුම වැරැද්ද. අපේ රටේ ඉන්න මිනිස්සු තමන්ම වළ කපා ගනිමින් යනවා. නීතිය බල්ලට ගියත් තමන්ට වාසියක් වෙනවා නම් එච්චරයි ඕනෑ. මෙතුමියටවත් පරක්කුවෙලා හරි ඇත්ත තේරුම් අරගෙන කෙළින් ඉඳගෙන යමක් කරන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. අහෝ අපේ විරුද්ධ පක්ෂ.....!!! (නි)

:       0       0

පාලි Wednesday, 31 October 2012 05:57 AM

ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ

:       0       0

ග්‍රිෂාණි Wednesday, 31 October 2012 07:19 AM

කවුරු හරි කියනවාද අගවිනිසුරුවරියත් එක්ක එයාලට තියෙන සමීපතම ගැටලුව මොකක්ද කියලා? (නි)

:       0       0

බුද්ධි Wednesday, 31 October 2012 01:35 PM

ඇයි රනිල්ට සපෝට් ප්‍රතිචාර විතරක් දාන්නේ.(නදී)

:       0       0

සමන් Wednesday, 31 October 2012 08:07 AM

කොට්ටෝරුවා කෙසෙල් ගහට කොටපුදාට මට්ටු වෙනවලු. (නි)

:       0       0

රිස්මි Wednesday, 31 October 2012 02:01 PM

මෝඩ චූන් .අනේ මෙහෙමත් රටක් (ස)

:       0       0

යොහාන් Wednesday, 31 October 2012 08:05 AM

ඔය අත්සන් කරපු අය අතර නඩුවට කතා කර නීතිඥවරුත් ඉන්නවද කියලා බලන්න (ස)

:       0       0

නන්දන Sunday, 04 November 2012 01:18 AM

වැරදිකරුවන්ට දේවශාපය ඒකාන්තයි. (නි)

:       0       0

බන්දුල Wednesday, 31 October 2012 08:06 AM

රඛිත, ඔයාගේ කියමනට මමත් එකගයි. (නි)

:       0       0

ෆීහාක් Sunday, 04 November 2012 01:24 AM

ජනතාව ඔබතුමිය සමගයි. ඔබට ජය! (නි)

:       0       0

විශ්ව Wednesday, 31 October 2012 08:24 AM

මට වැඩක් නැහැ

:       0       0

ජනක Wednesday, 31 October 2012 02:23 PM

ඉදිරි දැක්ම ..........................???? (ස)

:       0       0

සම්පත් Wednesday, 31 October 2012 08:30 AM

අපි අගවිනිසුවරියට ඉන්නවා

:       0       0

බණ්ඩාර Wednesday, 31 October 2012 08:36 AM

මට මොකටද

:       0       0

චන්දන Wednesday, 31 October 2012 08:47 AM

නීතිය රජුට අවශ්‍ය විදියට නැත්නම්, තමන් කැමති තීරණය ලබාගත හැකි අයකු පත්කරගන්න ඕනේ. (ස)

:       0       0

රෝලක Wednesday, 31 October 2012 08:41 AM

අපට හිතුනා උසස් පෙළ Z ගැටළුවෙදි නිවැරදි තීන්දුවක් දුන්නම ඇමතිවරුන්ට ඔබතුමියගේ දිහා බලන්න ඉන්න බැරි බව... මොකද? ඉතින් සමහරු අඩුම තරමේ උසස් පෙළත් සමත් නැති, අචාර්ය පදවි ද තිබෙන මැති ඇමතිවරු සිටින පාර්ලිමේනතුවක් නේ අපට තියෙන්නේ... (ස)

:       0       0

චතූ Wednesday, 31 October 2012 09:04 AM

ශිරානි මැතිණිය රජයට පාරාවලල්ලක් වූ වගයි............ (ස)

:       0       0

ආසිරි Wednesday, 31 October 2012 09:05 AM

මට වැඩක් නැහැ

:       0       0

තිස්ස Wednesday, 31 October 2012 09:23 AM

මට වැඩක් නැහැ

:       0       0

සමන් Wednesday, 31 October 2012 09:35 AM

මට කියන්න දෙයක් නැත

:       0       0

පාලිත Wednesday, 31 October 2012 09:36 AM

අයියෝ සල්ලි

:       0       0

ඔසන් සලාම් - දෝහා Wednesday, 31 October 2012 09:49 AM

අග්‍රවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගය ගෙනෙන්න ප්‍රථම රටේ ජනතාව ‍ඇයට විරුද්ධව ඇති චෝදනාව කුමක්දැයි දැනගතයුතු නැද්ද ? ඇයව පත්කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩ කරන්නද? නැතිනම් නීතිය ක්‍රියාත්මක කිරීමටද? ඇයි අප රටේ අධිකරණ ක්‍රමයේ හෝ අපගේ ව්‍යවස්ථාවේ මේවා පැහැදිලි මදිද ? මෙය අර "ඌ මට ගහනවා මට ඌ ගහනවා" යන විහිළු දෙබස මතක්වෙන අවස්ථාවක් නොවේද ? (නි)

:       0       0

ලංකා Wednesday, 31 October 2012 09:40 AM

අයියෝ සල්ලි

:       0       0

කසුන් Wednesday, 31 October 2012 10:03 AM

අයියෝ සල්ලි

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 30 October 2012 10:37 PM

පුදුමි එත් අත්තයි...!(නු)

:       0       0

ලසන්ත Wednesday, 31 October 2012 10:29 AM

බොහොම ලැජ්ජයි. එතුමිය හරියට රාජකාරිය කළා. මොකක්ද මේ රටට වෙන්න යන්නේ ? (නි)

:       0       0

නදීක Wednesday, 31 October 2012 10:29 AM

අයියෝ සල්ලි

:       0       0

අජිත් Wednesday, 31 October 2012 10:31 AM

මෙයාලා එක්ක බෑ මැඩම් (ස)

:       0       0

ඒකනායක Tuesday, 30 October 2012 10:29 PM

ඔය වගේ දේවල් ඉවරයක් නැද්ද, මොකද මේ රටට වෙන්න යන්නේ ? (අ)

:       0       0

රංගන Wednesday, 31 October 2012 10:34 AM

අසීමිත බලය ලැබුණහම මිනිස්සුන්ගෙ ඇස් අන්ධ වෙනවා කියන්නෙ ඕකට තමා. වැස්ස වළාහක දෙවියනේ, අපේ දේශපාලඥයින් ටික රටින් චුත කරලා දෙන්න. (නි)

:       0       0

ඒකනායක Wednesday, 31 October 2012 04:55 PM

මෙය රටේ අවශ්‍යතාවයක්ද? නැත්නම් එක කට්ටියකගේ පමණක් අවශ්‍යතාවයක්ද? (නි)

:       0       0

ලංකා Wednesday, 31 October 2012 10:47 AM

අයියෝ සල්ලි

:       0       0

නිමා Tuesday, 30 October 2012 10:43 PM

මේ දේශපාලනය රට විනාශ කරන හැටි.අපිට හරියට කාටත් එක විදියට යුක්තිය ඉටු කල මහත්මා ගුණ ඇති අගවිනුසුරුවරියට ද මෙහෙම කරන්නේ..අපිත් නිකන් ඉන්නේ නැහැ...බලමු ඊලග පාර ඔය කට්ටියටත් ගෙදර යන්න වෙයි....

:       0       0

සේනුක Wednesday, 31 October 2012 11:02 AM

මෙතන අදහස් දාල තියෙන අය ගැන සන්තෝසයි. මොකද ඇත්ත තේරෙන කට්ටියත් ඉන්නවා කියලා හිතෙනවා. එතුමිය කෙලින් වැඩ කරන නිසා දැන් කැමති නැහැ, අපේ රටට ගිය කල? (නි)

:       0       0

ආරි Wednesday, 31 October 2012 05:27 PM

කෝටුව පෙන්නලා පොඩි ළමයි බය කරනවා වගේ වැඩක් (ස)

:       0       0

ලහිරු Saturday, 03 November 2012 12:52 AM

අපිට ඉතුරු ‍වෙලා තිබුණේ අධිකරණයේ පිහිට විතරයි.දැන් ඒකත් අඩපන කරන හැඩයි (ස)

:       0       0

ෂා‍ෆාස් Saturday, 03 November 2012 12:54 AM

සුදුස්සට සුදුසු තැන නැති රටක් (ස)

:       0       0

සිල්වා තබුක් Tuesday, 30 October 2012 10:52 PM

කුමක්ද මේ වෙන්න යන්නේ..!(නු)

:       0       0

චන්දපාල Wednesday, 31 October 2012 10:56 AM

දැන් දැන් කට්ටියට තේරෙනවනේ මේ කට්ටියගේ තරම. අර අහසේ ගැවෙන ගොඩනැගිලි ටිකක ෆොටෝ ටිකකට රැවටෙන කට්ටිය තේරුම් ගත්තොත් ඇති. අපේ කට්ටිය රැවටෙන්නේ පාරට කාර්පට් දැම්මහම. සරත් ෆොන්සේකාට තීන්දු දෙනකොට අධිකරණය හොදයි. දැන් නරකයි. (නි)

:       0       0

සුජානි පීරිස් Tuesday, 30 October 2012 11:10 PM

බලාගෙනයි !අකුණු කුණාටු බොහොමයි .දෙසැමිබර් 21 ත් ළගයි . (නු)

:       0       0

වෙනුර Wednesday, 31 October 2012 05:41 PM

පාලනයේ සාඩම්බරය සනිටුහන් වුණූ වගයි. (නි)

:       0       0

කුමාර Tuesday, 30 October 2012 11:08 PM

මේක කොමඩි රටක්...!(නු)

:       0       0

ප්‍රසන්න Wednesday, 31 October 2012 11:09 AM

දෙයියෝ සාක්කි

:       0       0

වජිරා Tuesday, 30 October 2012 11:30 PM

අනේ මන්දා ඔයාලම පත්කරනවා ඔයාලම වරදින කොට එළවනවා බලය තියෙනවනේ 2/3ක් එළවමු...(නු)

:       0       0

සනත් බණ්ඩාර Tuesday, 30 October 2012 11:33 PM

විධායකට විරුද්ධවෙන හැම බලවේගයක්ම ඉවත්නොකලොත් රටේ සංවර්ධනය අඩාලවෙන නිසා ඡනාධිපති තුමා ඉතා ඉක්මනින් අගවිනිසුරු තුමිය ගෙදර යැවීමට තීරණය කිරීම ඉතා කාලෝචිත වේ..!(නු)

:       0       0

සමන් Wednesday, 31 October 2012 11:12 AM

අපිට මොකද

:       0       0

වජිරා Tuesday, 30 October 2012 11:31 PM

යුද්දෙ දිනුවනේ ඕව මොනවද?(නු)

:       0       0

රමේෂ් Wednesday, 31 October 2012 11:14 AM

කනගාටුයි

:       0       0

ලාල් Wednesday, 31 October 2012 11:16 AM

මම දන්නේ නැහැ

:       0       0

අමිලා Tuesday, 30 October 2012 11:55 PM

ශිරානි බණ්ඩාරනායක ඔයා බය නැතිව තීරණ ගන්න.. මේ අයගෙන් රට බේරාගන්න..!(නු)

:       0       0

ලසිත් Wednesday, 31 October 2012 11:18 AM

මහජනයට ඉතුරුවෙලා තියෙන්නේ අධිකරණය විතරයි...ඒකත් නැති කරන්නද හදන්නේ.. (ස)

:       0       0

දොන් පෙරේරා Tuesday, 30 October 2012 11:57 PM

මම යූකේ වල ඉන්න කෙනෙක්..මට ඇත්තටම ලැජ්ජයි ලංකාව සහ පාර්ලිමේන්තුව ගැන.. මම දන්නෙ නැහැ ලංකාවෙ අය ඇස් ඇරගෙනද ඉන්නෙ කියලා..(නු)

:       0       0

කසුනි Wednesday, 31 October 2012 11:18 AM

අයියෝ සල්ලි

:       0       0

ලසන්ත Wednesday, 31 October 2012 11:20 AM

අයියෝ සල්ලි

:       0       0

කීර්ති ඩුබායි Tuesday, 30 October 2012 11:53 PM

ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් . ජනතාවාදී තීන්දු තීරණ දෙන ඔබ තුමියට ත්‍රිවිධ රත්නයේ පිහිටයි..!(නු)

:       0       0

කීර්ති ඩුබායි Wednesday, 31 October 2012 12:07 AM

රජයක් හැටියට ලැජ්ජයි මෙවැනි කොන්ද කෙලින් තියෙන ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්න කෙනෙක්ට දෝෂාභියෝගයක් ගෙන ඒම ගැන..!(නු)

:       0       0

කීර්ති ඩුබායි Tuesday, 30 October 2012 11:57 PM

කට්ටිය හැමතැනම දිවුරලා කිව්වා නේද එහෙම දෝෂාභියෝගයක් ගැන තීරණයක් නැහැ මේක ජනතාවාදී රජයක් කියලා.. දැං මොකද කියන්නේ..?(නු)

:       0       0

කාංචන Wednesday, 31 October 2012 11:22 AM

මටනම් කනගාටුයි

:       0       0

කුෂාණි Wednesday, 31 October 2012 11:23 AM

අපේ මිනිස්සු මැරිලා ඉපදුණු අයද කියලා හිතෙනවා මේ අදහස දැක්කහම. (නි)

:       0       0

සේනානායක Wednesday, 31 October 2012 12:10 AM

කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනවානේ.. එවොගෙමයි කන්න බැරි උනාම තලගොයත් කබරගොයා වෙනවා.. ඕකයි තත්ත්වය..!(නු)

:       0       0

සේනානායක Wednesday, 31 October 2012 12:12 AM

දේශපාලනයේ පිරිහීමද මේ පෙන්නුම් කරන්නෙ..?(නු)

:       0       0

ජගත් Wednesday, 31 October 2012 12:27 AM

මේ විදියෙ දෝෂාභියෝගයක් ජනාධිපතිටත් කරන්න ඕන කොන්ද පණ තියෙන කෙනෙක් ඉන්නවානම්..!(නු)

:       0       0

ශාන්ත Wednesday, 31 October 2012 11:41 AM

ලොක්කන්ට නැමිලා රජ සැප විදිනවට වැඩිය හොදයි, කොන්ද කෙලින් තියාගෙන හිගාකනවා. (නි)

:       0       0

කොස්වත්ත Wednesday, 31 October 2012 12:33 AM

ජෙනරාල් ෆොන්සේකාට දීපු තීන්දුවට දෙන තෑග්ගක් වෙන්න ඇති මේක.!(නු)

:       0       0

මාධව Wednesday, 31 October 2012 11:34 AM

එතුමියට විරුද්ධ චෝදනාව වන්නේ යුක්තිගරුකව වැඩ කිරීමයි. (නි)

:       0       0

අමිලා Saturday, 03 November 2012 09:28 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගෙ..!(නු)

:       0       0

සුමුදු Wednesday, 31 October 2012 11:41 AM

ඕවා ඔක්කොහ ඡන්දදායකයින්ගේ වැරදි තමයි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 31 October 2012 07:23 PM

අධිකරණ විනිසුරන් මේ ඇතිවීගෙන යන බිහිසුණු තත්වය තේරුම් ගෙන, ඊළඟට පත් වෙන කෙනාත් මේ වගේ කෙලින් ඉඳලා හරියට රාජකාරි කළොත් මෙයාලට මොනවද කරන්න පුළුවන්? කණගාටුවෙන් වුණත් කියන්න වෙන්නේ මේ තත්වය ඉල්ලාගෙන ඇත්තෙත් එතුමන්ලාගේ දුරදිග නොබලා ගෙනගිය උදාසීන ක්‍රියාමාර්ගය නිසා බවයි. දැන් ඉතින් රටේ ජනයාට තැබිය හැකි එකම බලාපොරොත්තුව අධිකරණය මේවා සමබර කරන්න යම් වැඩ කොටසක් කරාවි කියන එක විතරයි. (නි)

:       0       0

ප්‍රියා Wednesday, 31 October 2012 11:41 AM

කොන්ද පණ තියෙන ප්‍රායෝගික නායකත්වයක් විපක්ෂයට නැති අඩුව තමයි මේ.......... (නි)

:       0       0

රත්නායක Wednesday, 31 October 2012 11:56 AM

ලංකාවේ සියලුම විනිසුරු කටයුතු දේශපාලකයින්ට ලබාදිය යුතුයි. (නි)

:       0       0

ලාල් Wednesday, 31 October 2012 11:47 AM

මොකද මේ වෙන්නේ? (නි)

:       0       0

වලකුලගේ Wednesday, 31 October 2012 07:30 PM

ඔබ සමග නීතියට ගරුකරන සියලු ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. (නි)

:       0       0

කුමා Wednesday, 31 October 2012 07:30 PM

මේ රටේ ඉන්න සියල්ලන්ම මෝඩයින් කියලා කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් ඒක මේ තීරණයට පස්සේ කාට කාටත් බලාගන්න පුලුවන් වේවි. (නි)

:       0       0

අනිල් ඩුබායි Wednesday, 31 October 2012 01:28 AM

හේතුව මේ අයට මේතුමිය හීලෑ නැතිකම..!(නු)

:       0       0

ලාල් Saturday, 03 November 2012 09:37 PM

අයියෝ සල්ලි

:       0       0

අශෝක රාජපක්ෂ Wednesday, 31 October 2012 01:32 AM

එතුමිය හරියට රාජකාරිය කලා.අනික ඔයපෙත්සමට අත්සන් කරපු අය දන්නෙත් නැ මොකටද අත්සන් කරන්නේ කියල ඔහේ කව්රුහරි කියන්නන් වාලේ අත්සන් කරන්න ඇති.(නු)

:       0       0

සචිනි Wednesday, 31 October 2012 01:54 AM

එතුමිය හරියට රාජකාරිය කලා. (නු)

:       0       0

දාරේ Wednesday, 31 October 2012 02:10 AM

රටේ නායකත්වය විසින් මේවගේ දේවල් ප්‍රතික්ෂේප කළ යුතුයි..!(නු)

:       0       0

ජානක Wednesday, 31 October 2012 02:01 AM

ඇගේ වරදක් නැහැ..!(නු)

:       0       0

සුනිල් Wednesday, 31 October 2012 02:24 AM

ජයවේවා

:       0       0

නිරංජන් Wednesday, 31 October 2012 12:29 PM

බුදු අම්මේ! ඇයි මේ කට්ටිය මෙච්චර බයවෙලා? එතුමිය නිවැරදි නම් ,හරිනම් ,යහපත් නම් ,මේවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

ලාල් Wednesday, 31 October 2012 02:24 AM

ජයවේවා

:       0       0

සිසිර Wednesday, 31 October 2012 03:12 AM

ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ

:       0       0

රකිත Wednesday, 31 October 2012 03:24 AM

ඕකට තමයි කියන්නෙ බල්ලොත් එක්ක නිදා ගත්තම නැගිටින්න වෙන්නෙ මැක්කොත් එක්ක කියල.(නු)

:       0       0

හේරත් Wednesday, 31 October 2012 03:28 AM

ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ

:       0       0

සාලිය Wednesday, 31 October 2012 03:36 AM

ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ

:       0       0

තරිදු Wednesday, 31 October 2012 12:32 PM

කනගාටුයි

:       0       0

නිමල් ලලිතා Wednesday, 31 October 2012 03:56 AM

විධායක බලයේ අනිසි ප්‍රතිඵල.. රටේ බුද්ධිම්ත උගතුන් සහ බුද්ධිමත් ඡන්ද දායකයන් සිටීනම් මේවගේ ඒකාධිපති වැඩවලට අත් උස්සන මන්ත්‍රීන් සහ ඒකාධිපතිවාදීන් පළවා හැරීමට ඉදිරි මැතිවරණවලදී කතිරයෙන් පිළිතුරු දිය යුතුයි..!(නු)

:       0       0

අචිනි Wednesday, 31 October 2012 12:45 PM

අයියෝ සල්ලි

:       0       0

කසුන් චාමර Wednesday, 31 October 2012 04:13 AM

නියමයි අපි ඉගෙන ගත්ත කට්ටියව ලංකාවෙන් තුරන් කරමු.. කරදර වැඩියි මේ අය හිටියොත්..!(නු)

:       0       0

ලසන්ත Wednesday, 31 October 2012 04:48 AM

ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 234 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1138 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2339 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1381 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1617 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1798 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39578 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site