
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව අගුලාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 3 පමණ දුරකදි අනතුරට පත් වූ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් p- 4447 ඩෝරා යාත්‍රාවේ සිට අතුරුදන් වූ නාවිකයාගේ මළ සිරුර දින 20 කට පසු අද හමු වූ බව වරාය පොලිසිය සඳහන්කරයි.
මෙලෙස මියගොස් තිබුණේ අනතුරට පත් යාත්‍රාවේ දෙවන අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටි බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේ පදිංචිව සිටි ලුතිනන් උදයප්‍රිය 26 මහතායි.
නාවිකයන් දොළොස් දෙනකුගෙන් යුත් පිරිසක් මුර සංචාරයක් නිමවා නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර ඉකුත් 15 වෙනිදින සිදු වී තිබිණි.
අනතුරට පත් යාත්‍රාවේ සිටි නාවිකයන් 12 දෙනාගෙන් 11 දෙනකු ආරක්ෂිත කබා සහිතව දියමත පාවෙමින් සිටියදී අනතුර සැළවීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ අඟුලාන පොලිසිය, නාවික හමුදාව මෙන්ම ගුවන් හමුදාවත් වහාම සිය මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඔවුන් මුදාගෙන රෝහල් ගත කර තිබිණි.
එම ප්‍රහරක යාත්‍රාවේ සිටි අතුරුදහන් වූ නාවිකයා සොයා එදින සිට සිට ගුවන් හමුදාවේ එම්.අයි. 17 හෙලිකොප්ටර් යානයක් සහ බෙල් 412 යානයක්ද යොදා ගනිමින් මෙහෙයුමක් ආරම්භ කළ ද සොයා ගැනීමට නොහැකි විය.
අනතුරුව අනතුරට පත් යාත්‍රාව කොළඹ වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව විසින් කටයුතු කළ අතර වැල්ලවත්ත ප්‍රදේශයේදී එහි වැකුම් අක්‍රිය වී අඩි 75 කට ආසන්න ප්‍රමාණයක් මුහුදු බත් වු බව පොලිසිය කියයි.
නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් නැව අභ්‍යන්තරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අතුරුදන් නාවිකයාගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වී තිබිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයෙන් පසු මනා පුහුණුවක් නැතිකමේ පෙති ඵල තමයි මේ අත්විඳින්නේ. දක්ෂ නිලධාරීන් සේවය හැර යනවා. අපි සේවය කරන කාලේ මුහුදේ ඇති rock , hazard අපට හොඳට හුරු වෙලා තිබ්බේ. ඇස් පියාන අපට යන්න පුළුවන්. ඒ තරමට අපි මුහුද ගැන දැනගත්තා. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අපට ඉගැන්නුවා. දැන් ඉන්න නිලධාරීන් Phone තමයි වැඩ වැඩ කරන්නේ . හැබැයි උපාධි, පහ හය තියෙනවා. ප්‍රායෝගික අත්දැකීම් නැහැ. ඔය යාත්තාව කෝටි ගානක් වටින යාත්‍රාවක්. යුද සමයේ ගොඩක් උපකාරි වුණා මෙම යාත්‍රාව. නිසි සැලකීමක් නැති නිලධාරින් අවුරුදු 20 යුද්ධෙන් පසුවව ගියා. ඒකෙ පෙතිඵල තමයි ඔය අත්විඳින්නේ
මියගිය නාවිකයා ආරක්ෂක කබා පැළඳ සිටියේ නැද්ද? සුළු නොසැලකිල්ලක් හෝ අතපසුවීමක් මහා විනාශයකට මග පාදන්න ගත වන්නේ සුළු කාලයකි. අපරාදේ රටකට වටිනා ජීවිතයක්. ඔහුට නිවන් සුව පතමි.