(රන්ජන් කස්තුරි සහ තිලකරත්න දිසානායක)
සමෘද්ධි ලාභි පවුල්වලට සහ අඩු ආදායම් ලාභී පවුල්වලට රුපියල් 5000ක දීමනාවක් ලාබදිමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
අලුත් අවුරුද්ද නිමිත්තෙන් මෙම දීමනාව ලබා දෙන බවත් අලුත් අවුරුද්ධට ප්‍රථම මෙම මුදල ලබාදීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා කියයි.
කොරෝනා තත්ත්වය මත රටේ ජනතාව පත්ව සිටින අපහසුතාවය තේරුම් ගනිමින් මෙම තීරණය ගනු ලැබූ බව සදහන් කළ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා අද දහවල් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය
මෙ යටතේ සමෘද්ධිලාභී පවුල් 17,00000 ක්, සමෘද්ධි පොරොත්තු ලේඛනයේ 7,80,000 ක්, අභියාචනා පවුල් 7,26,000 ක් , වැඩි හිටි දීමනා ලබන 6,26,000 ක් , ආබාධිත 1,23,000 ක් , වකුගඩු රෝගීන් 44,400 ක් යටතේ ලක්ෂ 40 කට සහ ග්‍රාමීය කමිටු හා ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ නිර්දේශ අනුව ජීවනෝපාය අහිමි පිරිස් සදහා මෙම දීමනාව ලබා දෙන බවද පැවැසීය.
යල කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් මුළුමනින්ම මුදල් වෙන් කර තිබෙන නමුත් එහි යම් ප්‍රමාදයක් සිදු වුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය ලේඛන සක
ශ්රී ලංකා රජයේ නියෝජිතයා ලෙස වතිකානයට ගිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අද අවසන් ගෞරව දැක්වීය.
වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් හතර උතුරු පළාත් සභාවේ සහ රජයයේ මුලිකත්වය යටතේ සැලසුමකට අනූව සංවර්ධනය කර ගුණාත්මක සෞ
ශ්රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අඩු ආදායම් ලාභීන්ට ආණ්ඩුවෙන් බෝනස්
mihira Saturday, 10 April 2021 06:21 AM
ඔය දෙන්නේ පළාත් සභා... අහුවෙයල්ලා ඉතින්...
nalin Saturday, 10 April 2021 09:49 AM
මෙයා හැමදාම කියනව විතරයි වැඩ කරන්නෙ නෑ... කොහොමත් රාජසන්තක වෙන හින්ද ඕකුන් මරාගන මැරෙන්න කලින් ඒ දේපොල වෙන වෙන අයට පවරල තිබුන මම දැකපු විදියට ... පුලුවන් නම් එහෙම පවරපු දේපොල මොකක් හරි ක්‍රමයකට රජයට පවරගෙන පාස්කු ප්‍රහාරයෙන් අසරණ වුණ පවුල් වලට බෙදල දුන්නනම් තමයි හරි ... මේ වැඩේ වත් හරියට කරයිද කියල සැකයි ...
Nihal Saturday, 10 April 2021 10:32 AM
ඡන්දයක් අත ළඟ...
කුමාර Saturday, 10 April 2021 10:51 AM
කාලයේ හැටියට මෙන්ම අපේ රටේ හැටියට මෙය ඉතා හොඳ දෙයක්..... කිසිම දෙයක හොඳක් නොදකින අයත් ඉන්නවා. එයාලට නම් මෙය වේදනාව ගෙන දෙන්නක් වේවි.
sampath Saturday, 10 April 2021 10:55 AM
මේක ඒ මිනිස්සුන්ට මහමෙරක්. ඇත්තටම හොඳ වැඩක් අරමුණ කුමක් වුණත් බැරි මනුස්සයාට රුපියලත් වටිනවා. අනෙක හැමෝම කැමැතියි අවුරුද්ද දවසට හරි වේලක් හොඳට කාලා ඉන්න. ලබන අවුරුද්දේ මේක 10000ක් කරලා දෙන්න සමෘධි බැංකුවල කෝටි ගාණක් තියෙනවා. ඒවගේ පොලිය ප්‍රතිලාභීන් අතර බෙදන්න රක්ෂණ ක්‍රමයකුත් හදන්න.
Perera Saturday, 10 April 2021 11:51 AM
මෝඩයින්ට සීනිබෝල හරකුන්ට පුන්නක්කු...
Hafeel Saturday, 10 April 2021 02:15 PM
මේක විතරයි දැන් අඩු. ගොවීන්ට නොමිලේ පොහොර දුන්නත් නැහැ, සිංහරාජ ඇතුළු වන විනාශ කළා, වස පොල්තෙල් ගෙනාවා.
sunanda Saturday, 10 April 2021 03:33 PM
පොහොසතා තවත් පොහොසත් කරන ආර්ථිකයක් තියෙන රටක, පහලම ආදායම් ලාභී ස්ථරයේ සිටින අයට දීමනාවක් ලබා දීම හොඳ දෙයක්. පවතින ජීවන වියදම අනුව ඇත්ත වශයෙන්ම මෙය රුපියල් 10,000 වත් විය යුතුයි.
Kumara Saturday, 10 April 2021 07:38 PM
ඉතා හොද දෙයක්
Weerasena Saturday, 10 April 2021 11:05 PM
වකුගඩු රෝගීන් 44,000ක්. බලන්න අපේ රටේ හඳුනා නොගත් වකුගඩු රෝගීන් කොච්චර නම් ඉන්නවද. මේ මිනිස්සුන්ට දීමනා දෙනවා වගේම ඒ ප්‍රදේශ වල මිනිස්සුන්ට බොන්න වතුර දෙන්න ක්‍රමේකුත් හැදුවා නම් නේද හොඳ. කැලෑ කැපිල්ල වගේම මිනිස්සුන්ගේ අවධානයට පත් වෙන්න ඕනෙ ප්‍රශ්නයක් මේක. ලංකාදීප මාධ්‍ය මෙහෙවර විසින් මේ ප්‍රශ්ණය සොයා මිනිස්සු දැනුවත් කරන්නේ නම් ගොඩක් පින්.
Rata Perata Sunday, 11 April 2021 07:03 AM
පාලකයෝ සහ උන්ගේ සහචරයෝ කෝටි ගණන් ගහන ගමන්, අපේ සල්ලි වලින් කෝටි ගණන් වල වාහන වල යන ගමන් රුපියල් 10000 ක් දෙනවා කිව්වා එකට චූන් වෙන කොටසකුත් ඉන්නවා... මිනිස්සු මේ සොච්චමට රැවටෙන්නේ නැතිව... තමන්ට හිමි නියම ජිවන තත්වය ලබාගන්න සටන් කරමු... අනිත් එක අවුරුද්දෙන් පස්සේ මේවා වමාරන්න වෙන බවත් මතක තියාගන්න අපේ රටේ ආර්ථීකය එච්චරටම බංකොලොත් කරලා තියෙන්නේ මේ හොර රැළ